HNB FINANCE මොරටුව ශාඛාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC විසින්
සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2022 අගෝස්තු මස 13
වන දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මොරටුව රාවතාවත්ත ශ‍්‍රී
වාචිස්සර භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
HNB FINANCE මොරටුව ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම උදාර
කටයුත්ත ශාඛා කළමනාකරු ක‍්‍රිෂාන් ප‍්‍රනාන්දු මහතාගේ නායකත්වයෙන්
ඔහුගේ කණ්ඩායම සහ HNB FINANCE හි සහෝදර සේවකයින්ගේ
සංවිධාන ශක්තියෙන් පැවැත්විණ.
“වත්මන් වාතාවරණය තුළ ඖෂධ හිඟය, සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීම
දුෂ්කර වීම සහ රුධිර අවශ්‍යතා ඇති රෝගීන්ට රුධිර පාරවිලයනය සඳහා
රුධිරය හිඟවීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය අර්බුදකාරී තත්වයකට
මුහුණපා සිටිනවා. මෙම වැඩසටහන ඇතුළුව අප සංවිධානය කරන
අනෙකුත් සමාජ සේවා හරහා ප‍්‍රාදේශීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අත්වැලක්
වන්නට හැකි බව අපි විශ්වාස කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවේ දී
රුධිරය ලබා දීමට සහාය වීමෙන් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බේරාගෙන
ජනතාවගේ සෞඛ්‍ය යහපැවැත්ම සහතික කළ හැකියි යන්න අපිට
විශ්වාසයි.” යනුවෙන් HNB FINANCE PLC හි සහකාර සාමාන්‍යාධිකාරී පැතුම්
සම්පත් කුරේ මහතා පැවසුවේය.
ස්වකැමැත්තෙන්ම රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් 90
දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ අතර
බොරලැස්ගමුව වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ විශ්වවිද්‍යාල
රෝහල ( KDU ) සහ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන සේවාව
^NBTS& සඳහා මෙම රුධිරය පරිත්‍යාග කරන ලදි.
කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ විශ්වවිද්‍යාල රෝහලෙහි වෛද්‍යවරුන් සහ
කාර්ය මණ්ඩල සහාය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට බෙහෙවින්
ඉවහල් විය. එපමණක් නොව මෙහිදී රුධිරය පරිත්‍යාගකල පිරිස සඳහා
ආහාරපාන ලබා දුන් අතර හරිතවත් හෙටක් වෙනුවෙන් වූ සමාගමේ
සමාජ වගකීම ඉටුකරමින් මෙම පරිත්‍යාගශීලීන්ට ගෙවත්තෙහි රෝපණය
කිරීම සදහා එළවළු පැල බෙදාදීමක්ද සිදුකරන ලදි.

Classification – Public
HNB FINANCE ආරම්භයේ සිටම ප‍්‍රජා දායකත්වය සහ සමාජ වගකීම
වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි. එපමණක් නොව
බාධාවකින් තොරව සහ පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් මූල්‍ය සේවාවන්
සැපයීමට සමාගම මූලිකත්වය ගන්නා අතරම ජනතාවගේ යහපැවැත්ම
නඟාසිටුවීමට සහ සමාජ සේවා වැඩසටහන් දියත් කිරීමට ද පෙරමුණ
ගෙන කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *