22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

SLT-MOBITEL වෙතින් 75 වන නිදහස් සංවත්සර පාපැදි සවාරියට අනුග්‍රහය

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 75
වන නිදහස් සංවත්සරය වෙනුවෙන් පවත්වන 2023 නිදහස් පාපැදි සවාරියට
අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වී සිටී.
ජනාධිපති ලේකම් කාර්යාලය, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම
සිව්දින තරගයට, දිවයිනේ ප්‍රමුඛතම පාපැදි ශූරයන් ඇතුළුව වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සියයකට අධික පිරිසක් සහභාගී වීමට නියමිත ය.
2023 ජනවාරි 31 දින යාපනයේ පේදුරු තුඩුවෙන් ආරම්භ වී, 2023 පෙබරවාරි 03 දින
මාතර දෙවුන්දර තුඩුවෙන් අවසන් වන මෙම පාපැදි සවාරිය මගින් ආවරණය වන මුළු
දුර ප්‍රමාණය කිලෝමීටර් 547.8 කි. දින හතරක කාලයක් තුළ අදියර හතරක් යටතේ
තරගය පැවැත්වෙන අතර, පළමු දිනයේදී පේදුරු තුඩුවේ සිට මැදවච්චිය දක්වාද, දෙවැනි
දිනයේදී මැදවච්චියේ සිට මහියංගණය දක්වාද, තුන්වැනි දිනයේදී මහියංගණයේ සිට
වැල්ලවාය දක්වාද, අවසන් දිනයේදී වැල්ලවායේ සිට මාතර දක්වාද තරගය පැවැත්වේ.
සෑම දිනකම පළමුවැනියා ලෙස තරගය අවසන් කරන පාපැදිකරුට කහ පැහැති
ජර්සියක්ද, ස්ප්‍රින්ට් කාණ්ඩයේ පළමුවැනියාට කොළ පැහැති ජර්සියක්ද හිමිවන අතර, 23
න් පහළ කාණ්ඩයේ දක්ෂතම පාපැදිකරුට සුදු පැහැති ජර්සියක් හිමිවනු ඇත.
75 වන නිදහස් සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන මෙම තරගය සඳහා අනුග්‍රහය
දැක්වීම, රටේ දක්ෂයින්ට අත්වැලක් වීමට මෙන්ම ප්‍රජාවන් එකිනෙකා සමග සම්බන්ධ
කිරීමට SLT-MOBITEL දක්වන කැපවීම පිළිබිඹු කරයි. පාපැදි තරග යනු ශ්‍රී ලංකාවේ
විශාල ජනප්‍රියත්වයක් හිමි ක්‍රීඩාවක් වන අතර, විවිධ තරාතිරම් වලට අයත්
ප්‍රේක්ෂකයන් රැසක් ඒ වටා රොක්වී සිටිති. 2023 නිදහස් පාපැදි සවාරියට අනුග්‍රහය
දැක්වීම මගින්, තරගකරුවන් සහ ප්‍රේක්ෂකයන් යන දෙපාර්ශ්වයටම සුවිශේෂී
අත්දැකීමක් තිළිණ කිරීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz