ශ්‍රී ලාංකීය සිනමා කෙත අස්වැද්දු සුමිත්‍රා පීරිස් මහත්මිය දැයෙන් සමුගනී.

(ඔමාලි සේනානායක)

නැසීගිය සිනමාවේදි ආචාර්ය ලෙස්ට ජේම්ස් පීරිස් මහතාගේ ආදරණිය බිරින්දෑ වූ ඇය මෙරට සිනමාවට දායකත්වය සැපයු පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසය ලියා තැබුවාය.

ගම්පෙරළිය , බක්මහ දීගේ, දෙලොවක් අතර, මඩොල් දූව, ගග අද්දර, අහසින් පොළොවට යන සිනමා කෘති සංස්කරණ දායකත්වයෙන්ද ගැහැණු ළමයි, ගග අද්දර, යහලු යෙහෙලි, මායා, සාගර ජලය මදි හැඩුවා ඔබ හින්දා, ලොකු දුව , දුවට මවක මිස, සක්මන් මලුව, යහලුවෝ යන චිත්‍රපට අධ්‍යක්ෂණයෙන්ද දායක වූ ඇය දෑස නිසා යන චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදී.

ඇය සිනමාවට කල මෙහෙවර වෙනුවෙන් මේ සියලු ච්ත්‍රපට දෙස් විදෙස් සම්මාන රාශියකින් පිදුම් ලැබීමට තරම් විශිෂ්ඨ ගනයේ ඒවා විය.එමෙන්ම කලාකීර්ති නාමයෙන්ද පිදුම් ලැබූ සුමිත්‍රා පීරීස් මහත්මිය 1990 දශකය අග භාගයේදි ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ශ්‍රී ලංකා තානාපති ධූරද හෙබවීය.

එමෙන්ම ඇය ලන්ඩන් චිත්‍රපට තාක්ෂන පාසලෙන් චිත්‍රපට අධ්‍යක්ෂනය සහ නිෂ්පාදනය පිළිබද ඩිප්ලෝමා දාරිනියක්ද විය.

මෙරට ප්‍රථම කාන්තා ච්ත්‍රපට සංස්කාරවරිය සහ සහාය අධ්‍යක්ෂකවරිය වූ ඇය සිනමාවට වෙසෙස් සේවය කොට ශ්‍රී ලාංකික සිනමාවට රන් සළකුණක් සටහන් කොට පසුගිය දින දිවි සැරියට සමු දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *