සමගි ජන බලවේගය රට ගොඩනැගීමේ ආර්ථික ඉදිරි දැක්ම එළි දක්වයි

ශ්‍රී ලංකාව ලෝකයට එකතු කරමින් ධනය උත්පාදනය කරන බව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි

මෙහි මුල් සැලසුම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ
ද සිල්වා විසින් 2022 අගෝස්තු 12 වන දින පාර්ලිමේන්තුවේ ප්‍රකාශයට පත්කර
සභාගත කරන ලදී. ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ
ආර්ථික ප්‍රතිපත්ති කණ්ඩායම විසින් සම්පාදනය කළ මෙම සැලසුම වර්තමාන
ආර්ථික අර්බුදයට ගැලපෙන පරිදි තවදුරටත් යාවත්කාලීන කරමින් එහි දීර්ඝ
ප්‍රකාශනයක් ලෙස යළි එළි දක්වා තිබේ. මෙම සැලසුම මගින් රට ගොඩනැගීම
සඳහා කරුණු 10 කින් සමන්විත වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාව ගෝලීය නිෂ්පාදන ජාලා සමග සම්බන්ධ කරමින් වැඩි වැඩියෙන් ධනය
උත්පාදනය කිරීමටත් එම ධනය තුළින් ශ්‍රී ලංකාව ආර්ථික, සාමාජීය සහ
සංස්කෘතික වශයෙන් ගොඩනැගීමටත් මෙම සැලසුම මගින් අපේක්ෂා කරයි. කුඩා
දූපත් වන ශ්‍රී ලංකාවේ ජනගහනය මෙන් කිහිප ගුණයක වෙළෙඳපොළවල්
ලංකාවට ඔබ්බෙන් පවතී. එම වෙළෙඳපොළවල අති මහත් ධනයක් ඒකරාශී වී ඇත.
මහා සාගරයෙන් දිය දෝතක් ගන්නා සේ මේ ගෝලීය වෙළෙඳපොළින් අපගේ
කොටස තරගකර ලබාගැනීම මෙම සැලසුමේ මූලික හරයයි. ඒ වෙනුවෙන් අපගේ
අධ්‍යාපනය, ශ්‍රම බලකාය, යටිතල පහසුකම්, රාජ්‍ය සේවය ඇතුළු බොහෝ
ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමටත් වැඩි වැඩි වශයෙන් විදේශ වෙළෙඳ ගිවිසුම්
හරහා ලෝකය සමග එකතුවීමටත් මෙම සැලසුමෙන් අපේක්ෂා කර තිබේ.

මේ ආකාරයෙන් උත්පාදනය කරගන්නා ධනයෙන් සැලකිය යුතු කොටසක් මෙරට
දුප්පත් ජනතාවට නිසි ලෙස ගලායන සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමද
මෙම සැලසුමෙන් අනාවරණය කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් සමගි ජන
බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹ පැවති
උත්සවයේදී මෙසේ අදහස් දැක්වීය.
“අපි ලෝකයත් එක්ක එකතුවෙලා ඉහළ ධන උත්පාදනයක් කිරීමට මෙම සැලසුමෙන්
අපේක්ෂා කරනවා. මේක අපි කරන්නේ අභිමානයෙන් යුතුව. ඉහළ
තරගකාරීත්වයෙන් යුතු තාක්ෂණයෙන් ඉහළ භාණ්ඩ හා සේවා ලෝකයට ඉදිරිපත්
කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් අපගෙන් ගිලිහුණු අභිමානය අපි
ක්‍රමානුකූලව ආයෙත් ලබාගන්නවා. ඒ වගේම, මේ විදිහට උපයා ගන්නා ධනයෙන්
කොටසක් මනුස්සකමින් සමාජයේ දුප්පත් ජනතාව වෙත අපි සාධාරණ විදිහට බෙදා
හරිනවා. අපි ක්‍රමානුකූලව ඒ ජනතාව දුප්පත් කමින් ගලවා ගැනීමටත් මෙමගින්
සැලසුම් කර තිබෙනවා. “
මෙම සැලසුම විනිවිදභාවය සහ වගවීම, ණය අර්බුදය කළමණාකරණය, මූල්‍ය
සහ විනිමය අනුපාතික ප්‍රතිපත්තිය, ආදායම් ස්ථාවර කිරීම, වියදම් පාලනය,
වෙළඳාම, කර්මාන්ත, කෘෂිකර්මය සහ සේවා ප්‍රවර්ධනය, රාජ්‍ය අංශය
කළමනාකරණය සහ ඩිජිටල්කරණය කිරීම, බලශක්තිය සහ මහජන උපයෝගිතා,
නිෂ්පාදන සාධක වෙළඳපොළ ප්‍රතිසංස්කරණ, සමාජ සාධාරණත්වය තහවුරු
කිරීම, ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලය සහ පොදු යටිතල පහසුකම් යන අංශ 10
යටතේ ඉදිරිපත් කර ඇත. මෙම අංශ යටතේ එම ක්ෂේත්‍රයන් වෙනුවෙන් ඉදිරියේදී
සිදුකිරීමට සැලසුම් කර තිබෙන වැඩසටහන් එකින් එක සවිස්තරාත්මකව මෙම
සැලසුම මගින් හෙළිකර තිබේ.
මෙම ආර්ථික ඉදිරි දැක්ම මගින් සමාජ වෙ‍ෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය
තබා තිබෙන අතර එය පුද්ගල නිදහස හා ස්වාධීනත්වය තහවුරු කරන ආර්ථික
ලිබරල්වාදය හා සාධාරණත්වය හා යුක්තිය තහවුරු කරන දේශපාලන නිදහසේ
මුහුවකි. දීර්ඝ කාලීන ‍තිරසාර සංවර්ධනය ලඟා කර ගැනීමට සෑම පුරවැසියෙකුටම ඒ
සඳහා අවස්ථාව ලබාදීම මෙමගින් අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ පිළිකාවන් මෙන් ඔඩු දුවා තිබෙන වංචා හා දූෂණ අවම කිරීමට
පැහැදිලි වැඩපිළිවෙලක් මෙමගින් යෝජනා කර තිබෙන අතර එයට අල්ලස් සහ
දූෂණ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ස්වාධීන කොමිෂන් සභා නැවත බලාත්මක
කිරීම, සොරාගත් වත්කම් සොයාගැනීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා නීතිමය

රාමුව ශක්තිමත් කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දූෂණ විරෝධී සම්මුතියට
එකඟවීම, ස්වාධීන දූෂණ විරෝධී ආයතනයක් ඇතිකිරීම ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *