22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අමිත් වීරසිංහට බන්ධාගාරය තුළ පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.

පසුගිය දා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී ඇති වූ මුස්ලිම් විරෝධී කෝලහාල සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අනුරාධපුර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින මහසොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට බන්ධනගාර රෝහලේ දී රෝහල් නිලධාරියෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇත.

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ඖෂධ කවුන්ටරය වෙත ගිය අවස්ථාවේ දී ඖෂධ සංයෝජක සමග ඇති වූ බහින් බස්වීමකින් පසු අමිත් වීරසිංහට මෙම පහරදීම සිදුකර ඇත.

බන්ධනාගාර රැඳවියෙකුට එහි නිලධාරියෙකු පහරදීම බරපතල වරදකි. විශේෂයෙන්ම රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ දී මෙවැනි පහරදීමක සිදුකිරීම රැඳවියාගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. මෙය පැහැදිලිව හෙළා දැකිය යුතු සිදුවිමක් වන අතර මේ පිළිබඳ රැඳවියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ හඩනඟන සංවිධාන, මානව හිමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, නොදැක්කා සේ අහක බලාගෙන සිටින්නේ අමිත් වීරසිංහ සිංහල බෞද්ධයින් වෙනුවෙන් හඩනැගීම හා සංවිධානයවීම නිසාද යන ප්‍රශ්නය පැනගී. දෙමළ රැඳවියෙකුට මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ නම් ඒ වෙනුවෙන් හඩ නඟන්නට උද්ඝෝෂණ කරන්නට හා ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීමට පෙරට එන අය බොහෝය.

අමිත්ගේ මත අදහස් ක්‍රියාකාරකම් අනුමත නොකළ ද, රැඳවියෙක් ලෙස ඔහුට හිමි හිමිකම් උදුරා ගැනීමට ඉඩදිය යුතු නොවේ. මෙම පහරදීම පිළිකුලෙන් හෙළා දකින අතර මෙම සිද්ධියට සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම නිළධාරින්ට එරෙහිව පියවර ගත යුතුය. රැඳවියෙක් ලෙස අමිත් වීරසිංහගේ ආරක්ෂාවන් රැඳවියෙක් ලෙස ඔහුට හිමි අයිතින් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස බලධාරින්ට බලකර සිටිමු.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz