SLT-MOBITEL ‘UNLIMITED CALL BOOSTER’ වෙතින් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ඕනෑම
ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS පිරිනමන විශේෂ පැකේජයක් හඳුන්වා දී තිබේ.
‘UNLIMITED CALL BOOSTER’ ලෙස නම් කර ඇති මෙය, පෙරගෙවුම් පාරිභෝගිකයන්ට
මෙන්ම පසුගෙවුම් පාරිභෝගිකයන්ටද භාවිතා කළ හැක.
‘UNLIMITED CALL BOOSTER’ නිසා ශ්‍රී ලාංකිකයන්ට දැන් රිසි සේ තම නෑදෑ හිතමිතුරන්ට
ඇමතුම් ලබාගැනීමටත්, කෙටි පණිවිඩ යැවීමටත් අවස්ථාව ලැබී තිබේ. එමෙන්ම
සන්නිවේදන කටයුතු සඳහා නිතර දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ භාවිතා කරන
සමාගම්, ආයතන සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටද මෙය කදිම විසඳුමක්
වනු ඇත.
මුළු මාසය පුරාවටම වලංගු වන ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය රු. 636/- ක්
වැනි ආකර්ෂණීය මිලකට ලබාගත හැකි වේ. පෙරගෙවුම් පාරිභෝගිකයන්ට රු. 636 ක්
රීලෝඩ් කර හෝ #147# ඩයල් කර මෙය සක්‍රීය කරගත හැකි අතර පසුගෙවුම්
පාරිභෝගිකයන්ට 1717 අමතා ලැබෙන උපදෙස් අනුව එය සක්‍රීය කරගත හැක.
ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවන්හි සිදුවන වෙනස්කම් හඳුනා ගනිමින්, එම වෙනස්කම්
වලට ගැළපෙන විසඳුම් පිරිනැමීමට SLT-MOBITEL ගන්නා නිරන්තර උත්සාහයේ තවත්
එක් පියවරක් වශයෙන් ‘UNLIMITED CALL BOOSTER’ පැකේජය හඳුන්වා දී තිබේ. මේ
පිළිබඳ වැඩිදුර තොරතුරු www.sltmobitel.lk හි දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *