හේලීස් වැවිලි සමාගම වගා ක්ෂේත‍්‍රයේ සිට කර්මාන්ත ශාලාව දක්වා යොදාගන්නා සිය නවෝත්පාදන ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති වෙත ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී‍්‍ර
ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ
ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික
සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි
වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි.
”ලෝ ප‍්‍රකට ශී‍්‍ර ලාංකීය තේ නිෂ්පාදනය කරන ආකාරය දැක ගැනීමට ලැබීම
සතුටක්. හේලීස් වැවිලි සමාගම විසින් භාවිතා කරන තිරසාරභාවය සහ මානව සම්පත්
පිළිබඳ නවෝත්පාදනයන් අත්විඳීමට සහ දැකුම්කලූ තේ වගාවන් නැරඹීමට අපට
අවස්ථාව ලැබුණා. හේලීස් වැවිලි සමාගම සිය සේවක සේවිකාවන්ගේ ජීවිත නගාසිටුවීම
කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. සමාගමට
ඔවුන්ගේ අනාගත ප‍්‍රයත්නයන් සඳහා මම සුබ පතන අතර JASTECA හි සහාය ඇතිව
ඔවුන් විසින් ක‍්‍රියාත්මක කර ඇති අද්විතීය ක‍්‍රියාදාමයන් සහ සමස්ත ආයතනික
පද්ධතිය මම අගය කරනවා.” යනුවෙන් ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි
මහතා ප‍්‍රකාශ කළේය.
මෙම සංචාරයට හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන්
රාජදුරෙයි මහතා ප‍්‍රමුඛ සමාගමේ කළමනාකාරීත්වය, කැළණි වැලි වැවිලි සමාගමෙහි
අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී අනුර වීරකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වූ
අතර ප‍්‍රධාන/සාමාන්‍යාධිකාරී- මානව සම්පත් කළමනාකාර සහ ආයතනික තිරසාර සහ
JASTECA හි උප සභාපති අනුරුද්ධ ගමගේ මහතා ක්ෂේත‍්‍රයේ සිට කර්මාන්තශාලාව
දක්වා තිරසාර වැවිලි කළමනාකරණය සඳහා වූ සමාගමේ නව්‍ය, නවීකරණය කරන ලද
ප‍්‍රවේශයේ ධනාත්මක බලපෑම පිළිබඳ පැහැදිලි කළේය.
”තානාපතිවරයා අපේ වතුවලට පැමිණීම පේද්‍රෝ වතුයාය සහ කැළණි වැලි වැවිලි
කණ්ඩායම් ඉතා ගෞරවයක් කොට සලකනවා. පරිසර සංරක්ෂණය පිළිබඳ අපගේ
කර්මාන්තයේ ඉහළම ගෝලීය ප‍්‍රමිතීන් පවත්වා ගනිමින් අපගේ සේවකයින් සඳහා
තිරසාර ජීවනෝපායන් සහ ගෞරවනීය ජීවන තත්වයක් කරා මග පෙන්වමින් ඉහළම
ගුණාත්මක තත්වයේ සිලෝන් ටී නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වූ අපගේ අසමසම
කැපවීම ප‍්‍රදර්ශනය කිරීමට මෙහිදී අපට අවස්ථාව ලැබුණා.” යනුවෙන් හේලීස් වැවිලි
සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසීය.
පේද්‍රෝ වතුයායේ තේ වතුවල සංචාරය කරමින් තානාපතිවරයා සිය සංචාරය ආරම්භ
කළේය. හේලීස් වැවිලි සමාගම විසින් එක් එක් අස්වනු නෙළන යන්ත‍්‍ර නිෂ්පාදනය
නිවැරදිව වාර්තා කරන එක් එක් පුද්ගලයා වෙනුවෙන් ඇති NFC කාඞ්පත් සම්බන්ධ කළ
ඉලෙක්ට්‍රොනික කිරුම් තරාදි භාවිතා කරයි.
තානාපති හිදෙකි මිසුකොෂි මහතා, ඉහළ ජීවන යහ පැවැත්මක් සහතික කිරීම සඳහා
දෛනික වැටුප් වැඩ කිරීමේ ආකෘතීන් ඉවත් කිරීමට සමාගමේ පුරෝගාමී උත්සාහයෙන්

ප‍්‍රතිලාභ ලැබූ සේවකයින් ඇතුළුව හේලීස් වැවිලි සමාගමේ සේවකයින් සමඟ සිය
අදහස් බෙදා හදා ගත්තේය.
කලාපීය සාමාන්‍යාධිකාරී දිලූම් පතිරණ මහතාගේ නායකත්වයෙන් යුත් පේද්‍රෝ
කණ්ඩායම ඇතුළු කැළණි වැලි වැවිලි කණ්ඩායම සිය සම්මානලාභී ”සෑම වතු
කම්කරුවෙකුටම නිවසක්” වැඩසටහන හරහා සේවකයින් 8700 කට වැඩි ප‍්‍රමාණයක්
සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 58000 කට වැඩි ප‍්‍රමාණයකට ප‍්‍රතිලාභ හිමිකර
දී තිබේ. පවතින ආර්ථික අර්බුදයේ බලපෑම අවම කර ගැනීම සඳහා සමාගම විසින්
පසුගිය වසර දෙක තුළ සිදු කරන ලද සුවිශේෂී සුබසාධන වැඩසටහන් පිළිබඳ දළ
විශ්ලේෂණයක් ද කණ්ඩායම විසින් සපයන ලදී.
කැළණි වැලි වැවිලි සමාගම, තලවකැලේ වතු සමාගම සහ හොරණ වතු සමාගම යන
ප‍්‍රමුඛ පෙළේ කලාපීය වැවිලි සමාගම් තුන අයත් හේලීස් වැවිලි සමාගම විසින් සුවිශේෂී
කෘෂි දේශගුණික කලාප තුනක් පුරා පැතිරී ඇති හෙක්ටයාර 26 ක පමණ භූමි
ප‍්‍රමාණයකින් යුත් තේ සහ රබර් වතු 60 ක හිමිකාරිත්වය දරයි.
තේ සහ රබර් කර්මාන්තයේ පුරෝගාමී හේලීස් වැවිලි සමාගම යනු මානව ප‍්‍රාග්ධන
කළමනාකරණය, පරිසර හිතකාමීත්වය, ජනතාව සවිබල ගැන්වීම සහ සදාචාරාත්මක
ව්‍යාපාරික ප‍්‍රමිතීන් පිළිබඳ ලොව වඩාත්ම ගෞරවාන්විත සම්මාන සහ සහතික ලත්
තිරසාර වැවිලි සමාගමයි. අද වන විට හේලීස් වැවිලි සමාගම සේවකයින් 21,000 කට
වැඩි පිරිසකට සෘජු රැකියා ලබා දී ඇති අතර 140,000 කට වැඩි පිරිසක් සඳහා
රැකවරණය සපයයි.

හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන්
රාජදුරෙයි මහතා ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති එච්.ඊ. හිදෙකි මිසුකොෂි මහතාව අගයමින් තිළිණයක් පිරිනමයි
පේද්‍රෝ වතුයායේ තේ කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණි තානාපතිවරයා
පේද්‍රෝ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් තානාපතිවරයාව පිළිගන්නා
අයුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *