Medihelp රෝහල් සමූහය මෙරට පවතින වත්මන් අභියෝගාත්මක ආර්ථික පසුබිම මධ්‍යයේ වුවද ශක්තිමත් ලෙස සිය රෝහල් ජාලය ව්‍යාප්ත කරයි

ශී‍්‍ර ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මූලික ප‍්‍රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී රෝහල්
ජාලය වන Medihelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය පෙරදැරි කරගෙන,
බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයේ සෞඛ්‍ය සේවා ලබා
දෙමින් වර්තමානයේ පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ වුවද
අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප‍්‍රධාන
නගර ගණනාවක් වෙත ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. Medihelp hospitals ජාලය
වෙතින් ප‍්‍රමුඛතම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවන්ට සමගාමීව වෛද්‍ය රසායනාගාර,
ෆාමසි ඇතුළු තවත් සේවාවන් රාශියක් එකම වහලක් යටින් දැරිය හැකි මිලකට
පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව ජනතාව වෙත උදාකර දී ඇත.
මීට 37 වසරකට පෙර හොරණ නගරය කේන්ද්‍ර කරගමින් වෛද්‍ය රසායනාගාරයක් ලෙස
ඇරඹි Medihelp hospitals ජාලය මේවන විට කලූතර සහ කොළඹ දිස්ත‍්‍රික්කයන්හි ප‍්‍රධාන
නගර 15ක් ආවරණය වන ලෙස සිය සේවා ව්‍යාප්ත කර ඇති අත Medihelp hospitals
ජාලයෙහි නවතම ශාඛාව පසුගියදා නුගේගොඩ නගරය කේන්ද්‍රගතව ආරම්භ කෙරිණි.
අනවශ්‍ය ලෙස මුදලූත් කාලයත් වැය කර කොළඹ නගරයට යෑමෙන් තොරව 250 කට
අධික විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක සේවාව පහසුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව
ඇතුළුව සිය රෝහල් ජාලයේ ඇති ඉඩකඩ සහිත නවීන පහසුකම් සහ අංග සම්පූර්ණ
මූලික ප‍්‍රතිකාර සේවා මෙන්ම සුහදශීලී පාරිභෝගික සේවාව හේතුවෙන් Medihelp
hospitals යන නාමය ජනතාව අතර අංක එකේ තේරීමක් බවට පත්ව ඇත.
Medihelp hospitals ජාලය හරහා කායික රෝගල අන්තරාසර්ග රෝග සහ දියවැඩියාව,
ප‍්‍රසව හා නාරිවේදයල පිළිකා සත්කාර, උගුර කණ නාසය, හෘද රෝග, සාමාන්‍ය
ශල්‍යකර්ම, ස්නායු විද්‍යාව වේදය, විකලාංග, ළමා රෝග, ආමාශ සහ ආන්ත‍්‍ර රෝග,
මෞත්‍රලිංගික, චර්ම රෝග සහ ප්ලාස්ටික් ශල්‍යකර්ම, වෘක්ක හා අක්ෂි රෝග ඇතුළුව
ක්ෂේත‍්‍ර රාශියක විශේෂඥ වෛද්‍යවරුන් රැසකගේ සේවාවන් ලබා ගත හැකග
Medihelp hospitals ජාලය රෝගීන්ගේ පහසුව සඳහා සිය සේවාවන්ට ඩිජිටල් තාක්ෂණය ද
උපයෝගි කරගෙන ඇතග ඔවුන් විසින් ඉදිරිපත් කර ඇති Live Tracking පහසුකම හරහා
රෝගීන්ට සිය වෛද්‍ය හමුවීම් හි නියමිත වේලාවන් ජංගම දුරකථනය මගින් පරීක්ෂා
කිරීමට හැකි බැවින් ඔවුන් රෝහල් තුළ කාලය කා දමමින් තම විශේෂඥ වෛද්‍යවරයා
එනතුරු අනවශ්‍ය ලෙස බලා සිටිය යුතු නොවෙයි.
”දශක තුනකට වැඩි කාලයක් Medihelp hospitals ජාලය පොදු මහජනතාවට දැරිය හැකි
මිලකට පහසුවෙන් ලබා ගත හැකි උසස් තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ
පරමාර්ථයෙන් යුතුව කටයුතු කළා. මේ වන විට Medihelp hospitals ජාලය බස්නාහිර
පළාතේ නගර 15 ක් ආවරණය කරමින් අත්‍යාවශ්‍ය මූලික ප්‍රතිකාර සේවා සැපයීමෙහිලා
අංක 1 ස්ථානයට පත් වීමට සමත්ව තිබෙනවා.

වර්තමානයේ පවතින දැඩි වෛද්‍ය උපකරණ හිඟය, ඖෂධ හිඟය, දැඩි නියාමන
සීමාවන්, අධික ඉදිකිරීම් වියදම්, සැපයුම් සේවාවන් හි දුෂ්කරතා සහ උද්ධමනය ඇතුළු
අභියෝග රාශියක් මධ්‍යයේ වුවද අපගේ සේවා ජාලය පුළුල් කිරීමට කටයුතු කරමින්
සිටින අතර මෙම වසර අවසන් වන විට තවත් රෝහල් තුනක් Medihelp hospitals ජාලයට
එක් කිරීමට අප සැලසුම් කර තිෙබනවා. ඉහළ ඵලදායිතාවයකින් සහ
කාර්යක්ෂමතාවයකින් කටයුතු කිරීම මෙන්ම ඒකාබද්ධ ජාලයක් ලෙස විධිමත්ව
මෙහෙයවන වන බැවින් අපගේ වියදම් අවම කරගනිමින් එහි ප‍්‍රතිලාභය
පාරිභෝගිකයා වෙත ලබා දෙමින් සාධාරණ මිලකට සෞඛ්‍ය සේවා සැපයීමට අපට
හැකිව තිබෙනවාග තවද අපගේ වෛද්‍ය රසායනාගාර ජාලය ISO 9001 සහ ISO 15189
ප‍්‍රමිතිකරණයන්ගෙන් බල ගැන්වීමටත් කටයුතු යොදා තිබෙනවා. අප රෝහල් ජාලය
මගින් දිනපතා 4000කට අධික රෝගීන් සංඛ්‍යාවකට සේවා සපයමින් ශ්‍රී ලාංකීය සෞඛ්‍ය
ක්ෂේත‍්‍රයට ලබා දෙන ඉමහත් දායකත්වය පිළිබඳව අප නිහතමානීව ආඩම්බර වනවා”
යනුවෙන් Medihelp hospitals සමූහයේ විධායක අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා
පැවසීයග
Medihelp hospitals රෝහල් ජාලය වෙතින් විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරල බාහිර රෝගී
ප්‍රතිකාරල හදිසි ප‍්‍රතිකාර ඒකක, වෛද්‍ය රසායනාගාර සේවාවල ෆාමසි, අල්ට‍්‍රා සවුන්ඞ්
ස්කෑන්, Echocardiography ඩිජිටල් X-Ray, ශල්‍යාගාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා
සහ සෞඛ්‍ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්‍ය සේවා රැසක් සපයනු ලැබේග Medihelp
hospitals ශාඛා හොරණ, නුගේගොඩ, පිළියන්දල, මොරටුව, හෝමාගම, කළුතර, පානදුර,
බේරුවල, මතුගම, බණ්ඩාරගම, ඉංගිරිය, බුලත්සිංහල, වෑතර සහ කැස්බෑව යන
ප‍්‍රදේශවල පිහිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *