WFH සහ සමාජ මාධ්‍ය භාවිත කරන පරිශීලකයින්ට එයාර්ටෙල් වෙතින් නවතම weekly පැකේජ

සිය වටිනා පරිශීලකයින්ට සෑමවිටම ඔවුන්ගේ තේරීම අනුව සහ වැඩි වටිනාකමක් සහිත ප‍්‍රතිලාභ ලබා දීමට
කටයුතු කරන ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන
එයාර්ටෙල්, ඉගෙනීම් කටයුතු කිරීමට, නිවසේ සිට රාජකාරී (WFH) කිරීමට සහ සමාජ මාධ්‍ය (SM) භාවිත කරන
පරිශීලකයින් සඳහා නවතම weekly පැකේජ පරාසයක් හඳුන්වා දී ඇත. එයාර්ටෙල් මෙම නව පැකේජ හඳුන්වා දී
ඇත්තේ සිය මාසික පැකේජවලට අමතරව වීම විශේෂත්වයකි. දැනට පවතින අර්බුදය තුළ සිය පරිශීලකයින්ට
එයාර්ටෙල් හි සුපිරි 4G ආවරණ ජාලයට අඛණ්ඩ ප‍්‍රවේශයක් ලබා දීම සහතික කිරීම සඳහා මෙම නව පැකේජ
හඳුන්වා දෙන බව එයාර්ටෙල් නිවේදනය කර සිටී.
අන්තර්ජාල ප‍්‍රවේශය සියලූම ශ‍්‍රී ලාංකිකයින්ට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇති මෙවැනි අවස්ථාවක,
සියලූම පරිශීලකයින්ට දැරිය හැකි මිලකට අඛණ්ඩව සුපිරි 4G අත්දැකීමක් ලබා දීම සහතික කිරීම සඳහා
එයාර්ටෙල් හි මෙම නව weekly පැකේජ නිර්මාණය කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී අශීෂ් චන්ද්‍රා
මහතා පැවසුවේ ”මේ වන විට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදයත් සමඟ ඔවුන්ගේ ඉගෙනීම් කටයුතු, රැකියාව,
මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධව සිටීමට අපගේ ජාත්‍යන්තර තලයේ ආවරණ ජාලය කෙරෙහි විශ්වාසය
තබා ඇති පාරිභෝගිකයින්ට මිල ගණන් බාධාවක් නොවන බව සහතික කිරීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බව
අපි වටහා ගත්තා. මෙම අසීරු අවස්ථාවේ ඔවුන් මත පැටවී ඇති බර අවම කර ගැනීමට මෙම නව පැකේජ උපකාර
වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙනි.
ඒ අනුව රු. 85ක් වැනි මිලකට, එයාර්ටෙල් පරිශීලකයින්ට MS Teams, Zoom සහ Office 365 සඳහා 7GB ඬේටා
සහිත WFH පැකේජයක් මිලදී ගත හැකි අතර එයාර්ටෙල් හි රු. 145 පැකේජය මගින් Google Classroom වලට
අමතරව මෙම වේදිකා තුන සඳහා අසීමිත ප‍්‍රවේශයක් ලබා දෙයි.
මේ අතර එයාර්ටෙල් රු. 128 ක් වැනි මිලකට නව social media පැකේජයක් ද හඳුන්වා දී ඇති අතර එමගින්
පරිශීලකයින්ට දින 7ක් සඳහා Whatsapp, Facebook, Youtube සහ Facebook Messenger වෙත අසීමිත
ප‍්‍රවේශයක් ලබා දෙයි.
එයාර්ටෙල් විසින් මෑතකදී හඳුන්වා දුන් Unlimited Freedom Packs වලින් පසුව මෙම ඉගෙනීම් කටයුතු සහ WFH
සහ social media පැකේජ පරිශිලකයින් වෙත හඳුන්වා දීම කැපී පෙනේ. එයාර්ටෙල් හි මෙම Unlimited Freedom
Packs දැනට ශ්‍රී ලාංකේය වෙළෙඳපොලේ ඇති එම වර්ගයේ එකම පැකේජය වන අතර එමගින් පරිශීලකයින්ට රු.
749ක් වැනි අවම මුදලකින් වෙනත් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ සමාජ මාධ්‍ය ජාලවල සැරි සැරීමට
හැකියාව ලබා දී ඇත.
2009 දී මෙරට මෙහෙයුම් ආරම්භ කළ දා සිට එයාර්ටෙල් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද විශාලතම තනි
ආයෝජනය ලෙස මෙම ‘Freedom Packs/plans’ හැඳින්විය හැකිය. එයාර්ටෙල් හි purpose-built 4G සේවාව මගින්
99%ක් buffering රහිත වීඩියෝ නැරඹීමේ හැකියාව හා 4G සංඥා සමඟින් වැඩි දියුණූ කළ අසමසම ගෘහස්ත
ආවරණය ඇතුළුව පරීශීලකයාට සුපිරි අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරයි. මෙම අතිනවීන තාක්ෂණික යටිතල
පහසුකම් 5Gඨ සඳහා සූදානම් සහිතව නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *