22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලාංකික අනාගතය “2022  Sri Lanka Future Leaders” සම්මාන උළෙල

අහස මාධ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා අනාගත නායකයින් 2022” (Sri Lanka Future Leaders) සම්මාන ප්‍රදානෝත්සවය විවිධ ක්ෂේත්‍රවල දක්ෂ සිසුන් සඳහා ඔක්තෝබර් 22 සෙනසුරාදා කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අහස මාධ්‍ය කණ්ඩායම ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියංග බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක, ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හසීම් ඕමාර්, පාසල් දැල්පන්දු සංගමයේ ලේකම් සහ පාදුක්ක ශ්‍රී පියරත්න විද්‍යාලයේ සහකාර විදුහල්පතිනි ශිරෝමා කුරුප්පු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් විසින් සිසුන් වෙත සම්මාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.
බොරැල්ල සුසුමයවර්ධන විද්‍යාලයේ සහකාර විදුහල්පති වසන්ත හරිස්චන්ද්‍ර, ඉමාෂි ප්‍රකාශන අධිපති විමල් දිසානායක, හුසේන් රෂාඩ් පදනමේ සභාපති හුසේන් රෂාඩ්, අහස මාධ්‍ය කණ්ඩායම කළමනාකාර අධ්‍යක්ෂ ජනප්‍රිය ජයසිංහ, විධායක අධ්‍යක්ෂ සමන් චන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු ද උත්සවයට සහභාගි වූහ.
langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz