හේලීස් Eco Solutions සිය සැපයුම්දාමය පොල් ති‍්‍රකෝණයෙන් ඔබ්බට ව්‍යාප්ත කරයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම අගය එකතු කල පොල් කෙඳි නිෂ්පාදන නිපදවන්නා සහ
අපනයනකරුවා වන හේලීස් සමූහයට අනුබද්ධිත Eco Solutions විවිධ වූ
පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලමින් දේශීයව සහ ජාත්‍යන්තරව නිෂ්පාදන 100කට
අධික ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර බෙදාහරියි. දැනට පවතින අර්බුදකාරී වාතාවරණය
මධ්‍යයේ වුවද සිය සැපයුුම් දාමය 20% කින් පමණ ඉහළ නංවා ගනිමින් දිවයින පුරා
සිටින සැපයුම්කරුවන්ට යහපත් ජීවන පැවැත්මක් සහතික කිරීම වෙනුවෙන් Eco Solutions
කැපවී සිටියි.
පොල් ති‍්‍රකෝණයෙන් ඔබ්බට ගොස් උතුරු නැගෙනහිර පළාත් දක්වා සිය සැපයුම්
දාමය ව්‍යාප්ත කරමින් එම පළාත් වල ජනතාවට ජීවනෝපායක් මෙන්ම අමතර ආදායමක්
සලසා දීමට Eco Solutions හට හැකියාව ලැබුණි. Eco Solutions වෙත ලැබෙන සැපයුම් වලින්
10% ක් ලැබෙන්නේ උතුරු නැගෙනහිර පළාත් හරහා වන අතර ඔවුන් සිය නිෂ්පාදන
වෙනුවෙන් පොල් ලෙලි, පොල් කෙඳි සහ කොහු බත් ආදී අමුද්‍රව්‍ය සැපයුම්කරුවන්
වෙතින් මිලදී ගනු ලබයි.
විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක ආර්ථිකයක් තුළ පවුලකින් එක් අයෙකු පමණක්
මුදල් උපයා ප‍්‍රමාණවත් නොවන අතර කාන්තාවන් ද ආදායමක් ඉපැයීම වෙනුවෙන්
සවිබල ගැන්වීම වඩාත් කාලෝචිත වේ. එහිදී Eco Solutions මනා කාර්යභාරයක් ඉටුකරන
අතර කාන්තාවන් වෙනුවෙන් සිය කර්මාන්තශාලාවල සම අවස්ථා පිරිනමන අතර
දැනටමත් එම කර්මාන්තශාලාවන්හි සේවයේ නිරත වන සේවකයින් අතරින් බහුතරයක්
කාන්තාවන්ය. එමෙන්ම උතුරු නැගෙනහිර පළාත් දක්වා සිය සැපයුම්දාමය ව්‍යාප්ත කිරීම
තුළින් ආදායම් මාර්ගයක් නොමැති ගෘහණියන්ට තම ගෘහ ආර්ථිකයට ශක්තියක් වීමට
ද අවස්ථාව උදා විය.
වසර 144 කට පෙර හේලීස් සමූහ ව්‍යාපාරය පොල් සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදන පදනම්
කරගෙන සිය ගමන් මඟ ආරම්භ කළ අතර ගාල්ලේ ස්ථාපිත කරන ලද මුල්ම
කර්මාන්තශාලාව ඔස්සේ ඉදිරියට යමින් පොල් ති‍්‍රකෝණය මෙන්ම උතුරු නැගෙනහිර
පළාත් දක්වා ද තම ව්‍යාපාරය සහ සැපයුම් දාමය ව්‍යාප්ත කිරීමට Eco Solutions සමත් විය.
අද වන විට කර්මාන්තශාලා 10 ක් පමණ Eco Solutions සතුවන අතර එය ඔවුන්ගේ
සාර්ථක ගමනට සාක්ෂි සපයයි. එමෙන්ම බුත්තල, මොණරාගල වැනි දුෂ්කර ප‍්‍රදේශ
වල ජනතාව ද මෙම සැපයුම් දාමයට සම්බන්ධ වෙමින් සිය ආර්ථිකය ශක්තිමත් කර
ගන්නා ලදි.
”තේ, පොල්, රබර් යන ප‍්‍රධාන ආර්ථික බෝග වලින් එකක් වන පොල් ශාකය හරහා
ලබාගන්නා පොල් කෙඳි ආශි‍්‍රත නිෂ්පාදන ලෝකයා ඉදිරියට රැගෙන යමින් ශී‍්‍ර
ලංකා නාමය බැබළ වීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. ඒ වගේම වසර 144 කට
වැඩි ඉතිහාසය තුළින් ලබාගත් අත් දැකීම ඔස්සේ අඛණ්ඩව ඉදිරියට යන Eco Solutions
අප සමඟ සම්බන්ධ වන පුද්ගලයින්ට විවිධ වූ සංවර්ධන සහ පුහුණු වැඩසටහන්
පවත්වනවා. එම වැඩසටහන් මඟින් අපගේ ව්‍යාපාරය හා සම්බන්ධ වෙමින් ඒ හරහා
ප‍්‍රතිලාභ ලබාගන්නා ආකාරය පිළිබඳව අපි ඔවුන්ව දැනුවත් කරනවා. අත්තෙන්ම
මෙවැනි අභියෝගාත්මක ආර්ථිකයක් තුළ අපගේ සැපයුම් දාමය තවදුරටත් ව්‍යාප්ත කර

සාමාන්‍ය ජනතාවට ජීවනෝපායක් හෝ අමතර ආදායමක් ලබාගැනීමට ඔවුන්ට අත්වැලක්
වීමට හැකිවීම අපිට මහත් ගෞරවයක්. ඒ වගේම විදේශ විනිමය අර්බුදයක් පවතින
සමයක අපගේ නිෂ්පාදන අපනයනය කිරීම හරහා මෙරටට විදේශ විනිමය රැගෙන
ඒමට ලැබීමත් සතුටට කරුණක්.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් හේලීස් Eco
Solutions කළමනාකාර අධ්‍යක්ෂ, රජිව් ගුණතිලක මහතා පැවසුවේය.
Eco Solutions සිය නිෂ්පාදන අංශ දෙකක් ඔස්සේ නිෂ්පාදනය කරන අතර එනම් අගය
එකතු කළ නිෂ්පාදන සහ සාම්ප‍්‍රදායික නිෂ්පාදනයි. අගය එකතු කළ නිෂ්පාදන අතර
ලණු, බුරුසු, බුමුතුරුණු ආදිය මෙන්ම හරිතාගාර සඳහා අවශ්‍ය කොහු බත් ද ප‍්‍රධාන
වෙයි. විශේෂයෙන් ස්ට්‍රෝබෙරි, බ්ලූ බෙරි සඳහාම භාවිතා කරන කොහු බත් මෙහිදී
නිෂ්පාදනය කරයි. මෙසේ අගය එකතු කල නිෂ්පාදන වෙනුවෙන් ගෝලීය වෙළඳපොල
තුළ ඉහළ ඉල්ලූමක් පවතින අතර ඒ හරහා රටට විදේශ විනිමය ගෙන්වා ගත හැකිය.
මෙම නිෂ්පාදන B2B (ව්‍යාපාරයකින් තවත් ව්‍යාපාරයකට) සහ B2C (ව්‍යාපාරයකින්
පාරිභෝගිකයාට) ආදී ක‍්‍රම හරහා වෙළඳපොල අවශ්‍යතා සපුරාලයි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන අර්ථික බෝගයක් වන පොල් ගසේ ඇති සියලූ ම කොටස්වලින්
පාහේ මිනිසාට විවිධාකාර ප‍්‍රයෝජනයන් ඇත. මේ හේතුව නිසා ම පොල් ගස කප්රුක
යනුවෙන් හැඳින්වේ. සංස්කෘත භාෂාවෙන් කල්ප වෘක්ෂ යනුවෙන් ද පොල් ගස
හැඳින්වේ. එහි අර්ථය වන්නේ ‘සිතූ පැතූ සම්පත් ලබා දෙන ගස‘ යන්නයි. ඊට අමතරව
මැලේ භාෂාවෙන් එය ‘දහසක් ප‍්‍රයෝජන සහිත ගස’ යනුවෙනුත්, පිලිපීන භාෂාවෙන්
‘ජීවිතයේ වෘක්ෂය‘ යනුවෙනුත් හැඳින්වෙයි. මෙම වටිනා ශාකයේ එක් කොටසක් වන
පොල් කෙඳි භාවිතයෙන් ජාතික ආර්ථිකය මෙන්ම ගෘහ ආර්ථිකය ද නගාසිටුවීමට දායක
වන සහ ශී‍්‍ර ලාංකීය නාමය ලෝකයා ඉදිරියට ගෙන යන Eco Solutions පුද්ගලයෙකු
ලෙස සහ රටක් ලෙස අප ඇගයීමට ලක් කළ යුතුය.

Eco Solutions කළමනාකාර අධ්‍යක්ෂ, රජිව් ගුණතිලක මහතා
Eco Solutions කර්මාන්තශාලාවක වැඩ කරන සේවකයින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *