ත්‍රිකලා සමඟ 2023 අවුරුදු කුමර කුමරියෝ

Top Models By Thrikala Dharani Thrikala Dharani සංවිධානය කරන 2023 අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟයේ පළමු ආදියර පසුගියදා නවලෝක ශාලාවේදී සිදු විය
තරඟාවලියේ පළමු වටය සදහා තරඟකරුවන් සහ තරඟකාරිනියන් 100 කට අධික පිරිසක් සහභාගී වූ අතර එයින් 30දෙනෙක් දෙවන වටයට ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ විනිශ්චයෙන් තේරී පත් විය. විනිශ්චයන් සඳහා ත්‍රිකලා ධරණී, එම සමාගමේ අධ්‍යක්‍ෂක ඉනෝක් පෙරේරා, ප්‍රවීණ මාධ්‍යවේදී සුරත මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා අශන්ති වරුණසුරිය,
රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රවීණ කාවින්ද ලෙස්ලි, සනිත් ප්‍රනාන්දු, අවුරුදු කුමරියක් ලෙස අභිෂේක ලැබූ නදී ගයත්‍රී යන ප්‍රවීණයන් මේ සඳහා සිය දායකත්වය ලබා දී ඇත.

එළඹෙන සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කරගෙන අවසන් මහා තරඟය මාර්තු මස පැවැත්වීමට නියමිත අතර අවුරුදු කුමරිය සහ කුමරිය පළමු දෙවන තෙවන ස්ථාන වලට ලක්ෂයක්, හැත්තෑපන්දහසක්, විසිපන්දහසක් ලෙස මුදල් තෑගී සහ තවත් තෑගි රැසක් ජයග්‍රාහකයන්ට ලබා දීමට නියමිතය.

ජයාරූප – මලික් පූර්ණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *