22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සර්ව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් HNB 2023 නව වසර ආරම්භ කරයි

සර්ව ආගමික වත් පිළිවෙත් සිදුකරමින් සහ සිය ගනුදෙනුකාරභවතුන්ට, සේවකයින්ට
හා පාර්ශවකරුවන්ට ආශිර්වාදය හා කෘතඥතාව පළකරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම
පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව චාරිත‍්‍රානුකූලව 2023
නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේය.
මේ වෙනුවෙන් HNB ප‍්‍රධාන කාර්යාලයේදී HNB සභාපතිනී, අරුණි ගුණතිලක, HNB
කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී, ජොනතන් අලස් සහ HNB විධායක
අධ්‍යක්ෂ/ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, දිල්ශාන් රොද්‍රිගෝ යන මහත්ම මහත්මීන්ගේ
ප‍්‍රධානත්වයෙන් පැවති සර්ව ආගමික වතාවත්වලින් නව වසරේ වැඩ කටයුතු ආරම්භ
කෙරුණු අතර මේ සඳහා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය, ආයතනික සහ විධායක
කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා 2023 නව
වසර වෙනුවෙන් පැමිණ සිටින සියලූ දෙනාට සිය සුභාශිංසන පිරිනැමුවේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz