එයාර්ටෙල් Whatsapp හරහා 1926 NIMH මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ වීමට පහසුකම් සලසයි

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය (NIMH) සමඟ එක්ව Whatsapp හරහා 1926 මානසික සෞඛ්‍ය උපකාරක
සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් පුළුල් කරන බව නිවේදනය කළේය. මානසික සෞඛ්‍ය යහපැවැත්ම උදෙසා
සහය අවශ්‍ය ඕනෑම අයෙකුට හෝ ඒ සඳහා මැදිහත්වීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට දැන් 075 555 1926 ඔස්සේ
WhatsApp හරහා NIMH හි මානසික සෞඛ්‍ය උපකාරක සේවාව වෙත සම්බන්ධ විය හැක.
”කොරෝනා වසංගත කාලයේ පැවති lock down තත්වය නිසා මිනිසුන් හුදකලා වුණා. එය මානසික සෞඛ්‍ය
සම්බන්ධ ගැටළු වැඩි වීමට හේතු වී තිබෙනවා. එබැවින් WhatsApp වැනි අපට සමීප මාර්ගයන් භාවිතයෙන්
මානසික සෞඛ්‍ය යහපැවැත්ම නඟාසිටුවීම කාලීන අවශ්‍යතාවයක්. දුරකතන මාර්ග හරහා සංනිවේදනය කර තම
ගැටළු වලට පිළියම් ලබාගැනිමට තරුණ ප‍්‍රජාව ද කැමැත්තක් ඵල කරනවා.”
”Whatsapp පණිවිඩ සේවාව ඇත්තෙන්ම හොඳ විසඳුමක් වන අතර විශේෂයෙන්ම සිය මානසික සෞඛ්‍යය ගැටළු
වලට පිළියම් සොයන තරුණ තරුණියන්ට අපි වෙත පැමිණ හෝ අපි සමඟ කතාබහ කරනවා වෙනුවට මෙම පණිවිඩ
සේවාව භාවිතා කිරීම වඩාත් පහසු වෙනවා. ඔවුන් වෙත උපරිම සේවාවක් සැලසීම වෙනුවෙන් ගන්නා වූ අපගේ
උත්සාහයට සහාය වීම ගැන අපි එයාර්ටෙල් කණ්ඩායමට කෘතඥ වෙනවා.” යනුවෙන් NIMH ජ්‍යෙෂ්ඨ මනෝ
වෛද්‍ය විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය පැවසුවාය.
2020 ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත්කල කෙටි පණිවිඩ සේවාව මඟින් ගැටළුකාරී මානසික
සෞඛ්‍යය හේතුවෙන් අභියෝගවලට මුහුණ දෙන බොහෝ පුද්ගලයන්ට සහය දැක්වීමට, සැනසීම ලබාදීමට සහ
මගපෙන්වීම සැපයීමට අමතරව ජීවිත 100කට අධික ප‍්‍රමාණයක් ජීවත් කර වීමට උපකාරී වී ඇත.
”NIMH කණ්ඩායම විසින් සිදු කරනු ලබන විශිෂ්ට සේවාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම ගැන එයාර්ටෙල් අප
ආඩම්බර වන අතර Whatsapp හරහා 1926 සේවාව වෙත පිවිසීමට පහසුකම් සැලසීම මඟින් තමන්ගේ මානසික
පීඩාවට සවන් දීමට තවත් කෙනෙකු ඔබ අසලින්ම රැදෙන බව හැඟවෙනවා.” යනුවෙන් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා හි
ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂක අශිෂ් චන්ද්‍ර මහතා පැවසුවේය.
එයාර්ටෙල් විසින් Whatsapp හරහා මෙම සේවාව වෙත සම්බන්ධ වීමේ පහසුකම් ලබාදීමට ගත් තීරණය voice
හෝ සාමාන්‍ය කෙටි පණිවිඩ භාවිතයට වඩා data භාවිතය සඳහා මනාපයක් ඇති තරුණ පරිශීලකයින්ට වඩාත්
සාධනීය ක‍්‍රමයකි. මෙම යෙදවුම මඟින් වීඩියෝ ඇමතුම්, බෙහෙත් වට්ටෝරු බෙදාගැනීම සහ හඬ සටහන් ඇතුළුව
තවත් බොහෝ විකල්පයන් භාවිතා කළ හැකි අතර එමඟින් 1926 සේවාව වෙත සම්බන්ධව තම මානසික නිදහස
ලගාකරගත හැකිය.
”1926 සේවාවේ මෙම නවතම ව්‍යාප්තිය සමඟින් එයාර්ටෙල් බලාපොරොත්තු වන්නේ මානසික පීඩනයෙන් සිටින
තරුණ තරුණියන් වෘත්තීය මනෝ උපදේශකයින් වෙත ළඟා වීමට දිරිගන්වමින් මානසික සෞඛ්‍යය පිළිබඳ විවෘත
සහ අවබෝධාත්මක සංස්කෘතියක අවශ්‍යතාවය නැවත අවධාරණය කිරීමටයි. ඔවුන් අර්බුදකාරී අවස්ථාවන්
අත්විඳින විට මෙය විශේෂයෙන් වැදගත් වන අතර ආරක්ෂිත සහ නිර්නාමික වීම තුළ ඔවුන්ගේ මානසික සෞඛ්‍ය
ගැටළු තම පෞද්ගලිකත්වය රැකෙන අයුරින් විසඳගන්න පුළුවන්. අවසාන වශයෙන් ඔබ දන්නා අයෙක් මානසික
ගැටළුවකට මුහුණ දෙමින් සිටියද නැතහොත් ඔබට කුඩා සහයෝගයක් අවශ්‍ය යැයි හැඟුනද දැන් මෙම සේවාව
වෙත පහසුවෙන් පිවිසීමේ හැකියාව තියෙනවා. මෙම දියත් කිරීම හරහා ඔබ එහි උපරිම ප‍්‍රයෝජන ලබාගනීවි
යැයි අපි හිතනවා වගේම එහි කොටස්කරුවෙකු වීමට අපට හැකි වීම පිළිබඳව සතුටු වෙනවා.” යනුවෙන් අශිෂ්
මහතා තවදුරටත් ප‍්‍රකාශ කළේය.
සියලූම එයාර්ටෙල් පරිශීලකයින්ට මෙන්ම ඕනෑම ජංගම දුරකතන ජාලයක සිටින සැමට පහසුවෙන් ප‍්‍රවේශ විය
හැකි පරිදි සේවාව පුළුල් කිරීමට ලැබීම එයාර්ටෙල්-NIMH 1926 Whatsapp උපකාරක සේවාවේ සැලකිය යුතු

National Institute of Mental Health

සාර්ථකත්වයකි. 1926 මානසික සෞඛ්‍ය ඇමතුම් මාර්ගය සහ SMS මාර්ගය සියලූම එයාර්ටෙල් භාවිතා කරන්නන්
සඳහා නොමිලේ භුක්ති විඳිය හැකිය.
එයාර්ටෙල් සිය සමාජ මාධ්‍ය වේදිකා සහ My Airtel යෙදවුම හරහා මානසික සෞඛ්‍යය පිළිබඳව සහ සියලූම
NIMH 1926 උපකාරක දුරකථන සේවා පිළිබඳව ඔබව දැනුවත් කිරීමට කැපවන බව නිවේදනය කළේය.

(වමේ සිට) NIMH, නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය අරෝෂ විජේවික‍්‍රම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් –
සෞඛ්‍ය සේවා, වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය අමාත්‍යාංශය, ලේකම්, ජනක එස්. චන්ද්‍රගුප්ත, එයාර්ටෙල්
ලංකා, ප‍්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා, NIMH, අධ්‍යක්ෂ, වෛද්‍ය ධම්මිකා
විජේසිංහ, NIMH, ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ යන මහත්ම මහත්මීන් ඡායාරූපයේ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *