තිරසාර සමාජයක් උදෙසා වූ Aluminum Stewardship වැඩසටහන සඳහා කැප වූ ශ‍්‍රී ලංකාවේ පළමු ආයතනය බවට Alumex පත් වෙයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ
සාමාජිකයෙකු වන Alumex, නිෂ්පාදන හා පරිවර්තන අංශයේ නව සාමාජිකයා ලෙස
Aluminum Stewardship වැඩසටහන (ASI) සමඟ එක් විය.
ASI යනු ලාභ ලැබීම සඳහා නොවන ප‍්‍රමිති සැකසීමේ සහ සහතික කිරීමේ සංවිධානයක්
වන අතර එමඟින් තිරසාර සමාජයක් වෙනුවෙන් ඇලූමිනියම් නිෂ්පාදන වල දායකත්වය
නංවාලීම සඳහා කැපවී සිටින නිෂ්පාදකයින්, පරිශීලකයින් සහ පාර්ශවකරුවන්
ඇගයීමට ලක් කරනු ලබයි. මෙම ප‍්‍රමිතීන් අනුගමනය කරන ඇලූමිනියම් ක්ෂේත‍්‍රයේ
ප‍්‍රථම ශ‍්‍රී ලාංකික නිෂ්පාදකයා ලෙස Alumex වගකීමකින් යුතු නිෂ්පාදන, මූලාශ‍්‍රය සහ
භාරකාරත්වය පෝෂණය කිරීම සඳහා සාමාජිකයින් සමඟ කටයුතු කරනු ඇත.
”ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා සහ අපනයනකරු වශයෙන් අපගේ
ව්‍යාපාර සහ නිෂ්පාදන ක‍්‍රියාවලිය සමඟ තිරසාර බව ඒකාබද්ධ කිරීමේ වැදගත්කම
පිළිබඳව අපි හොඳින් දන්නවා. සැමවිටම අපි විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සඳහා
අපගේ කැපවීම ශක්තිමත් කරමින් ASI වැඩසටහන වෙත සහාය පලකරනවා. මෙය ශ‍්‍රී
ලාංකීය ජනතාවට සහ ගනුදෙනුකරුවන්ට වගේම සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන අපගේ
අපනයන වෙළඳපොළට ද මූලික වශයෙන් වැදගත් වන බව අපි විශ්වාස කරනවා.”
යනුවෙන් Alumex කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවල මහතා පැවසුවේය.
ASI සහතිකකරණ වැඩසටහන ASI කාර්යසාධන ප‍්‍රමිතිය සහ ASI භාරකාර ප‍්‍රමිති
ජාලය යන ප‍්‍රමිතීන් දෙක සඳහා සහතිකයක් පිරිනමයි. මෙහි පළමුවැන්න පාරිසරික,
සමාජීය සහ පාලන මූලධර්ම සහ තිරසාරත්වය ආමන්ත‍්‍රණය කරන නිර්ණායක
නිර්වචනය කරන අතර දෙවැන්න ද්‍රව්‍ය නඩත්තු කිරීම සඳහා වන අවශ්‍යතා දක්වයි.
තෝරාගත් ප‍්‍රදේශවල ඇලූමිනියම් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම
හරහා Alumex හි තිරසාරත්වය සඳහා වූ කැපවීම ශක්තිමත් කිරීම කැපී පෙනෙන අතර
එමඟින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා නවීන යන්ත්‍රෝපකරණ සමඟ එහි
ප‍්‍රතිචක‍්‍රීයකරණ පහසුකම වැඩි දියුණු කළේය. සපුගස්කන්ද Alumex හි මෙම නවතම
පහසුකම මගින් මසකට ඇලූමිනියම් අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 1200කට වැඩි
ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අතර එය තවත් මෙටි‍්‍රක් ටොන් 1200කින්
වැඩි දියුණු කළ හැකිය. එවිට වාර්ෂික ප‍්‍රතිචක‍්‍රීයකරණ ධාරිතාව මෙටි‍්‍රක් ටොන්
28,800කි. 2022 ජූලි මාසය වන විට එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ මෙය
අති නවීන තාක්ෂණයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් ප‍්‍රතිචක‍්‍රීයකරණ
කම්හල වනු ඇත.
මෑතක දී Alumex එහි විනිවිදභාවය සහ පාලනය සඳහා වූ දැඩි කැපවීම වෙනුවෙන්
ආසියාවේ ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. එමෙන්ම
පාර්ශවකරුවන්ට වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ වාර්තාව (SME)
කාණ්ඩයේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට Alumex සමත්විය.
ASI යනු 2012 හි ආරම්භයේ සිට Aluminium stewardship හි අධිකාරිත්වය හිමි ආයතනය
වන අතර එමඟින් කර්මාන්තයට වගකීම් සහගත සහ සදාචාරාත්මක, සමාජීය සහ

පාරිසරික ක‍්‍රියාකාරිත්වයේ භාවිතයන් සහ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ
විශ්වසනීය ඉදිරිපත් කළ හැකි තොරතුරු සැපයීමට හැකියාව ලබා දෙයි. මේ වන විට
ලොව පුරා ASI සාමාජිකයින් 232 ක් සිටින අතර ASI කාර්යසාධන ප‍්‍රමිතිය උදෙසා
සහතික 128ක් හා ASI භාරකාර ප‍්‍රමිති ජාලය සඳහා සහතික 51ක් පිරිනමා තිබේ. ASI
සාමාජිකයින් ලොව පුරා රටවල් 47 ක් පුරා විසිරී සිටී.

Alumex විසින් පිහිටුවා ඇති Aluminum අපද්‍රව්‍ය එකතු කිරීමේ බඳුන්
ASI සහතිකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *