දුෂ්කර කාලවලදී සිය සේවකයින් ආරක්ෂා කිරීමට 99x පියවර ගනී

මෙවැනි පෙර නොවූ විරූ කාලවලදී සිය සේවකයින්ට උපකාර කිරීම සඳහා වන සිය
කැපවීම නැවතත් අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක්
වන 99x සිය සේවකයින්ගේ මූල්‍ය හා මානසික යහපැවැත්ම ආරක්ෂා කරමින් ව්‍යාපාරික
අඛණ්ඩතාව සහතික කිරීම සඳහා වැදගත් ක‍්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. මෙම වැදගත්
පියවරවල් මගින් 99x සේවකයින්ට තම ගෝලීය ගනුදෙනුකරුවන් සඳහා දුෂ්කර
කාලවලදී ඉහළම මට්ටමේ සේවාවක් ලබා දීමට හැකි වී තිබේ.
රට තුළ පවතින අභියෝගාත්මක වාතාවරණය මධ්‍යයේ වුවද 99x හි කණ්ඩායම්
ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ඩිජිටල් අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා සිය
ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්නුම් කරමින් ශක්තිමත්ව හා උනන්දුවෙන්
කටයුතු කරයි. BUS, Driv Kapital, SuperOffice, Parkly, Lettbutikk සහ Culture Intelligence ඇතුළු
ප‍්‍රමුඛ පෙළේ Nordic තාක්ෂණික සමාගම්වල ප‍්‍රධාන සාමාජිකයින් විවිධ අභියෝග
මධ්‍යයේ වුවද උසස් තත්වයේ සේවාවන් ලබා දීමට 99x සාමාජිකයින් දක්වන කැපවීම,
දැඩි උනන්දුව හා ඔරොත්තු දීමේ හැකියාව ප‍්‍රශංසාවට ලක් කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් BUS AS නිෂ්පාදන සංවර්ධන අංශයේ ප‍්‍රධානී ලෝරෙන්
හොයිවික් මහත්මිය පැවසුවේ ‘’BUS වසර 10 කට වැඩි කාලයක් 99x සමඟ කටයුතු කර
තිබෙනවා. එනිසා අපට සැමවිටම ශක්තිමත් හා විශ්වාසනීය සේවාවන් සඳහා මෙම
කණ්ඩායම මත විශ්වාසය තැබිය හැකියි. අභියෝග රැසක් මධ්‍යයේ වුවද ඔවුන්ගේ මෙම
උත්සාහය වෙනස් වී නැහැ. ඔවුන් ඔරොත්තු දිය හැකි, සුබවාදී සහ අපගේ සේවාවන්
පිළිබඳ දැන ගැනීමට සැමවිටම උනන්දු වන කණ්ඩායමක්. ඔවුන් වෙහෙස මහන්සි වී
වැඩ කටයුතු කරන අතර අපගේ සේවාවන් වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය වූ විට
ඒවා ගුණාත්මකභාවයෙන් යුතු බෙදා හැරීම කෙරෙහි ඔවුන් සෑම විටම අවධානය යොමු
කරනවා. 99x හි අපගේ සගයන් ඉලක්ක සපුරාලීමටත් ඉන් ඔබ්බට ගිය සේවාවක්
පාරිභෝගිකයින්ට ලබා දීමටත් අතිශයින් කැපවී සිටින අතරම ධනාත්මකව සහ
ශක්තිමත්ව ඉදිරියට තම සේවාවන් සැපයීමට කටයුතු කරමින් සිටිනවා.” යනුවෙනි.
Driv Kapital හි සම-නිර්මාතෘ සහ 99x හි ආයෝජකයෙකු වන ෆ්‍රෙඞ්රික් බයිස්වීන් මහතා
පැවසුවේ, ” 99x සමඟ වැඩ කිරීම සැමවිටම පෞද්ගලික සහ වෘත්තීය මට්ටමින් අපූරු
අත්දැකීමක්. ශ‍්‍රී ලංකාවේ මේ වන පවතින්නේ දුෂ්කර කාලයක් වුවත් ව්‍යාපාරික
අඛණ්ඩතාව සහතික කිරීම සඳහා ක‍්‍රියාත්මක වන සැලසුම් පිළිබඳව මට සම්පූර්ණ
විශ්වාසයක් තිබෙනවා. 99x ණ්ඩායමේ ඇති ඔරොත්තු දීමේ හැකියාව සහ සියලූ දේ
පිළිබඳව අවධානය යොමු කර ඇති බව සහතික කිරීම සඳහා අපගේ ගනුදෙනුකරුවන්
කෙරෙහි ඔවුන්ගේ කැපවීම ගැන මා ඉතා සතුටට පත්වෙනවා. 99x හි කැපවීම සහ
අපගේ ගනුදෙනුකරුවන්ට ඉහළම මට්ටමේ සේවාවක් සැපයීමේ හැකියාව ආදිය අප 99x
හි ආයෝජනය කිරීමට ප‍්‍රධාන සාධකයක් වුනා. අපට ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක්
නෑ.’’ යනුවෙනි.
සේවකයින්ගෙන් මෙවැනි දැඩි උනන්දුවක් සහ කැපවීමක් සහතික කිරීම සඳහා 99x
විසින් දියත් කල ප‍්‍රධාන මුලපිරීම් වලින් එකක් ලෙස ජීවන වියදම් දීමනා යෝජනා
ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. ඉහළ යන ජීවන වියදම මැනවින් පිළිබිඹු වන පරිදි සියලූම
සේවකයින්ගේ වැටුප් වැඩි වීම් හා වැටුප් සංශෝධනයන් මෙන්ම දීමනා මට්ටම් සහිත

99x හි සිටින සියලූම සේවකයින්ට ඉතා හොඳ වැටුප් පැකේජයක් ලැබෙනු ඇත. ආර්ථික
ස්ථාවරත්වය සහතික කිරීම හරහා සමාගමට සේවකයින් රඳවා තබා ගැනීමටත්,
ඔවුන්ගේ ඵලදායිතාව සහ තෘප්තිය වැඩි දියුණු කිරීමටත් මෙම දුෂ්කර කාලවලදී බුද්ධි
ගලනය අඩු කිරීමටත් හේතු වන බව 99x විශ්වාස කරයි.
මීට අමතරව 99x එහි සේවකයින්ට ඔවුන්ගේ ශරීර සුවතාවය ශක්තිමත් කිරීම සඳහා
සෞඛ්‍ය උපදේශන පහසුකම් සැපයීමට oDoc සහ InReach Global ඇතුළු වෛද්‍ය උපදේශන
සේවා සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම වැඩසටහන් Xians හට ඔවුන්ගේ දුක්ඛිත
තත්වයන් සමනය කිරීමට සහ උපදේශකයින් සමඟ තොරතුරු බෙදා හදා ගැනීමට
අවස්ථාව ලබා දෙන අතර ඒ හරහා ශ‍්‍රම බලකායේ මානසික ශක්තිය ගොඩනැගීමට,
ඵලදායිතාව වැඩි දියුණු කිරීමට සහ පුද්ගලයින්ට සහ සේවා ස්ථානය සඳහා ඔවුන්ගේ
දැඩි උද්යෝගය පවත්වා ගැනීමට උපකාරී වේ.
”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගමක් ලෙස වසර ගණනාවක් පුරා අප
ලබා ඇති වර්ධනය සැමවිටම අපගේ සේවක ප‍්‍රජාවගේ වර්ධනයට සමානයි. අපි මෙහි
සිටින්නේ ඔවුන්ගේ කැපවීම නිසා. මෙවැනි අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයක අපගේ
සේවකයින්ට උපකාර කිරීම කෙරෙහි අප අවධානය යොමු කළේ ඒ නිසයි. වගකිවයුතු
ආයතනයක් ලෙස ඉහළ යන ජීවන වියදමට පෙන්නුම් කිරීමට වැටුප් හා දිරි දීමනා
ඉහළ දැමීමට අපි පියවර ගෙන තිබෙන අතරම අපගේ සාමාජිකයින්ට ශක්තියක් වෙමින්
ඔවුන්ගේ කායික මානසික යහපැවැත්ම නගා සිටුවීමට කටයුතු කරනවා.’’ යනුවෙන් 99x
හි සම-නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් මහතා ප‍්‍රකාශ කළේය.
තාක්ෂණික වෙනස්වීම් සහ ගෝලීයකරණය යන ද්විත්ව බලවේග විවිධාකාරයට හා
ඉතා තීරණාත්මක ආකාරයන්ට අනුව ගෝලීය ආර්ථිකය ප‍්‍රතිනිර්මාණය කරමින් සිටින
බැවින් ඒවායේ ප‍්‍රතිඵල ශ‍්‍රම වෙලඳපොලවලට හොඳින් දැනේ. 99x දියුණු ආර්ථිකයන්හි
විකාශනය වන සේවක අවශ්‍යතා ගැන සොයාබලා ඒවා සපුරාලීම වෙනුවෙන් සැලකිය
යුතු අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වේ.
තවද ඔවුන්ගේ ශ‍්‍රම බලකායේ දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා 99x විසින්
කුසලතා සංවර්ධන වැඩසටහන් කිහිපයක් ද හඳුන්වා දී ඇත. මෙම වැඩසටහන් ආරම්භ
කර ඇත්තේ ඔවුන්ගේ වපසරියට සීමා නොවී නායකයින් නිර්මාණය කිරීමට සහ සෑම
තරාතිරමකම පුද්ගලයින් පිළිගැනීමට ලක්වන වැඩ සංස්කෘතියක් වැළඳ ගැනීමටත්,
එමඟින් ඔවුන්ට නවීන තාක්ෂණයෙන් යුත් ගෝලීය වශයෙන් පිළිගත් සමාගමක සේවය
කිරීමට සියලූ අවස්ථාවන් ලබා දීමටත් ය. මෙවැනි වැඩපිිළිවෙලවල් නිසා රැකියාවේදී
සේවකයින් වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට නැඹුරු වන අතර වඩා උසස් තත්වයේ
සේවා සංස්කෘතියක් ඇති කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *