ඕස්ට්‍රේලියාවේ ඉඩම් ගන්න විදුලි මාෆියාව නොරච්චෝලේ වැසියන්ගේත් පරිසරයේත් මරණ වරෙන්තුව ලියමින් ඉන්නවා.   කීර්ති තෙන්නකෝන් නොරච්චෝලේ පරිසර විනාශය ගැන ප්‍රදේශවාසීන් සමග කියයි

නොරෙච්චෝලේ පටන්ගත්තේ අඩියෙන් අඩිය හමුදාව දාල මළ මිනියක්, තුවාලකරු වා ඉස්පිරිතාලවල පුරුවලා. 
.  අදත් මෙතන පොලිස් ඔත්තුකරුවෝ දුසිමක් විතර ඉන්නවා.  පොලිස් රාජ්‍යයක්, නාවික හමුදා රාජ්‍යයක් එක්ක නොරෙච්චෝලේ බලාගාරය අද ලංකාවේ විශාලම පරිසර විනාශය කරනවා.  පරිසර බලපත්‍ර‍යක් නැතිව බලාගාරයක් කරනවා.  ජන ජීවිතය විනාශයෙන් විනාශයට ගෙනගොස් තිබෙනවා. දැන් තවත් ගල් අගුරු විදුලි බලාගාරයක් හදන්න යෝජනා කරනවා.  විදුලි මාෆියාවට අවශ්‍ය ‘ජනතාවගේ මිනී මතින්, විදුලි ඒකකයකින් රු. 10 බැගින් හොරකං කරලා හරි ඕස්ට්‍රේලියාවේ – එංගලන්තයේ දේපල ගැනීම මිසක් රට දිනවීම නොවේ යැයි කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය. 

නෙරෙච්චෝලේ විදුලි බලාගාරය අසල දී ප්‍රදේශවාසී ජනතාව සමග පැවති සාකච්ඡාවක දී කථා කළ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසූවේ ‘නෙරොච්චෝලේ වැසියන්ට නොමිලේ විදුලිය දෙනවා කිව්වා.  කෘෂිකර්මාන්තයට අඩුමුදලට විදුලිය දෙනවා කිව්වා. ඒ කිසිවක් ලැබුණේ නැතත් දැන් මාස 10 ක් දුම, අගුරු, හා විෂ දිනපතා නිකුත් කරනවා. කිසිදු පරිසර ආරක්ෂණයක් නෑ.  අද ගල් අගුරු ගොඩට බවුසර් ලදා වතුර ගහනවා.  මෙච්චර කල් කළේ මහ මුහුදට අලු, හලපු එක.  තත්වයෙන් බාල ගල් අගුරු ගෙනල්ලා දැන් සිමෙන්ති හදන්නවත් මේ අලු ගන්නේ නෑ. 

විදුලි මාෆියාව ලංකාවේ දුෂිතම රාජ්‍ය ව්‍යාපාරයි.  ජනාධිපතිගේ පක්ෂයේ විදුලි අමාත්‍යාංශය තියෙනවා. පරිසර අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ.  ලංකාවේ හැම දුෂණයක් ගැනම කථා කරන ජනාධිපතිවරයා හා විදුලි බල ඇමතිවරු විදුලිබල මණ්ඩලයේ දුෂණ ගැන කථා කරන්නේ නෑ.  රු. 18 ට සූර්ය බලශක්තිය මිලදී ගන්නේ නැති විදුලිබල මණ්ඩලය රු. 28 ට ඩීසල් මාෆියාවෙන් විදුලිය මිල දී ගන්නවා. දේශපාලඥයින් ඡන්ද කරන්නෙත් දුෂිත ලේකම්වරු, සාමාන්‍යාධිකාරිවරු ප්‍රකෝටිපතියන් බවට පත් කරන්න විදුලි මාෆියාව කටයුතු කරනවා යැයි ද පැවසීය.

නොරච්චෝලේ ගම්මාන 5ක  දෙසීයකට වැඩි පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගවී සිටි අතර පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරීන් ද මෙම වඅවස්ථාවට එක් විය.  ඔවුන් පැවසූවේ 2018 ජනවාරි 28 දින අධිකරණය හමුවේ අතිකර ගත් එකගතාවයන් 27 න් එකක්වත් මේ දක්වාම ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය කටයුතු කර නොමැති බවයි.

ජනතාවගේ ඉල්ලීම මත පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමත්‍ය පාලිත රංග බණ්ඩාර මහතා ද පසුව මෙම ස්ථානයට පැමිණියේ ය. 

පසුගිය සමයේ නොරච්චෝලේ පරිසර ප්‍ර‍ශ්නයන්ට ලබා දුන් විසදුම් කිසිවක් මේ වන විට ක්‍රියාත්මක නොවන බව තමා ද පිළිගන්නා බව ප්‍ර‍කාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දුරකථනයෙන් කථා කොට මෙම ප්‍ර‍ශ්නය විසදීම සදහා ජනතාව සමග සාකච්ඡා කර ක්‍රියාමාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බව ද පවසීය. ඒ අනුව, මැයි 31 දින නොරච්චෝලේ දී ප්‍රදේශවාසීන්ගේ ද සහභාගීත්වයෙන් සියළු පාර්ශවයන් සමග එක්වී සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය විය. 

????????????????????????????????????
????????????????????????????????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *