22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක හා චිත්‍රපට  රංගනයෙන් දායක වූ බුද්ධි වික්‍රම මහතා   මිය යන විට 83 වන වියේ පසුවූ අතර මියයන විට ඒ මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා 1939 වසරේ ජනවාරි මස 19 වන දා ගාල්ල, හීනටිගලදී උපත ලබා ඇත.  ජී ඩී එල් පෙරේරාගේ සාමා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු රෝමියෝ ජුලියට් කතාවක් ,වැලි කතර ,තරංගා ,අන්තිම රැය ,චක්‍රායුධ වැනි චිත්‍රපට වල කැපී පෙනෙන චරිත නිරුපණය කළේය. ලුෂන් බුලත්සිංහලගේ එක මවකගේ දරුවෝ ටෙලි නාට්‍යයෙන් පුංචි තිරයට පිවිසුන ඔහු කුමාරි හාමි ,තාරා දේවි ,දූ දරුවෝ ,අඹ යහළුවෝ ,ගම් පෙරළිය ,සුසීමා ,හිරුට මුවාවෙන් වැනි ටෙලි නාට්‍ය රැසක රඟපෑවේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz