පරිශීලකයින් එයාර්ටෙල් Freedom රු.749 පැකේජයේ සිය අත්දැකීම් පිළිබඳව කතා කරයි…

කොවිඞ්-19 වසංගතයේ ආරම්භයත් සමඟින් පසුගිය වසර 2 තුළ අප යමක් ඉගෙන
ගත්තා නම්, ඒ අනන්‍යයන් සමඟ සම්බන්ධව සිටීමේ වටිනාකමයි. රූපවාහිනිය නැරඹීමේ
සිට WFH දක්වා අප කරන කියන සෑම දෙයක් සඳහාම අප සියලූ දෙනා අපගේ ජංගම
දුරකතන භාවිත කරනු ලබන අතරම බොහෝ දෙනෙක් මේ වන විට ඔවුන්ගේ වැය
කරන මුදලට උපරිම වටිනාකමක් ලබා ගත ක‍්‍රම සොයමින් සිටී.
ඒ පිළිබඳව එයාර්ටෙල් සිය අවධානය යොමු කර ඇති බව පෙනේ. ඕනෑම ජාලයක් අතර
අසීමිත දේශීය ඇමතුම් නොමිලේ ලබා දීමට මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල අසීමිතව සැරි
සැරීමට පහසුකම් හා ප‍්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබූ පළමු ජංගම විදුලි සංදේශ සේවා
සැපයුම්කරුවා වන්නේ එයාර්ටෙල් ලංකා සමාගමයි. එයාර්ටෙල් Unlimited Freedom
පැකේජය වෙත මාරු වූ කිහිපදෙනෙකුගෙන් එම අත්දැකීම කෙබඳුද යන්න සහ
එයාර්ටෙල් විසින් පොරොන්දු වූ පරිදි ඔබ බලාපොරොත්තු වන දේ ලබා දෙන්නේ දැයි
විමසා බැලීමට අපි තීරණය කළෙමු.
තරුණ බැංකු වෘත්තිකයෙකු වන භාග්‍යා හට එයාර්ටෙල් හි රු. 749 පැකේජය පිළිබඳව
දැනගන්නට ලැබී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක ඇයගේ මිතුරෙකු හරහායි. නව
දුරකතන සම්බන්ධතාවයක් අත්හදා බැලීමට ඇය මුලදී පසුබට වූවත් මුදල් ඉතිරි කිරීමේ
අවශ්‍යතාවය මත එය උත්සාහ කර බැලීමට ඇය තීරණය කළාය.
”මම දැනට භාවිත කරන මගේ දුරකතන අංකය වෙනස් කිරීමට මට අවශ්‍ය වූයේ නෑ.
නමුත් මට තිබෙන්නේ dual SIM ජංගම දුරකනනයක් නිසා අවසානයේ මම එය මගේ
දෙවන සිම්පත ලෙස භාවිත කිරීමට තීරණය කළා. මම දැන් එය භාවිතයට ගෙන
මාසයක් පමණ වුවත් එය මගේ අවශ්‍යතාවන්ට හරියටම ගැලපෙන පැකේජය බව මට
කිව හැකියි. මම මීට පෙර වෙනත් ජාලවල පැකේජ ගණනාවක් භාවිත කර තිබෙනවා.
නමුත් ඒ කිසිවකින් අප ගෙවන මුදලට අප බලාපොරොත්තු වූ වටිනාකමක් ලබා දුන්නේ
නෑ. අපි ගෙවන මුදලට හොඳම වටිනාකමක් සොයන මෙවැනි කාලයක වෙනත් ජාල
වෙත ලබා ගන්නා අසීමිත ඇමතුම් අපට බොහෝ සෙයින් උපකාරී වනවා. එහිදී හොඳ
සිග්නල් ආවරණය, ලබා ගන්නා හා ලැබෙන ඇමතුම්වල ගුණාත්මකභාවය සහ data
විශ්වසනීයත්වය ද ඉතා වැදගත්. මගේ සහෝදරයා Zoom ඔස්සේ ඔහුගේ ඉගෙනීම්
කටයුතු කිරීමේදී මගේ මෙම පැකේජය භාවිත කරන නිසා ඔහුටද මා මෙය නිර්දේශ
කළා.’’ යනුවෙන් ඇය පැවසුවාය.
මූල්‍ය ක්ෂේත‍්‍රයට අදාල පසුබිමකින් එන ටිරෝන් අතපත්තු නව එයාර්ටෙල්
පරිශීලකයෙකි. නමුත් දැනටමත් එහි උපරිම ප‍්‍රතිලාභ අත්විඳින්නෙකිx ඒ පිළිබඳව
ඔහුගේ උද්යෝගිමත් බව අප සමඟ බෙදාහදා ගත්තේ මෙසේයි. ‘‘මාස කිහිපයකට පෙර
සිටයි මම එයාර්ටෙල් භාවිත කරන්නේ. නමුත් මේ වන විට මගේ නිර්දේශය අනුව
එයාර්ටෙල් රු. 749 පැකේජය මගේ පවුලේ සියලූම දෙනාත් මගේ හිතවතුනුත් භාවිත
කරනවා. මම එයාර්ටෙල් රු. 749 පැකේජය භාවිත කිරීම පටන් ගෙන මාස 3 කට වැඩි
කාලයක් ගතවුවත් දැනට ඒ සම්බන්ධයෙන් මට කිසිඳු පැමිණිල්ලක් නෑ. මගේ බිරිඳ
ඇයගේ ඉගෙනීම් කටයුතුවලටත් මම මගේ කාර්යාලීය වැඩ කටයුතු කිරීමටත් මෙය
භාවිත කරනවා. ඒවගේම අපට කිසිඳු කරදරයකින් තොරව ෆේස්බුක්, මැසෙන්ජර්,

යූටියුබ් සහ වට්ස්ඇප් වැනි සමාජ ජාල වෙත අසීමිතව ප‍්‍රවේශ විය හැකියි. ඉන්
ලැබෙන අමතර 30GB ඬේටා ප‍්‍රමාණය ද ඇත්තෙන්ම විශාල වාසියක්. ඇත්තටම
එයාර්ටෙල් මෙවැනි දෙයක් පරිශීලකයින්ට ලබා දීමට මූලිකත්වය ගැනීම ගැන අප
අවංකවම සතුටු වනවා. මෙවැනි අසීරු කාලපරිච්ෙඡ්දයක ඒක ලොකු සහනයක් යැයි
මා විශ්වාස කරනවා.”
චමරා දිල්රුක්ෂි Advertising ක්ෂේත‍්‍රයේ සේවයි කරයි. විශේෂයෙන්ම නිවසේ සිට වැඩ
කිරීමේදී තම ජංගම දුරකතනයේ අන්තර්ජාල සබඳතාවය මත යැපීමට සිදුවන අයෙකුට
එයාර්ටෙල් හි Unlimited Freedom පැකේජය මහත් අස්වැසිල්ලකි. ඒ පිළිබඳව ඇගේ අදහස්
මෙසේ පළ කළාය. ”කොවිඞ්-19 වසංගතයේ පැතිරීමත් සමඟ අප සියලූ දෙනාටම නිවසේ
සිට වැඩ කටයුතු කිරීමේ සංස්කෘතියකට හැඩගැසීමට සිදු වුනා. එය මට සිතූ තරම්
පහසු කටයුත්තක් වූයේ නෑ. එයට හැඩගැසීමට මට ටික කලක් ගතවුනා. නමුත් මම
ඬේටා සඳහා කොපමණ මුදලක් වැය කර තිබුණාද කියා වටහා ගැනීමට මට ඊටත් වඩා
කාලයක් ගත වුනා. වාසනාවකට මෙන්, මගේ මිතුරිය නිවසේ සිට වැඩ කිරීමට
එයාර්ටෙල් හි රු. 749 පැකේජය භාවිත කර තිබූ නිසා ඇය මට එය නිර්දේශ කළා.
එයින් ලැබෙන අමතර 30GB ඬේටා නිසා මගේ මාසික ඬේටා භාවිතය සැලසුම් කිරීම
වඩාත් පහසු වුනා. ඒවගේම මසකට වරක් පැකේජය සක‍්‍රීය කිරීමේ පහසුකම ද අමතර
වාසියක්. සාමාන්‍යයෙන් මම සතිපතා, සමහර අවස්ථාවල දිනපතා reload කිරීමට පුරුදුව
සිටියා. නමුත් දැන් එයාර්ටෙල් රු. 749 පැකේජය නිසා මම කරදරයෙන් නිදහස්.
එයාර්ටෙල් තම පරිශීලකයින් වෙනුවෙන් මෙවැනි පියවරක් ගැනීම ගැන සතුටුයි!’’
එයාර්ටෙල් ඔවුන්ගේ ආවරණ ජාලය රට පුරා ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු
කරමින් සිටී. මේ සම්බන්ධයෙන්ද අපගේ පරිශීලක ප‍්‍රතිචාරය විමසා බලන්නට අප
අදහස් කළා. ඒ අනුව කිරිබත්ගොඩ පදිංචි දිල්රුක්ෂි සිය අත්දැකීම් මෙසේ අප වෙත
පැවසුවා. ”එයාර්ටෙල් මුලින්ම ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අවධියේ එයාර්ටෙල් සබඳතාවක්
ලබා ගත් අය අතරින් මමත් එක් අයෙක්. නමුත් කණගාටුවට කරුණ ඒ කාලයේ
ආවරණය සීමිත වූ නිසා ඒ ගැන කළකිරීමක් ඇති වුනා. ඔබ sales සම්බන්ධ රැකියාවක
නියුතු අයෙක් නම් ඔබ දන්නවා ඇමතුමක් අතහැර දැමීම බොහෝදුරට සේවාදායකයෙකු
අහිමි කරගන්නවා හා සමාන බව. නමුත් මෑතකදී මට Unlimited Freedom පැකේජ ගැන
දැන ගැනීමට ලැබුනා. එයින් ලැබෙන ප‍්‍රතිලාභ ගැන ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණු
නිසා මමත් එය නැවතත් උත්සාහ කර බැලීමට තීරණය කළා. ආවරණය ජාලය
වැඩිදියුණු කර තිබීම සහ එය දැන් රට පුරා ව්‍යාපත්ව තිබෙනු දැකීමෙන් මා ඉතා
සතුටට පත්වුණා. මම sales සම්බන්ධ රැකියාවක් කරන නිසා අඛණ්ඩ සේවාවක් යනු
නියත වශයෙන්ම අවතක්සේරු නොකරන ආශීර්වාදයක්!”.
ශ‍්‍රී ලංකාව තුළ තවමත් mobile number portability පහසුකම ලබා දී නොමැති බැවින්
එයාර්ටෙල් වෙත නැවතත් මාරුවීම පහසු කාර්යයක් නොවේ. ”මගේ පුද්ගලික හා
රාජකාරී කටයුතු සඳහා මම දැන් අවුරුදු 10ක් තිස්සේ මගේ අංකය භාවිත කරනවා.
අංක මාරු කිරීම පහසු නෑ. එක් මොබයිල් සබඳතාවයකින් වෙනත් මොබයිල්
සබඳතාවක් වෙත මාරු වීමේදී පමණක් මගේ අංකය මා ළඟ තබා ගැනීමට ක‍්‍රමයක්
තිබුණා නම් එම සබඳතාවය හැකි ඉක්මනින් මා ලබා ගන්නවා. ඒවගේම එයාර්ටෙල්
Freedom පැකේජ තුළින් පරිශීලකයින්ට ඉතා හොඳ ප‍්‍රතිලාභ ලබා දී තිබෙන බව මා
සඳහන් කළ යුතුයි. මේ වන විට මම මගේ පෞද්ගලික අංක එයාර්ටෙල් අංකය වෙත
මාරු කරමින් සිටිනවා.’’

එයාර්ටෙල් රු. 749 Unlimited Freedom පැකේජය මගින් පරිශීලකයින්ට දින 30ක් සඳහා
ඕනෑම වෙලාවක භාවිත කළ හැකි අමතර 30GB 4G data වලට අමතරව වෙනත් ඕනෑම
ජාලයකට අසීමිත ඇමතුම් සහ Facebook, Messenger, WhatsApp හා YouTube වැනි සමාජ
මාධ්‍ය ජාලවල අසීමිතව සැරි සැරීමට හැකියාව හා SMS පහසුකම් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *