22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හේමාස් රෝහල මගින් පොහොය දිනයේ දී ජනතාවට ආහාර සහ වෛද්‍ය සායනයක්

හේමාස් සමූහ ව්‍යාපාරය යටතේ ඇති තලවතුගොඩ හේමාස් රෝහල මගින් සෑම පොහොය දිනයකටම සමගාමීව පවත්වනු ලබන වෛද්‍ය සායනය හා ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන දිවා ආහාර පරිත්‍යාගය අද (06) දින තලවතුගොඩ හේමාස් රෝහල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.

හේමාස් රෝහල් ජාලය විසින් පසුගිය කොවිඩ් ව්‍යසනයෙන් අනතුරුව මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ යටතේ පසුගිය වසරේ මැයි මස සිට සෑම මසකම පොහොය දිනයේදී තලවතුගොඩ සහ වත්තල හේමාස් රෝහල් ආශ්‍රිතව මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන යටතේ අද දින තලවතුගොඩ ප්‍රදේශය හා ඒ අවට 1500 ක ජනතාවක් සඳහා දිවා ආහාර ලබා දීම සිදු කළ අතර ඊට අමතරව පැමිණි සියලු දෙනාටම නොමිලේ වෛද්‍ය සායනයෙන් අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සිදු කර ගැනීමේ පහසුකමද සලසා තිබුනි.

මෙම අවස්තාවට තලවතුගොඩ හේමාස් රෝහලෙහි අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී වෛද්‍ය ප්‍රදීප් එඩ්වඩ්, මෙහෙයුම් කළමනාකාර චාමින්ද කොඩිකාර, පහසුකම් කලමනාකාර තුෂාර ප්‍රදීප්, ව්‍යාපාර සංවර්ධන කළමනාකාර අංජන ක්‍රෑමර් යන මහත්වරු ඇතුළු ආයතනික කාර්යය මණ්ඩලය සහභාගී විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz