22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

බැඳුම්කර මූල්‍ය වංචාවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ මූල්‍ය ආයතන මගින් මුදල් ලබාගත් පුද්ගලයින් 118 දෙනෙකුගේ නාම ලේඛනයක් අන්තර්ජාලයේත්, සමාජ මාධ්‍ය හා මුහුණු පොතෙත් මුදාහැර තිබේ.

එහි නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වන මගේ නමද, මගේ නමද ඇතුළත් කර ඇති මෙම ව්‍යාජ කූට නාමලේඛනය පිළිබඳව විධිමත් කඩිනම් පරීක්ෂණයක් පවත්වා මෙවැනි ව්‍යාජ කූට ප්‍රවෘත්ති අන්තර්ජාලයට මුදාහරින්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද පෙරවරුවේ (2018-ජුනි-04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ අංශයට පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ලිඛිතව පැමිණිල්ලක් භාරදී ඇත.

නිශාන්ත වර්ණසිංහ මහතා ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායකවරයා ලෙසත්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් කොළඹ දිස්ත්‍රික්කයේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙසත් දුසණ විරෝධී පෙරමුණේ උපදේශකවරයා ලෙසත් කටයුතු කරන අතර බැඳුම්කර වංචාවට අදාළ පුද්ගලයින්ට හා ආයතන වලට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය නිරන්තරයෙන්ම පෙන්වා දුන් මහජන නියෝජිතයෙකි.  

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz