සුවිශේෂී වට්ටම් සමඟින් සැම්සුන් Galaxy Z Flip4 සහ Z Fold4 දැන් ශ‍්‍රී ලංකාවේ

සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගම විසින් පසුගියදා එළිදැක් වූ නව පරම්පරාවේ Galaxy Z
Flip4 සහ Galaxy Z Fold4 foldable ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීම ශ‍්‍රී ලාංකේය
පාරිභෝගිකයින්ට ද අත්විඳීමේ අවස්ථාව පසුගියදා උදා විය.
විශේෂයෙන් පරිශීලකයාට ගැලපෙන අයුරින් සකස් කරගත හැකි විශේෂාංග, ඔවුන්ටම
ගැලපෙන අත්දැකීම් හා වැඩි දියුණු කළ කාර්යක්ෂමතාවකින් යුත් මෙම සිව්වන
පරම්පරාවේ foldable Z නිෂ්පාදන පෙළ ඔබේ එදිනෙදා ජීවිතය නව්‍යකරණයට ලක්
කරමින්, වඩා බලපෑම් සහගත අන්තර් ක‍්‍රියාවන් තුළින් ඉදිරියට යනු ඇත්තේ මෙතෙක්
අත්විඳි smartphones අත්දැකීම් නව මානයන් වෙත ගෙන යමිනි.
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්හි Mobile eXperience ව්‍යාපාරයේ සභාපති හා ප‍්‍රධානී ආචාර්ය ටී.
එම්. රෝහ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ‘‘අපගේ
විවෘතභාවයේ දර්ශනයේ පදනම මත ගොඩනැගී ඇති සැම්සුන් Galaxy foldable උපාංග
බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන්ද පරිශීලකයන්ට ගැලපෙන අයුරින් සකස් කර ඇති
අතර ඒ තුළින් නව හැකියාවන් ද ඔබ වෙත ගෙන එනවා. ලෝක මට්ටමේ අපගේ
හවුල්කරුවන් සමඟ එක්ව නිර්මාණය කරන ලද foldable උපාංග අපගේ සුවිශේෂී
පරිශීලක අවශ්‍යතා සපුරාලන අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙනු ඇති
බව අපගේ විශ්වාසයයි. අපගේ නිරන්තර අවධානය හා කර්මාන්තය තුළ අපගේ
නායකත්වය තුළින් අඛණ්ඩව foldable නිෂ්පාදන සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මෙම කාණ්ඩය තුළ රැඩිකල් ව්‍යාපෘතියක සිට ලොව පුරා මිලියන ගණනක ජනතාවක්
භාවිත කරන ප‍්‍රමුඛ පෙලේ උපාංග පෙලක් දක්වා සාර්ථකව පරිවර්තනය කිරීමට අපි
කටයුතු කරනවා.’’ යනුවෙනි.
දැන් ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයින් හටද මෙම devices මිලදී ගැනීමේ අවස්ථාව උදා වී
ඇත්තේ Galaxy Z Flip4 හෝ Galaxy Z Fold4 foldable මිලදී ගන්නා විට නොමිලේ ඩයලොග් 200
GB හෝ මොබිටෙල් 300 GB, මාස 6ක් සඳහා OneDrive 100 GB හිමිකර දෙමිනි. තවද මාස
3ක් සඳහා නොමිලේ Spotify Premium සම්බන්ධතාවය ලබා ගැනීමටද ඔවුන්ට අවස්ථාව උදා
වේ.
ඉහළ නිර්මාණශීලීත්වයක් වෙනුවෙන් වන සැම්සුන්හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්
ලෙස සෑම පාරිභෝගිකයකු වෙනුවෙන්ම ඔවුන්ගේ අවශ්‍යතාවලට සරිලන නිෂ්පාදනයක්
ඇති බව සහතික කිරීම සඳහා පරිපූර්ණ අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් මෙම
දෙකා්ඉකැ නිෂ්පාදන දෙකෙහිම සෑම කොටසක්ම මනාව විශ්ලේෂණය කර තිබීමද
විශේෂත්වයකි. විශේෂයෙන් මනා නිමාවකින් යුතුව සැම්සුන් Galaxy Z Flip4 නිර්මාණය කර
ඇති අතර එහි සංකීර්ණ සැලසුම ඒ අකාරයෙන්ම පවත්වාගෙන ගොස් ඇත්තේ වැඩි
දියුණු කළ කැමරා අත්දැකීමක්, විශාල බැටරියක් හා පරිශීලකයාට සරිලන පරිදි සකසා
ගත හැකි විශේෂාංග විශාල ප‍්‍රමාණයක්ද එක් කරමිනි. අද වන විට දක්නට ඇති
සැම්සුන් සතු වඩාත් උසස් තත්වයේ smartphones අත්දැකීමක් ලබා දෙන Galaxy Z Fold4
නිමාව වෙනස් කිරීමේ සැලසුම, ආකර්ෂණීය තිරය හා PC වැනි විශේෂාග රැසක් ලබා
දීමට සමත්ව ඇත්තේ උසස් කැමරා තාක්ෂණය හා ප‍්‍රබල මොබයිල් ප්‍රොසෙසරයන්වලට
අමතරව නව හැකියාවන්ද පරිශීලකයින් වෙත විවෘත කරමිනි.

Galaxy Z Flip4 හි අභ්‍යන්තර හා බාහිර Ultimate Self-expression විශේෂාංගය
පරිශීලකයන් කැමතිම විශේෂාංගයන් තව තවත් ඉහළ නංවන Galaxy Z Flip4, self-expression
සඳහා වන අවසන් නිෂ්පාදනය බවට පත් කරනු නිසැකය. විශේෂයෙන් එහි අන්තර්ගත
clamshell නිර්මාණය වෙනත් කිසිඳු smartphones එකකින් ඔබට ලබා ගත නොහැකි
සුවිශේෂී අත්දැකීමක් ලබා දෙනු ඇත.
අර්ධ වශයෙන් නැමීම තුළින් එහි FlexCam2 ක‍්‍රියාත්මක කළ හැකි අතර hands free
වීඩියෝ හෝ විවිධ කෝණයන්ගෙන් සම්පූර්ණ කණ්ඩායම් සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේ
හැකියාවද ඒ සතුය. මෙම විශේෂාංගයන් පරිශීලකයින් කැමතිම apps3 හිද අන්තර්ගතය.
Meta සමඟ වන Samsung හි හවුල්කාරීත්වය හේතුවෙන් FlexCam විසින් Instagram, WhatsApp
සහ Facebook ඇතුළුව ජනප‍්‍රිය සමාජ මාධ්‍ය වේදිකා පරිපූර්ණත්වයට පත් කර ඇත.
සැම්සුන් Galaxy හි කල් පවතින smartphones නවෝත්පාදනයේ ප‍්‍රතිඵලයක් වන Galaxy Z
Fold4 සැම්සුන්හි ප‍්‍රබලම ස්මාර්ට් ජංගම දුරකතනය ලෙස සඳහන් කළ හැකිය. Z Fold4
යනු විවෘත කළ විට හෝ වසා දැමූ විට හෝ Flex mode10 හිදී සැම්සුන්හි සාමූහික ජංගම
දුරකතන තාක්ෂණ විශිෂ්ටත්වය මනාව ප‍්‍රදර්ශනය කරන්නකි. එසේම Android 12L සහිත
පළමු device එක ද වන එය නැමිය හැකි, සුවිසල් තිරයක් වෙනුවෙන් Google විසින්
නිර්මාණය කරන ලද Android හි විශේෂ නව නිෂ්පාදනයක් ලෙසද සඳහන් කළ හැකිය.
පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත්
අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින්
මෙරට පාරිභෝගිකයින් හට මෙම Galaxy Z Flip4 සහ Galaxy Z Fold4 මිලදී ගත හැකිය.
එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ
Damro ද මගින් ද සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මෙන්ම online
වෙළෙඳ වෙබ් අඩවි වන Samsung Estore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk,
Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.
ඔබ කොහේ, කොතැන සිටියත් ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප
සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින්
ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය
සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ
කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ
විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand
Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ
විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ
නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ
පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *