HNB FINANCE PLC හි 12වන වාර්ෂික මහසභා රැස්වීම දෙමුහුන් රැස්වීමක් ලෙස මෙවරත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC සිය
12වන වාර්ෂික මහ සභා රැස්වීම මෙවරත් දෙමුහුන් රැස්වීමක්
ලෙසට පවත්වනු ලැබීය. ඡූලි 26වන දින නාවල ප්‍රධාන කාර්යාලීය
ශ්‍රවණාගාරයෙහි පැවති මෙම රැස්වීම සඳහා HNB FINANCE PLC හි
සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින්, ඉදිරි පෙල
කළමනාකාරීත්ව, විගණන සමාජිකයින්, නීති උපදේශකවරු,සහ
සමාගම් ලේකම් සහභාගී වූ අතර පසුගිය වසර දෙකෙහිම සිදු වූ
පරිදි සමාගමේ සෙසු කොටස් හිමියන් සජීව ලෙසින් අන්තර්ජාලය
ඔස්සේ සම්බන්ධ විය.

කෝවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් පනවා
තිබූ මාර්ගෝපදේශයන් මේ වන විට ලිහිල් කර තිබුණ ද HNB
FINANCE PLC හි 12වන මහ සභා රැස්වීම සඳහා ප්‍රධාන
කාර්යාලීය ශ්‍රවණාගාරයට පැමිණි පිරිසගේ සෞඛ්‍යාරක්ෂාව
පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වමින් ප්‍රශස්ත සෞඛ්‍යාරක්ෂිත
පිළිවෙත්වලට අනුව සිය 12වන මහා සභා රැස්වීම පැවැත්වීමට
HNB FINANCE සමාගම කටයුතු කරන ලදි.

HNB FINANCE මහසභා රැස්වීම සඳහා අන්තර්ජාලයෙන් සහ ප්‍රධාන
කාර්යාලයේදී සහභාගී සියලු දෙනාට න්‍යාය පත්‍රයේ කටයුතු සඳහා
සිය දායකත්වය දැක්වීමට සහ ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව
ලබා දී තිබූ අතර ඡන්ද විමසීම් වල ප්‍රතිඵල සහ කොටස්

Press Release

Classification – Public
හිමියන්ගේ යෝජනා සම්මතයන් නිසි පරිදි අන්තර්ජාල තිරය
ඔස්සේ දැකගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.
න්‍යාය පත්‍රයෙහි ප්‍රධාන කරුණුවලට අමතරව කොටස් හිමියන් සහ
එම අවස්ථාවට සහභාගීවූවන් විසින් නැගූ ප්‍රශ්න සඳහා HNB
FINANCE PLC හි සභාපති ඩිල්ශාන් රොඩ්රිගෝ සහ කළමණාකාර
අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් යන මහත්වරැන්
විසින් පිළිතුරු ලබා දෙන ලදි.

HNB FINANCE
වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල්
මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 77 ක්
දිවයින

පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන්
අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME) ලීසිං සේවා, රන් ණය, නිවාස
ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම්
යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ. HNB FINANCE සමාගම ෆිච් රේටිං හි ජාතික
දිගුකාලීන ‘A(lka) ණය ශ්‍රේණිය හිමිකර ගෙන සිටින අතර Great
Place to Work සහතික කිරීම සහ Brand Finance හි ශ්‍රේණිගත කිරීමට
අනුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමයන් 100 අතර 57 වැනි
ස්ථානය හිමිකර ගෙන සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *