HNB Finance PLC සහ HNB Assurance PLC සහයෝගීතා ගිවිසුමකට එළැඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB Finance PLC සිය
පාරිභෝගිකයින්ගේ රක්ෂණ අවශ්‍යතා වඩාත් පහසුවෙන් සහ ප්‍රශස්ත
අයුරින් සපුරාලීම සඳහා HNB Assurance PLC සමග සුවිශේෂී අවබෝධතා
ගිවිසුමකට පසුගියදා එළැඹිනි.

HNB Finance සහ HNB Assurance යන සමාගම් පසුගියදා එළැඹි අවබෝධතා
ගිවිසුමට අනුව පාරිභෝගිකයින්ට පුද්ගලික සහ අනෙකුත් සාමාන්‍ය
රක්ෂණ සේවා ඇතුළුව සමාගම මගින් ලබා දෙන තවත් ප්‍රතිලාභ
රැසක් එකම ස්ථානයක් තුළදී අත්විඳීමේ හැකියාව ලැබෙනු ඇත. HNB
Assurance හි රක්ෂණ සේවා නියෝජිතයකු HNB Finance හි සෑම ශාඛා
කාර්යාලයකටම අනුයුක්ත කෙරෙන බැවින් රක්ෂණ සේවා කඩිනමින්
සහ වේගවත්ව ලබා ගැනීමටත් මේ තුළින් පාරිභෝගිකයින්ට වඩා
ප්‍රශස්ත පාරිභෝගික අත්දැකීමක් හිමිවනු ඇත.

“ අපගේ පාරිභෝගික අත්දැකීම් ගුණාත්මකව නැංවීම සඳහා විවිධ
ආයතනයන් සමග වඩාත් ඵලදායී සහයෝගීතාවන්ට එළැඹීමට අපි
නිරතුරුව කටයුතු කරනවා. HNB Assurance සමග එළැඹි මෙම
අවබෝධතා ගිවිසුමට අනුව මෙරට විශාලතම මූල්‍ය සේවා සමූහය
වන HNB සමූහයේ ශක්තිය සහ අසම සම ප්‍රතිලාභයන් රැසක් අපගේ
පාරිභෝගිකයින්ට හිමිවන බවද කිවයුතුයි” යනුවෙන් HNB Finance PLC

හි කළමනාකාර අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත්
මහතා පැවසීය.
මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වන HNB Assurance PLC
හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න මහතා “ HNB සමුහයේ
තවත් ශක්තිමත් සමාගමක් සමග එක් වෙමින් පාරිභෝගිකයින්ගේ
අවශ්‍යතා සමග නිවැරදිව ගැලපෙන අපගේ රක්ෂණ සේවා දීපව්‍යාප්ත
පාරිභෝගික පිරිසක් වෙත පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප වඩාත්
සතුටට පත්වෙනවා. එමෙන්ම අසම සම පාරිභෝගික අත්දැකීමක්
ලබා දීම අපගේ ව්‍යාපාරික උපායමාර්ගයන්හි ප්‍රමුඛතම ස්ථායක්
ගන්නා බැවින් HNB Finance හි පාරිභෝගිකයින්ටත් මෙම
සහයෝගීතාවයේ උපරිම ප්‍රතිලාභ භුක්ති විදීමට හැකිවන බවත්
විශේෂයෙන් සදහන් කළ යුතුයි.” යනුවෙන් පැවසීය.

සේයා රූ සටහන
වමේ සිට – HNB Finance PLC හි අලෙවි ප්‍රධානී උදාර ගුණසිංහ, මූල්‍ය සේවා සංවර්ධන
සහ ආයතනික ව්‍යාපාර ප්‍රධානී ශානක රමේශ් පෙරේරා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී
ඩබ්ලිව්.එස්.පී අරංගල, කළමනාකාර අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී චමින්ද
ප්‍රභාත්, HNB Assurance PLC හි ප්‍රධාන විධායක නිලධාරී ලසිත විමලරත්න, ප්‍රධාන
ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී සහයෝගීතා සුරේෂ් ප්‍රනාන්දු. ණය සේවා ජ්‍යෙෂ්ඨ
විධායිකා අශානි ධර්මසූරිය, බැංකුරක්ෂණ සේවා පිළිබඳව ආයතනික සේවා ප්‍රධානී අචල
හොරණ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වෙමින්.

HNB FINANCE

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල්
මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 77 ක්
දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන්
අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය (SME) ලීසිං සේවා, රන් ණය, නිවාස ණය,
පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය
සේවා ප‍්‍ර‍්‍රධාන වේ. HNB FINANCE සමාගම ෆිච් රේටිං හි ජාතික දිගුකාලීන ‘A(lka)
ණය ශ්‍රේණිය හිමිකර ගෙන සිටින අතර Great Place to Work සහතික කිරීම සහ
Brand Finance හි ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සන්නාමයන් 100
අතර 57 වැනි ස්ථානය හිමිකර ගෙන සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *