Samsung Neo QLED 8K රූපවාහිනිය සමඟින් ඔබේ ආලින්දයට නවමු ආකර්ෂණයක් එක් කර ගන්න

අප නිරන්තරයෙන් වෙහෙසෙන්නේ අපගේ නිවස ආකර්ෂණීය හා සුන්දර ස්ථානයක් බවට පත් කර ගැනීමටයි. ඒ
නිවසේ පෙනුම තුළින් එහි ජීවත් වන පුද්ගලයින්ගේ තත්වය සියලූ දෙනාට ප‍්‍රදර්ශනය වන බැවිනි. නිවසේ ඇති
ගෘහ භාණ්ඩ, තිර රෙදි පමණක් නොව ගෘහ විදුලි උපකරණ වැනි සියලූ දේ තුළින් ඔබගේ ස්වභාවය මනාව පිළිබිඹු
වන බව රහසක් නොවේ. නිවසක සොඳුරු බව හා ආකර්ෂණය තුළින් එම නිවසේ සිටින පුද්ගලයින්ගේ ස්වභාවය,
ඔවුන්ගේ සිතුම් පැතුම් නිරායාසයෙන්ම ප‍්‍රකාශ වන්නේ නිවසේ සියලූ දේ එහි සිටින පුද්ගලයින්ගේ තෝරා ගැනීම්
වන නිසාමය.
Samsung වෙතින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනී පෙළ ඔබේ නිවසට අලංකාරයක් මෙන්ම මනා පෙනුමක්
එක් කරනුයේ ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක් ගෙන එමිනි. ආකර්ෂණීය නිමාවකින් යුත් Neo QLED 8K
රූපවාහිනී ඔබේ නිවසට අභිමානවත් බවක් එක් කරන අතරම අති නවීන තාක්ෂණයේ මහිමයෙන් ඔබේ නිවසට
සතුට, සැනසුම එක් කරනු නොඅනුමානය.
Samsung Neo QLED 8K රූපවාහිනී ඔබේ නිවසට සැබැවින්ම සුන්දරත්වයක් ගෙන දෙන්නේ කෙසේදැයි ඔබට
සිතෙනු ඇත. රූපවාහිනියක් නිවස අලංකරණය කරන්නේ කෙසේදැයි ඔබ කල්පනා කරනවා විය හැකිය.
ඒ සියලූ දේ Samsung Neo QLED 8K රූපවාහිනී දුටු පමණින් ඔබට නිරාකරණය වනු නිසැකය. Signature
Infinity One නිමාවෙන් යුත් සිහින් Neo QLED 8K රූපවාහිනී හි නිර්මාණාත්මක බව නිසාම එය ඔබට ඉමහත්
ආශ්වාදයක් එක් කරනු ඇත. එය සැබැවින්ම ඔබටත්, නිවසට පැමිණෙන අමුත්තන්ටත් සොඳුරු දසුනක් එක් කරනු ඇත.
Quantum Mini LED මගින් බල ගන්වනු ලබන Quantum Matrix Technology Pro තාක්ෂණයෙන් සුසැදි Neo
QLED 8K රූපවාහිනී සුපැහැදිලි හා මනස්කාන්ත දසුන් ඔබ වෙත ගෙන එන්නේ සාමාන්‍ය LED රූපවාහිනියකට
වඩා 1/40 ක Quantum Mini LED සමගිනි. ගැඹුරු කළු වර්ණය තුළින් දීප්තිමත් බවක් තිරයට ගෙන එන එහි
පින්තූර බොඳ වීම ඉතා අවම වන අතර එහි Shape Adaptive Light Control මගින් පින්තූරයේ ඇති විවිධ දේ
එකිනෙකට වෙනස් අයුරින් නිවැරදිව විශ්ලේෂණය කර ඊට ගැලපෙන ආකාරයෙන් ආලෝකය පාලනය කරන හෙයින්
බාධාවකින් තොරව රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව උදා වේ.
තෙවන පාර්ශවීය උපාංග සඳහාද නැවතුම් පාලන මධ්‍යස්ථානයක් බවට රූපවාහිනිය පත් කරන IoT Hub එකකින්
සමන්විත Neo QLED 8K රූපවාහිනිය සතු SlimFit TV වෙබ් කැමරාව සුවිසල් රූපවාහිනී තිරය තුළින් වීඩියෝ ඇමතුම්
හෝ web conference හරහා ඔබේ මිතුරන් හා ආදරණීයයන් සමඟ සිතූ සේ සම්බන්ධ වීමේ අවස්ථාවද උදා කර දීම
ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත. හොඳම රූපවාහිනී අත්දැකීමක් ඔබේ ආලින්දයට ගෙන එන Neo QLED 8K
රූපවාහිනී පෙළ සතු Smart Hub විශේෂාංගය තුළින් ඔබට වඩාත් පහසු මුල් තිරයක් සමඟින් මනා රසවින්දනයක්
ඔබට ගෙන එනු නොඅනුමානය.
පරිශීලකයින් වෙත සිනමාමය අත්දැකීමක් ළඟා කිරීම වෙනුවෙන් මනා ශ‍්‍රව්‍ය අත්දැකීමක් ඔබ වෙත ගෙන එන භැද
Neo QLED 8K හි ශබ්ද පද්ධතිය තුළින් අසමසම ත‍්‍රිමාණ surround ශබ්දයක් සමඟින් අපූරු විනෝදාස්වාද
අත්දැකීමක් ඔබට තිළිණ කරනු ලබයි.
පාරිභෝගිකයාට සරිලන නවෝත්පාදනයන් නව පරිපූර්ණ මට්ටමකට ගෙන යමින් Samsung හඳුන්වාදෙන Neo
QLED 8K රූපවාහිනී පෙළ පාලනය කරනු ලබන SolarCell දුරස්ථ පාලකය මඟිනි. සම්පූර්ණයෙන් බැටරි රහිත
දුරස්ථ පාලකයක් වන එය ඔබේ නිවස තුළ සූර්යාලෝකය තුළින් ආරෝපණය කිරීමේ පරිසර හිතකාමී උපාංගයක්ද
වේ.
ප‍්‍රමාද දෝෂයන්ගෙන් තොරව පහසුවෙන් ක‍්‍රීඩා කිරීමේ හැකියාව සහිත Neo QLED 8K රූපවාහිනී පෙළ සතු
Game Bar තුළින් gaming status නිරීක්ෂණය කිරීමටත් පහසුවෙන් ක‍්‍රීඩා සැකසීම් (game settings) සිදු
කිරීමටත් අවස්ථාව සළසා දී ඇත්තේ gaming සඳහාද මනා අවකාශයක් සලසා දෙමිනි. එමෙන්ම Zoom-in mode
සහ සමඟින් අඳුරු ස්ථානයන්ගෙන් තොරව තිරය දැක ගැනීම පහසුවද තවත් සුවිසල් වාසියක් වනු ඇත. මේ සියලූ දේ
සඳහා ක‍්‍රීඩකයින්ට අත්‍යාවශ්‍ය Motion Xcelerator Turbo Pro තාක්ෂණයද Neo QLED 8K හි අන්තර්ගත
වේ.

මෙම නිෂ්පාදන පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් දැන්
ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *