SLT Training Centre සහ SLIM එක්ව විකිණුම් ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL
හි පුහුණු මධ්‍යස්ථානයවන SLT Training Centre (SLTTC), පසුගියදා ශ්‍රී ලංකාවේ
අලෙවිකරණය සම්බන්ධ ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා අලෙවිකරණ
ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) සමග ඓතිහාසික ගිවිසුමකට
අත්සන් තැබී ය. මෙරට විකිණුම් ක්ෂේත්‍රයේ ශ්‍රම බලකාය තවදුරටත් වැඩිදියුණු
කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම එකඟතාව අනුව, විකුණුම් කළමනාකරණය සම්බන්ධයෙන් උනන්දුවක්
දක්වන්නන්ට SLTTC හිදී ජාතික විකිණුම් කළමනාකරණ පාඨමාලාව (National
Diploma of Sales Management – NDSM) හැදෑරීමට අවස්ථාව ලැබේ. මාස නවයක්
පුරා දිවෙන මෙම පාඨමාලාවට ඩිජිටල් හා සමාජ විකුණුම්, ක්‍රමෝපායික විකුණුම්
කළමනාකරණය සහ විකුණුම් පුරෝකථනය; සැලසුම් කිරීම සහ අයවැයකරණය;
පුද්ගල සහ කාර්ය සාධන කළමනාකරණය කිරීම වැනි විෂය ඒකක ඇතුළත් වන
අතර, මේ සියල්ල, විකුණුම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන්ට තම වෘත්තීය
ජීවිතය තුළ අතිශයින් වැදගත් වේ.
SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා
අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා විසින් මෙම ගිවිසුමට
අත්සන් තබන ලදි. ඊට අමතරව SLT-MOBITEL නියෝජනය කරමින් එහි
සාමාන්‍යධිකාරී (කුසලතා සංවර්ධන) ජානක සිල්වා සහ සහකාර සාමාන්‍යාධිකාරී
(කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය) ආසිරි ඉන්දික යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා
අලෙවිකරණ ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/විධායක
අධ්‍යක්ෂ සනත් සේනානායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ව්‍යාපාර සංවර්ධන)
මිහිරිනී ෆොන්සේකා සහ කළමනාකරු (ආයතනික විකිණුම්) අසංග සෙනෙවිරත්න
යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක්වූහ.
SLT Training Centre ආරම්භ කරන ලද්දේ, පුහුණු වැඩසටහන් ඔස්සේ SLT-
MOBITEL හි මානව සම්පත් සංවර්ධනය කිරීමේ අරමුණිනි. එහෙත් මේ වනවිට
එම ආයතනය අභ්‍යන්තර හා බාහිර වෘත්තිකයන්, පෞද්ගලික හා රාජ්‍ය ආයතන
වල සේවකයන් සහ මහජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක පැතිරුණු පාඨමාලා
එකතුවක් පිරිනමන අතර, එම පාඨමාලා වල ගුණාත්මකභාවය වෙනුවෙන්
නිරන්තරයෙන් ඇගයීම්වලට ලක් වේ.

මේ වනවිට SLTTC ආයතනය තම දැනුම, සම්පත් සහ දීර්ඝ පළපුරුද්ද සමගින්
රටේ දැනුම් ආර්ථිකය වැඩිදියුණු කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරමින්
සිටී. එම ආයතනය ලොව පිළිගත් ආයතන සමග එක් වී, විදුලි කාර්මික ශිල්පය, ඉලෙක්ට්‍රොනික කාර්මික ශිල්පය සහ දුරකථන සන්නිවේදන තාක්ෂණය වැනි
ක්ෂේත්‍ර වලට අදාළව City & Guilds (UK) සහ Pearson (UK) තාක්ෂණික සහතික
පාඨමාලා සහ උසස් ජාතික ඩිප්ලෝමා වැනි පාඨමාලා පිරිනමයි.
එමෙන්ම SLTTC ආයතනය University of Hertfordshire සමග එක්වී තුන්-අවුරුදු
ඉංජිනේරු උපාධි පාඨමාලාවක් (BEng) ද හඳුන්වා දී ඇත. University of Hertfordshire
යනු ලොව විශිෂ්ටතම විශ්ව විද්‍යාල 1,000 අතරට ඇතුළත් විශ්ව විද්‍යාලයක්වන
අතර, දකුණු ආසියාව තුළ එම විශ්ව විද්‍යාලයේ BEng (Hons) Engineering පාඨමාලා
පිරිනැමීමේ බලය ඇති එකම ආයතනය වන්නේ SLTTC ආයතනයයි.
තමන් විසින්ම සැලසුම් කරන ලද, Outside Plant network, දත්ත සන්නිවේදනය,
තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය වැනි විෂයන්ට අයත් තෘතීයික හා
වෘත්තීය පාඨමාලා එකතුවක් ද SLTTC ආයතනය මේ වනවිට හඳුන්වා දී තිබේ.
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි ආයතනයක්
ලෙස, SLTTC තම පාඨමාලාවලදී හුදෙක් න්‍යායික දැනුම පමණක් නොව අවශ්‍ය
නිසි ප්‍රයෝගික පුහුණුව ද ලබාදෙයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 1980 අංක 41 දරන
පනත මගින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංස්ථාගත කරන ලද අතර, එම
ආයතනය 1970 වසරේ සිටම අලෙවිකරණ විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කරමින් එම
ක්ෂේත්‍රයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට දායක වෙමින් සිටී. එම ආයතනය, ලෝක
අලෙවිකරණ සංගමයේ සාමාජිකත්වය දරන ආසියා අලෙවිකරණ සම්මේලනයේ
දකුණු ආසියානු ලේකම් කාර්යාලය ලෙස ක්‍රියා කරයි. අලෙවිකරණය පිළිබඳ
වෘත්තීය සහතිකපත්‍ර පාඨමාලාව, අලෙවිකරණය පිළිබඳ පශ්චාත් උපාධි
ඩිප්ලෝමාව සහ විකුණුම් කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව වැනි,
අලෙවිකරණ ක්ෂේත්‍රයට අතිශයින් වැදගත් වන සුදුසුකම් පිරිනමන පාඨමාලා
රැසක් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේදී හැදෑරිය හැකි අතර, ඊට අමතරව
සමාගම් හා ආයතන සඳහා විශේෂයෙන් සැලසුම් කළ, සහතික මට්ටමේ සිට
ඩිප්ලෝමා මට්ටම දක්වා විහිදෙන පාඨමාලා එකතුවක් ද එම ආයතනය මගින්
පිරිනමනු ලබයි.

SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති නුවන් ගමගේ මහතා ගිවිසුම හුවමාරු කරගනිමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *