MAS Eco Go Beyond තිරසර සංවර්ධන පාසල් වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත වෙයි

Bodyline ආයතනයේ නිෂ්පාදන අංශය, Intimate Fashions India වැඩසටහන දියත් කිරීමට

සහාය දක්වයි

ප‍්‍රමුඛ ඇඟලූම් නිෂ්පාදකයෙකු වන MAS Holdings මීට වසර 15 කට පෙර දියත් කරන ලද
Eco Go Beyond වැඩසටහන පළමු වරට ශ‍්‍රී ලංකාවෙන් ඔබ්බට ගමන් කර ඇත. ඒ අනුව
MAS Eco Go Beyond තිරසාර සංවර්ධන අධ්‍යාපන වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත
කරන ලදී.
Eco Go Beyond වැඩසටහන කායරඹේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි
පාසලේදී දියත් කරන ලද අතර MAS හි ව්‍යාපාරික අංශය වන Bodyline ආයතනයේ
නිෂ්පාදන අංශයක් වන Intimate Fashions India (Pvt) Ltd, සමඟ එක්ව මෙම වැඩසටහන
කි‍්‍රයාත්මක කරන ලදී. එහිදී සම්මානලාභී චිත‍්‍රපට නිෂ්පාදක සහ අධ්‍යාපනඥ
රාම්නාත් චන්ද්‍රශේකාර් සමඟ එක්ව දැනුම හුවමාරු කර ගැනීමට සිසුන්ට අවස්ථාව
ලැබුණ අතර තිරසාරත්වය පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් තුළින් දැනුම ලබා ගැනීමට
හැකි විය.
”MAS හි අපගේ වැඩපොළවල් වටා සිටින ප‍්‍රජාවන් අපගේ ව්‍යාපාරයේ ශක්තිය බව අපි
විශ්වාස කරන හෙයින් ඔවුන් අපට ලබාදෙන ශක්තියට සමගාමීවම අපි ඔවුන්ගේ
යහපැවැත්ම වෙනුවෙන් ද කටයුතු කරනවා. මීට වසර 15 කට පෙර තිරසර සංවර්ධන
අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගත් අපි සමාජය තුළ
ඵලදායී වෙනසක් ඇති කිරීමේ අරමුණ සහිතව Eco Go Beyond වැඩසටහන දියත් කළා.
මෙම වැඩසටහන ඉන්දියාව දක්වා ව්‍යාප්ත කිරීමට හැකිවීම ගැන අපි සතුටට පත්වන
අතර අප කෙරෙහි විශ්වාසය තබමින් අප සමඟ අත්වැල් බැඳගත් ගුරුභවතුන් හට අපි
කෘතඥ වෙනවා.” යනුවෙන් MAS Holdings හි සමාජ තිරසාරත්වයේ ප‍්‍රධානී අමන්ති
පෙරේරා මහත්මිය පැවසුවාය.
අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව වසර 15ක් ශ‍්‍රී ලංකාවේ පුරා ක‍්‍රියාත්මක වන පරිදි
Eco Go Beyond වැඩසටහන පාසල් 120කට අධික සංඛ්‍යාවක සක‍්‍රීය කර ඇත.
වැඩසටහන සංවේදීකරණය, සක‍්‍රීය කිරීම සහ ප‍්‍රතිලාභ ලැබීම යන අදියර තුනක්
හරහා තිරසර සංකල්ප ඉස්මතු කරයි. පවතින ක‍්‍රමවේද වෙනස් කිරීමේදී අධ්‍යාපන
ක‍්‍රමය තුළින් සිදුකළ හැකි බලපෑම ඉමහත්ය. අධ්‍යයනය සඳහාම වෙන් කරන ලද
කාලයකදී සම්පත් සහ ගුරුවරුන් සමඟ වඩාත් ඵලදායී බලපෑමක් සිදුකල හැකි ස්ථාන
වශයෙන් පාසල් හඳුනාගත හැකිය.
කායරම්බේඩු රජයේ උසස් පාසලේ සහ නන්දිවරම් රජයේ පිරිමි පාසලේ දී මෙම
වැඩසටහන දියත් කිරීම සඳහා සිසුන්, අධ්‍යාපනඥයින්, ආරාධිත කථිකයන්, ප‍්‍රජා
නායකයින් මෙන්ම MAS, Bodyline, සහ Intimate Fashions India හි නියෝජිතයින් ද සහභාගී
විය.
MAS විසින් දිරිමත් ප‍්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා වන MAS “Plan for change” තිරසර
සැලසුමේ කොටසක් ලෙස, MAS සමාගම ක‍්‍රියාත්මක වන අනෙකුත් ප‍්‍රජාවන් වෙතට
පිවිසෙමින් ඉදිරි වසර කිහිපය තුළ Eco Go Beyond වැඩසටහනේ ව්‍යාප්තිය අඛණ්ඩව
කරගෙන යාමට බලාපොරොත්තු වේ.
දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS සමූහය ඇඟලූම් සහ
රෙදිපිළි නිෂ්පාදනයේ වඩාත්ම පිළිගත් නිර්මාණ-බෙදාහරින්නා වේ. මෙහි 118,000 කට
අධික පිරිසක් සේවය කරයි. අද වන විට MAS රටවල් 16 ක් පුරා විලාසිතා සඳහා

ප‍්‍රමුඛත්වයක් ගන්නා ස්ථානවල පිහිටුවා ඇති නිෂ්පාදන කර්මාන්තශාලා හරහා තම
නිෂ්පාදන සිදු කරනු ලබයි. නිරන්තරයෙන් වෙනස් වන ඉල්ලීම් සපුරාලමින් MAS හි
සන්නාම, තාක්ෂණය, FemTech, start-ups සහ ලොව පුරා ඇඟලූම් උද්‍යාන ආදිය වේගවත්ව
පුළුල් වී ඇත.
වසර 35 ක ඉතිහාසයක් හිමි MAS එහි සදාචාරාත්මක සහ තිරසාර සේවා, පරිසර සහ
සමාජ සංවර්ධනය වැඩසටහන් මෙන්ම කාන්තා සවිබල ගැන්වීම වෙනුවෙන් ගෝලීය
පිළිගැනීමක් හිමිව ඇත. MAS සමාගම 2022 දී Fast Company’s World Changing සඳහා අවසන්
තරඟකරුවෙකු ලෙස තේරී පත් වූ අතර Reuters Responsible Business සම්මාන හි දී ඉහළ
පැසසුමට ලක්විය.
නිෂ්පාදන විශිෂ්ටත්වය සහ නිර්මාණශීලිත්වය මෙන්ම නව්‍ය නිෂ්පාදන සහ සැලසුම්
ප‍්‍රදර්ශනය කරමින් ඇඟලූම් කර්මාන්ත ප‍්‍රමුඛයෙකු ලෙස MAS සිය නාමය ලොව පුරා
බබළවයි. අද වන විට MAS නිෂ්පාදන, ජීවිත සහ මිහිතලය යන අංශ තුන යටතේ
තිරසාර වෙනසක් ඇති කිරීම උදෙසා කැපවී සිටියි. මෙම මුලපිරීම් හරහා MAS හි
අරමුණ වන්නේ සියලූම සේවා නියුක්තිකයින්, සිහිනයන් බලගන්වමින් ජීවන වියමන
සාරවත් කරන වෙනස්කරුවන් බවට පත්කිරීමට දිරිගැන්වීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *