22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

CDB වෙතින් වෙස්ලි විද්‍යාලයීය රග්බි පිලට අනුග්‍රහය

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය, 2022 අන්තර් පාසල්
රග්බි තරගාවලිය වෙනුවෙන් වෙස්ලි විද්‍යාලයීය රග්බි පිළට සම-අනුග්‍රාහකත්වය ලබාදීම
සඳහා ඉදිරිපත් වී සිටී. එම අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමේ
අවස්ථාව පසුගියදා වෙස්ලි විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් විශාල උනන්දුවක්
දක්වන CDB ආයතනය, පසුගිය දශකය පුරාම වෙස්ලි විද්‍යාලයේ ක්‍රීඩා කටයුතු වල
උන්නතිය උදෙසා එම විද්‍යාලය සමග එක්ව කටයුතු කර තිබේ.
ඡායාරූපය: CDB ආයතනයේ අනුග්‍රාහකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ අවස්ථාව
(වමේ සිට) රග්බි උපදේශන කමිටුවේ සභාපති ඉම්තිශාම් මොහිදීන්, ප්‍රථම රග්බි
කණ්ඩායම් නායක එඩී බ්යූල්, වෙස්ලි විද්‍යාලයේ විදුහල්පති අවංක ප්‍රනාන්දු සහ CDB
ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) අශාඩ් වීරබංස යන මහත්වරුන්

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz