22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව ආයතන ප්‍රධානීන් පත්කෙරේ

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට හා පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සදහා නව ආයතන ප්‍රධානීන් පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (20) සිදුවිය. ඒ අනුව, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ටී.ඒ.ඩී.ඩබ් දයානන්ද මහතා පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙනුත් ,  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ  නිළධාරිනියක් වන කේ.එස්. ප්‍රේමචන්ද්‍ර මහත්මිය පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරිය වශයෙනුත් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගැනීම සිදු වූ අතර, එම අවස්ථාවේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ඉතා වගකීම් සහගත තනතුරු ද්විත්වයකට පත්වීම් ලැබූ නව ලේකම්වරයාට සහ ලේකම්වරියට සිය සුභාශිංසන එක් කරන බවත්, තනතුරේ වගකීම අවබෝධ කර ගනිමින් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් ය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz