HNB FINANCE විසින් ජාත්‍යන්තර ඡායාරූප දිනයට සමගාමීව ඡායාරූප තරඟයක් පවත්වයි

ඡායාරූප ශිල්පයේ කලාත්මක වටිනාකම, ශිල්පීය වැදගත්කම, විද්‍යාත්මක බව සහ
ඓතිහාසික වැදගත්කම පිළිබඳ අවබෝධ කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය
සමාගමක් වන HNB FINANCE PLC විසින් පසුගියදා ජාත්‍යන්තර ඡායාරූප දිනයට
සමගාමීව සමාජ මාධ්‍ය ජාලය හරහා තරගයක් පවත්වන ලදි.
මෙම තරගය පිළිබඳව අදහස් දක්වන HNB FINANCE PLC අලෙවි ප‍්‍රධානී උදාර
ගුණසිංහ මහතා ”අපගේ ගනුදෙනුකරුවන්ට උසස් මූල්‍ය සේවාවක් සහතික කිරීමට අප
කටයුතු කරන අතරම ජීවිතයේ වැදගත් අවස්ථා අත්විදීමටද අවස්ථාව ලබාදෙනවා. මෙවර
ජාත්‍යන්තර ඡුායාරූප දිනයට සමගාමීව සංවිධානය කළ මෙම තරඟාවලිය තුළින් අප
බලාපොරොත්තු වුණේ වැදගත් අවස්ථා ඡුායාරූපගත කළ ඔබට ත්‍යාග දිනා ගැනීමට
අවස්ථාවක් උදාකර දීමයි.”
තරඟයට ඇතුළත් වීම සඳහා සහභාගිවන්නන් HNB FINANCE හි Facebook සහ
Instagram ගිණුම් වෙත පිවිස එහි උපදෙස් පරිදි තරගයට සහභාගී වීමට අවස්ථාව ලබා
දෙන ලදි. ඕනෑම අයෙකුට DSLR කැමරාවක් හෝ දුරකථන කැමරාවක් හරහා තම
කැමැත්ත මත හෝ වෘත්තීයමය වශයෙන් අහඹු ලෙස ලබා ගත් පවුලේ අය සමඟ ගතකල
විශේෂ අවස්ථාවක් හෝ ත‍්‍රාසජනක මොහොතක් සහිත ඡුායාරූප මේ සඳහා ඉදිරිපත්
කළ හැකි විය.
තරඟය 2022 අගෝස්තු 18 වන දින අවසන් වූ අතර ජයග‍්‍රාහකයින් 2022 අගෝස්තු 19
වන දින ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව නිර්මාණශීලීත්වය සහ එක් ඡායාරූපයක්
වෙනුවෙන් ඔවුන් දැක්වූ කුසලතාව සහ දායකත්වය මත පදනම්ව ජයග‍්‍රාහකයින් තෝරා
ඔවුන්ට වටිනා ත්‍යාග පිරිනමන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *