ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්තයේ ICN කායවර්ධන තරගාවලියේ ශූරතාවයන් දෙකක් ලක්මවට දිනා දීමට කායවර්ධන ශූරී සුපුන් වෙඩික්කාර සමත්වෙයි.

මෙම තරගය පැවතියේ පසුගිය ඔක්තෝම්බර් පලමුවෙනිදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේය.
එහිදි වික්ටෝරියා මාංශපේෂි ශූරතාවය සහ ආදර්ශ ශූරතාවයට සහභාගි වී එම අංශ දෙකෙන්ම දෙවන සහ තුන්වන ස්ථාන ජයග්‍රහනය කරන ඔහු මෙම වර්ෂයේම සැප්තැම්බර් මස බැලරාට්වල පැවති ICN තරගයට සහභාගි වී Sunthern Cross පිරිමි ශාරීරික යෝග්‍යතා අංශ දෙකෙන්ම දෙවන් ස්ථාන දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වෙයි. මෙම ජයග්‍රහණත් සමග ඔහු 2023 වර්ෂයේ මාර්තු මස ICN Summer තරගාවලියට සහභාගි වීමට නියමිතය.

2020 වර්ෂයේ සිට teamnwstart ආයතනය හා සම්බන්ධ වී ඔවුන්ගේ උපදෙස්වලට අනුව වසර දෙකක් ඇතුලත කිලෝග්‍රෑම් අනූ අටක්ව පැවති ඔහුගේ බර කිලෝග්‍රෑම් හැට එකක් දක්වා එනම් කිලෝග්‍රෑම් තිස් හතකින් අඩුකර ගැනීමට සමත් වන ඔහු නියම ආකාරයෙන් මාංශ පේශී සකස් කරගනිමින් ඉදිරි ජාත්‍යන්තර තරගාවලින් සදහා සහභාගි වීමට නියමිත අතර ලක්මව රනින් සැරසීම එකම අභිප්‍රාය කර ගනිමින් තම ශාරිරික යෝග්‍යතා පුහුණු කටයුතු වල නියැලෙමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *