MAS හි නවෝත්පාදන අංශය වන Twinery, Fast Company හි නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන 100 හි ලැයිස්තුවේ 18 වැනි ස්ථානයට ශ්‍රේණිගත වෙයි

Microsoft, T-Mobile, Adobe, PayPal සහ තවත් දැවැන්තයින් අතරට එක් වෙයි

සෑම මට්ටමකම නවෝත්පාදන දිරිගැන්වීම සඳහා නොසැලෙන අධිෂ්ඨානයක් හා
කැපවීමක් පෙන්නුම් කරන සංවිධාන සහ ව්‍යාපාර ඇගයීමේ අරමුණින් Fast Company සිය
සඟරාවේ සිව්වන වාර්ෂික නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන 100
ලැයිස්තුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළ අතර එහිදී MAS හි නවෝත්පාදන අංශය වන
Twinery සිය ජාත්‍යන්තර තලයේ නව්‍ය සේවා සංස්කෘතිය සහ සාමාජිකයින් උදෙසා එම
ලැයිස්තුවේ 18 වන ස්ථානයට ශ්‍රේණිගත වීම විශේෂයෙන් කැපී පෙනිණි.
පරිගණක විද්‍යාව, ජෛව තාක්ෂණය, පාරිභෝගික ඇසුරුම් කළ භාණ්ඩ, ලාභ නොලබන,
අධ්‍යාපනය, මූල්‍ය සේවා, සයිබර් ආරක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විවිධත්වය,
තිරසාරභාවය, B2B සහ පාරිභෝගික නිෂ්පාදන සහ සේවා ඇතුළු විවිධ ක්ෂේත‍්‍ර අතරින්
Accenture සමඟ එක්ව තෝරා ගනු ලබන නවෝත්පාදකයින් සඳහා වන 2022 විශිෂ්ටතම
සේවා ස්ථාන ලැයිස්තුව සඳහා ජයග‍්‍රාහකයින් ශ්‍රේණිගත කරනු ලබයි. Fast Company හි
සංස්කාරකවරුන් සහ Accenture හි පර්යේෂකයන් අයදුම්පත් 1,500කට ආසන්න
ප‍්‍රමාණයක් ලබා ගැනීමට එක්ව කටයුතු කළ අතර කීර්තිමත් විනිශ්චයකරුවන් අට
දෙනෙකුගෙන් යුත් විනිසුරු මණ්ඩලයක් විසින් විශිෂ්ටතම සමාගම් 100 තෝරා ගන්නා
ලදී. 2022 සම්මාන සඳහා ලොව පුරා ඇති විවිධ රැකියා ස්ථාන ඇගයීමට ලක් කරයි.
‘’Fast Company සඟරාව මගින් අපව ඇගයීමට ලක් වීම ගැන අපි සතුටු වෙනවා.
මෙමගින් අපගේ කණ්ඩායමේ විශිෂ්ට හැකියාවන් ඉස්මතු වනවා පමණක් නොව,
සහයෝගීතාවය සහ යටිතල පහසුකම් සවිබල ගැන්වීම තුළින් ඕනෑම තැනක
පෙරළිකාර නවෝත්පාදනයන් සිදු විය හැකි බව ද අවධාරණය කරනවා.’’ යනුවෙන් මෙම
ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Twinery හි ප‍්‍රධාන නවෝත්පාදන නිලධාරී රනිල්
විතාරණ මහතා පැවසුවේය.
Twinery හි මානව සම්පත් කළමනාකරණ ප‍්‍රධානී දිනේලි ජයසේකර මහත්මිය පැවසුවේ,
Fast Company සඟරාව වෙතින් අප පිළිගැනීමට ලක්වීම වෘත්තීය මට්ටමින් පමණක් නොව
පුද්ගලිකව ද අප කටයුතු කරන ආකාරය සහ අපගේ දක්ෂතා වර්ධනය කරගැනීම
සඳහා සුදුසු සේවා පරිසරයක් ඇති කිරීමට අප ගන්නා උත්සාහය හා කැපවීම අගය
කිරීමක් ලෙස සඳහන් කළ හැකියි. ඉදිරියටත් අපගේ කටයුතු කරගෙන යාමට එය අපට
ශක්තියක් වෙනවා.’’ යනුවෙනි.
”මෙම වසරේ නවෝත්පාදකයින් සඳහා වූ විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව
තෝරාපත්කර ගැනීමේදී නිර්මාණශීලී නවෝත්පාදනයන් සිදුකිරීම සඳහා ඉහළින්ම
කැපවන ආයතන හඳුනාගත්තා.’’ යනුවෙන් Fast Company හි ප‍්‍රධාන කර්තෘ බ්‍රෙන්ඩන්
වෝන් මහතා පැවසුවේය. ‘’සියලූ බාධාවන් හමුවේ නොසැලී මෙම ප‍්‍රමුඛ පෙළේ සමාගම්
හා කණ්ඩායම් නවෝත්පාදනයන් අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.’’ යනුවෙන් ඔහු
වැඩිදුරටත් පැවසුවේය.

https://www.fastcompany.com/best-workplaces-for-innovators/list ඔස්සේ සම්පූර්ණ ලැයිස්තුව
සඳහා යොමුවන්න.
Fast Company හි නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන ලැයිස්තුව ඇතුලත්
කලාපය (සැප්තැම්බර් 2022) දැන් අන්තර්ජාලය මගින් ලබා ගත හැකි අතර මුද්‍රිත
කලාපය 2022 අගෝස්තු 16 වන දින සිට පුවත්පත් වල පල වීමට නියමිතය.

FCBestWorkplaces භාවිත කර නවෝත්පාදකයින් සඳහා විශිෂ්ටතම සේවා ස්ථාන වන

Fast Company පිළිබඳව
Fast Company යනු ව්‍යාපාර, නවෝත්පාදන සහ සැලසුම් යන වැදගත් ක්ෂේත‍්‍ර සඳහා
සම්පූර්ණයෙන්ම කැප වූ එකම මාධ්‍ය ආයතනය වන අතර ව්‍යාපාරයේ අනාගතය
පිළිබඳව වඩාත් ඒ සඳහා ප‍්‍රබල නායකයින්, සමාගම් සහ චින්තකයින් සම්බන්ධ කර
ගනී. නිව්යෝර්ක් නගරයේ Fast Company මූලස්ථානය Mansueto Ventures LLC විසින්
ප‍්‍රකාශයට පත් කරනු ලබන අතර අපගේ සහෝදර ප‍්‍රකාශනය Inc. සහ
www.fastcompany.com මඟින් ඒ පිළිබඳව විමසා බැලිය හැකිය.
Accenture පිළිබඳව
Accenture යනු ඩිජිටල්, cloud සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ප‍්‍රමුඛ පෙළේ හැකියාවන් ඇති
ජාත්‍යන්තර වෘත්තීය සේවා සමාගමකි. කර්මාන්ත 40කට වඩා වැඩි ගණනක අසමසම
අත්දැකීම් සහ විශේෂිත කුසලතා ඒකාබද්ධ කරමින් අපි උපායමාර්ග සහ උපදේශන,
තාක්ෂණ සහ මෙහෙයුම් සේවා පිරිනමන්නෙමු. මේ සියල්ල ලොව විශාලතම උසස්
තාක්ෂණ සහ බුද්ධිමත් මෙහෙයුම් මධ්‍යස්ථාන ජාලයෙන් බලගැන්වේ. අපගේ 710,000
පමණ පුද්ගලයින් සෑම දිනකම තාක්ෂණය සහ මානව දක්ෂතාවය පිළිබඳ සේවා ලබා
දෙන අතර රටවල් 120 කට වඩා වැඩි ගණනක සේවාදායකයින්ට සේවා සපයනු ලබයි.
අපගේ ගනුදෙනුකරුවන්, පුද්ගලයින්, කොටස් හිමියන්, හවුල්කරුවන් සහ ප‍්‍රජාවන්
සඳහා වටිනාකමක් සහ සාර්ථක හවුල්කාරිත්වයක් නිර්මාණය කිරීමට අපි සැමවිට
උත්සහ ගනිමු. accenture.com වෙත යොමු වීමෙන් අප හා සම්බන්ධ විය හැකිය.
MAS හි නවෝත්පාදන අංශය වන Twinery
Twinery යනු MAS හි නවෝත්පාදනයන් ඔස්සේ රෙදිපිළි නිෂ්පාදනය කිරීමේ පෙරෙළිකාර
අංශය වන අතර එමඟින් ඔබේ ජීවිතය වෙනසකට ලක් කීරීමේ නව්‍ය තාක්ෂණයන්
හඳුන්වාදෙයි. අපගේ මව් සමාගම වන MAS හෝල්ඩින්ග්ස් හරහා ලොව විශාලතම
වෙළඳනාම සඳහා නිෂ්පාදන නිර්මාණය කිරීමේ වසර 30කට වඩා වැඩි අත්දැකීම් සහිත
Twinery අමුද්‍රව්‍ය, ආලෝකය, උණුසුම, සුවඳ හා ස්පර්ෂය ඔස්සේ නවීන තාක්ෂණයන් 50
කට අධික සංඛ්‍යාවකට නිවහන වෙයි. අපගේ නවෝත්පාදනයන් ව්‍යාපාරවලට නව
මුහුණුවරක් ලබා දෙන අතර පාරිභෝගිකයින්ගේ ජීවිත ඉහළ නැංවීම සහ අපේක්ෂාවන්
නැවත නිර්මාණය කරනු ලබයි. අපි ජාත්‍යන්තර මට්ටමේ විද්‍යාඥයින්, නිර්මාණකරුවන්,
ඉංජිනේරුවරුන්, අලෙවිකරුවන් සහ ව්‍යවසායකයින් එකතු කර හෙට දවසේ ඇඟලූම්

නිෂ්පාදන සඳහා යොදාගන්නා soft goods technologies වැනි උසස් තාක්ෂණයන් යොදාගනිමින්
අපගේ නිෂ්පාදනයන් පාරිභෝගිකයින් කරා ගෙන එන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *