සිය සන්නාම අනන්‍යතාවය ප‍්‍රතිනිර්මාණය කරමින් HNB පුනරාගමනයට සැරසෙයි

දශකයකට අධික කාලයක් පුරා දිවෙන සිය පරිවර්තනීය ගමන්මගේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන්
කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පාරිභෝගිකයා
කේන්ද්‍ර කරගත් බැංකුකරණය සහ තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු නව සන්නාම අනන්‍යතාවය හඳුන්වා දෙන
බව නිවේදනය කර සිටී.
HNB හි ප‍්‍රධාන බැංකු පද්ධති සඳහා වන පුළුල් වෙනස් කිරීම් සහ පරිපූර්ණ කුසලතා සංවර්ධන වැඩසටහනකින්
HNB හි නව සන්නාම අනන්‍යතාවය සවිබල ගැන්වී තිබේ. සෑම බැංකු අවශ්‍යතාවයක්ම විශ්වසනීය ලෙස ඉටු
කිරීමට අමතරව ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති පහසු, බාධාවකින් තොර විසඳුම් ලබා
දෙන, බැංකුකරණය සඳහා නව, යාවත්කාලීන ප‍්‍රවේශයක් ප‍්‍රදර්ශනය කිරීම සඳහා මෙම නව සන්නාම
අනන්‍යතාවය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ
”අපගේ නව සන්නාම අනන්‍යතාවය එළිදැක්වීම පිළිබඳව අප අතිශයින් සතුටු වනවා. ඒ සමඟින් අපගේ බැංකු
සේවාවන්ට නව අරුතක් හා හැඟීමක් එක් කිරීමට එයට හැකිව තිබෙනවා. මෙම වෙනස්කම් අපගේ ශාඛා ජාලය
හරහා ඔබට පැහැදිලිවම දැකගත හැකියි. ශ‍්‍රී ලංකාවේ බැංකුකරණයේ මීළඟ විප්ලවය සිදු කිරීම සඳහා දශකයක
කාලයක් තිස්සේ අපගේ කණ්ඩායම්වල වෙහෙස මහන්සි වී වැඩ කිරීම හා කැපවීම ප‍්‍රතිඵලය මේ තුළින් පෙන්නුම්
කරනවා.
”මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අතිශය තීරණාත්මක සන්ධිස්ථානයකට පත්ව තිබෙනවා. අපගේ
පරිවර්තනීය ගමන්මගේ තවත් වැදගත් පියවරක් වන මේ තුළින් අප අරමුණු කරන්නේ අපගේම කණ්ඩායම පසුගිය
දශකය තුළ අත්කර ගත් අද්විතීය ප‍්‍රගතිය සැමරීම පමණක් නොව අපගේ ගනුදෙනුකරුවන්ට සහ අපගේ
පාරිභෝගිකභවතුන්ට හා රටට ඒ තුළින් තව තවත් සේවාවන් සැපයීමයි. මෙම නව සන්නාම අනන්‍යතාවය දියත්
කිරීමත් සමඟම මේ දක්වා බැංකු ක්ෂේත‍්‍රය වෙනුවෙන් අප විසින් සිදු කර ඇති පරිවර්තනීය වෙනස්කම් තුලින් අපගේ
පණිවිඩය පැහැදිලි ඇති බව අප හිතනවා. ඒ සියල්ල තිබියදීත්, HNB ශ‍්‍රී ලංකාවේ අනාගතය කෙරෙහි දැඩි
විශ්වාසයකින් යුතුව සිටින අතර සියලූම ශ‍්‍රී ලාංකිකයින්ගේ ප‍්‍රගතියේ සැබෑ හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩව
සේවය කිරීමට කැපවී සිටිනවා.’’ යනුවෙනි.
HNB හි පරිවර්තනීය න්‍යාය පත‍්‍රය මගින් ව්‍යාපාර තිරසාර රාමුවක් තුළ ඇති ව්‍යාපාරයක දියුණුව,
පාරිභෝගික අත්දැකීම්, ඵලදායිතාවය, පුද්ගල සංවර්ධනය සහ තාක්ෂණික හැකියාව යනාදි ප‍්‍රධාන සාධක
කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඒ අනුව, බැංකුව එහි පාලනය, විශ්වාසය, අනුකූල වීම සහ අවදානම් කළමනාකරණ ව්‍යුහයන් උපායමාර්ගික
ප‍්‍රතිසංස්කරණයකට ලක් කළ අතර 2004 දී ISO 9001 සහතිකය ලබා ගැනීම සඳහා පියවර රැසක් ද ගනු ලැබීය.
පසුව, පාරිභෝගික ණය, එකතු කිරීම්, නැවත අයකර ගැනීම්, ණය මෙහෙයුම්, ණය පරිපාලනය සහ ආරක්ෂිත
ස්ථාන ආදිය සඳහා මධ්‍යස්ථාන පිහිටුවමින් බැංකුව ප‍්‍රධාන බැංකු මෙහෙයුම් ඉතා කඩිනමින් මධ්‍යගත කළේය.
බැංකුවේ කණ්ඩායම් තුළ ධාරිතාවය වර්ධනය කරමින් අනාගතයට සූදානම් වන පරිදි එහි සේවා සංස්කෘතිය
නවීකරණය කරන අතරතුර සේවාවන් සැලසුම් කිරීම මගින් බැංකුකරණය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම
සඳහා 2018 දී Project Everest හඳුන්වා දීම වැදගත් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. COVID-19 වසංගතය
හමුවේ ඇති වූ දැඩි බලපෑම් මධ්‍යයේ සබඳතා රහිත බැංකු විසඳුම්, ගෙවීම් සහ පියවීම් සඳහා පුළුල් ප‍්‍රවේශයක්
ලබා දීම සඳහා HNB සිය ඩිජිටල් පරිවර්තනය තවදුරටත් වේගවත් කළේය. එම කාල පරිච්ෙඡ්දයේදී HNB විසින්
අත්‍යාවශ්‍ය බැංකු සේවා සැපයීම සඳහා නිවසේ ආරක්ෂිතව හිඳිමින් රැකියා කටයුතු කිරීම සඳහා ඩිජිටල් වේදිකා
සකස් කරන අතරතුර සිය ජංගම මුදල් පසුම්බිය වන HNB SOLO වැඩිදියුණු කිරීමට ද කටයුතු කළේය.

”දශකයක පමණ කාලයක සිට ශ‍්‍රී ලංකාවේ පමණක් නොව, ආසියානු කලාපය පුරා බැංකු විශිෂ්ඨත්වයේ නව
ආදර්ශයක් සනිටුහන් කිරීමට HNB අප අධිෂ්ඨානශීලී ගමනක නිරතව සිටිනවා. සාඩම්බර උරුමයකට ද හිමිකම්
කියන කීර්තිමත් බැංකුවක් වීමේ සිට අනාගතය සඳහා සූදානම් බැංකුවක් බවට පත් වීමට අවශ්‍ය අභියෝගාත්මක
තීරණ ගැනීමට අපට අවශ්‍ය වුනා.
”අපගේ මෙම නව සන්නාමය අනන්‍යතාවය අනාගතය සඳහා වන සලකුණක්. එමගින් පාරිභෝගිකභවතුන්ගේ සිට
ව්‍යවසායකයින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ විශාල සමාගම් දක්වා වූ සෑම ශ්‍රී
ලාංකිකයෙකුටම ඕනෑම තැනක, ඕනෑම වේලාවක අපගේ සේවාවන් වෙත ප‍්‍රවේශ විය හැකි අතර කාර්යක්ෂම,
කඩිනම් හා ඵලදායී සේවාවක් ද සහතික කරනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් අලස් මහතා වැඩිදුරටත්
පැවසුවේය.
HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ඨත්වය සනිටුහන්
කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන
උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.
තවද එක්සත් රාජධානියේ කීර්තිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු
1000 අතරට HNB ශ්‍රේණිගත කර ඇති අතර 2021 ජාත්‍යන්තර මූල්‍ය සඟරා සම්මාන උළෙලේදී ‘‘විශිෂ්ටතම
පාරිභෝගික බැංකුව’’ සහ ‘‘විශිෂ්ටතම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’’ යන සම්මාන හිමි
කරගැනීමට ද බැංකුව සමත් විය. මීට අමතරව අඛණ්ඩව සිව්වන වරටත් ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ගෞරවනීය
සමාගම් 10 අතරට ද HNB තේරී පත් වී ඇත.
මේ වසරේදී බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance
Forum and Awards හිදී ‘විශිෂ්ටතම IoT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA)
විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන
සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.
මෙරට ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම සඳහා පැවති 2022
LankaPay Technnovation සම්මාන උළෙලේ දී සම්මාන හතරක් දිනා ගනිමින් සිය විශිෂ්ටත්වය නැවතත් පෙන්නුම්
කිරීමට HNB සමත් විය. පාරිභෝගික පහසුව සඳහා වන වසරේ විශිෂ්ටතම බැංකුව සහ මූල්‍ය ඇතුළත් කිරීම් සඳහා
වන කාණ්ඩයේ වසරේ බැංකුව සඳහා වන රන් සම්මාන දිනා ගැනීමට අමතරව ‘විශිෂ්ටතම ඩිජිටල් ගෙවීම්
උපායමාර්ගය සඳහා වසරේ මුල්‍ය ආයතනය’ සඳහා වන රිදී සම්මානය ද, මෙම වසරේ ‘අන්තර් බැංකු ඩිජිටල්
ගෙවීම්වල විශිෂ්ටත්වය (බැංකු ආයතන) – සමස්ත සම්මානය’ සඳහා ලෝකඩ සම්මානය ද දිනා ගැනීමට HNB සමත්
වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *