ෆැසෙට්ස් ශ්‍රි ලංකා සුවිශේෂී මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කෙරෙයි

 මෙම කර්මාන්තය ඇමරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක්
ඉපැයීමේ ඉලක්කය සපුරාගැනීමට සුදානම් බව ඇමති පතිරණ පවසයි
 ප්‍රවර්ධන සහ අලෙවි ප්‍රදර්ශනයේ සුවිශේෂි ස්ථානය ලංකා නිල්මැණික්වලට
 ව්‍යාපාරික කටයුතු සඳහා ශ්‍රී ලංකාව විවෘත හා සූදානම් බව
ප්‍රදර්ශනයෙන් මනාව පෙන්නුම් කෙරෙයි

ජගත් මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රසම්පාදන
සහ මූලාශ්‍රකරණ කැලැන්ඩරයේ බොහෝදෙනා පුල පුලා බලාසිටින, ෆැසෙට්ස් ශ්‍රි
ලංකා ප්‍රදර්ශනය කර්මාන්ත සහ වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහතා විසින් විවෘත කරන
ලදී. සිනමන් ග්‍රෑන්ඩි හෝටලයේ සත්කාරකත්වය ඇතිව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ
අධිකාරිය සහ ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය සංවිධානය කළ
, ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ශ්‍රි ලංකාව ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත හා සූදානම්
බව මනාව පෙන්නුම් කරයි. විවිධ රටවලින් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ
සිටින ගැනුම්කරුවන් හමුවේ ඒ බව මනාව තහවුරු කරන අතර වසර 2500
කට වැඩිකලක සිට අතිවිශිෂ්ට ශෝභාව විහිදුවන කීර්තිමත් ලංකා නිල්
මැණික් මෙහි සුවිශේෂී මැණික වෙයි.
ප්‍රධාන ආරාධිතයා වූ ඇමති රමේෂ් පතිරණ මහතා කතාකරමින් මැණික් සහ
ස්වර්ණාභරණ කර්මාන්තය සම්බන්ධයෙන් වන රජයේ සැලැස්ම විස්තර
කළේය.“2023 වසරේදී මෙම කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක
අපනයන ආදායමක් ඉපයීමේ ඉලක්කය අප දැනටමත් තහවුරු කර ඇති අතර
අගය එක්කිරීමේ කර්ත්‍යවයට අවශ්‍යව පවතින සියළු තාක්ෂණ සේවා සහ
උපකරණ තීරුබදුවලින් නිදහස් කරමින් අපි අපගේ මැණික්වලට අගය
එක්කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සපයමු.මැණික් පතල්කරුවන් සහ ආශ්‍රිත
වෙනත් ජීවිකා වෘත්තීන්හි යෙදෙන්නන් උදෙසා විශ්‍රාම වැටුප් සැලැස්මක් සම්පාදනය පිණිස
කමිටුවක් පත්කරනු ලැබේ”.
ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාඩ් ඩීන් මහතා
පිළිගැනීමේ කතාව පවත්වමින්,මෙම කර්මාන්තය මෙරට ප්‍රධාන විදේශ විනිමය
උපයන මූලාශ්‍රයක් ලෙස ශ්‍රි ලංකා රජය පිළිගත යුතු බව පැවසීය. “මෙම
කර්මාන්තයේ ඉදිරි පැවැත්ම සඳහා රජය පහසුකම් සපයන්නෙකු විය යුතු
අතර එම කර්මාන්තයේ වර්ධනයට බොහෝවිට බාධකව පවතින්නේ
අනේකවිධ හා අකාර්යක්ෂම නිලධාරිවාදී අභියෝගයි. මෑතකදී ඉවත්කරන
ලද දිරිගැන්වීම් නැවත ලබාදීම ගැන සලකා බැලිය යුතුය. මෙම වසරේ

ප්‍රදර්ශනයේදී බොහෝසෙයින් කේන්ද්‍රීය වී ඇති රාජ්‍ය සහ පෞද්ගලික
දෙඅංශයේ හවුල්කාරිත්වය, සහයෝගිතා හවුල්කාරිත්වයක සාක්ෂියක් වන
අතර එමගින් හුදෙක් මෙම කර්මාන්තයට පමණක් නොව සමස්ත ජාතියටම
ප්‍රතිලාභ අත්වෙයි”.
ෆැසෙට්ස් ශ්‍රී ලංකා සභාපති අල්ටාෆ් ඉක්බාල් මහතා අදහස් දක්වමින්
ප්‍රදර්ශනය පිළිබඳ කරුණු දෙකක් අවධාරණ කළේය ; ශ්‍රි ලංකාව ව්‍යාපාරික
කටයුතු සඳහා විවෘත හා සූදානම් බවට ලෝකයට සංඥාවක් දැක්වීම සහ එය
ශක්තිමත් සහ එක්ව වැඩකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික
අංශවල හවුල්කාරිත්වය පිළිබඳ ප්‍රථම උදාහරණයවීමයි. “මෙය රජය පහසුකම්
සපයන්නාවීම සහ පෞද්ගලික අංශය ගාමක බලවේගයවීම වශයෙන් කටයුතු
කරන එක් දුර්ලභ අවස්ථාවක් මෙන්ම සෙසු කර්මාන්තවලටද ගලා යාහැකි
සුසමාදර්ශයක් වනු ඇත”.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ගැනුම්කරුවන් ඇගයීමට ලක් කරමින් කතා කළ
ඉක්බාල් මහතා, “ගුණාත්මක බව විනාශයට පත් නොකරන ඥානවන්ත
ගැනුම්කරුවන් විසින් ශත වර්ෂ ගණනාවක සිට මෙම කර්මාන්තය ගොඩනගා
ඇති අතර ඔබගේ නැවත ආගමනය අපේ රටට යළිත් නිසි මාවතට පිවිසීමට
ශක්තිය ලබාදීමක් හා රටට බෙහෙවින් අවශ්‍යව ඇති විදේශ විනිමය
උපයාගැනීමට උපකාරයක් වෙයි”.
ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය මැණික් ගැරීමේ සිට නිෂ්පාදන,
තොග වෙළඳාම සහ සාමාන්‍ය වෙළඳාම දක්වා මෙම කර්මාන්යේ උප අංශවල
අභිලාෂයන් නියෝජනය කරන පෞද්ගලික අංශයේ මුදුන් සංවිධානයයි. ජාතික
මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රි ලංකා අපනයන සංවර්ධන
මණ්ඩලයේ හවුල්කාරිත්වයෙන් ශ්‍රි ලංකා මැණික් සහ ස්වර්ණාභරණ සංගමය
ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සංවිධානය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *