දේශපාලන ලෝකය උණුසුම් කල ප්‍රවෘත්ති

අගමැති උමා ඔයේ පතුලට…
ඉකුත් සතියේ උමාඔය නිරීක්ෂණ චාරිකාවකට අග්‍රමාත්‍යවරයා සහභාගි වූයේය. අග්‍රාමාත්‍යවරයාට උමගේ පතුලටම ගමන් කිරීමට අවශ්‍ය වුවත් ආරක්ෂක අංශ ඊට දැඩි විරෝධයක් දැක්විය. ඒ විරෝධතා නොතකා අග්‍රාමාත්‍යවරයා උමගේ ගමන් කිරීමට අවශ්‍ය බව සඳහන් කළ විට ව්‍යාපෘති භාර නිලධාරිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවට පැමිණියේය.
” ඇත්තටම මේ ගමනේ අවදානමක් තියෙනවා. උමගට පොම්පයක් මගින් ඔක්සිජන් ලබා දෙනවා.කුමන හේතුවක් මත හෝ ඔක්සිජන් ලබා දෙන පොම්පෙ අවහිරතාවයක් ඇති වුනොත් විශාල පිරිසකට උමග ඇතුලේ වැඩි වෙලාවක් ඉන්න බැහැ. හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන නිසා ඉතා ඉක්මනින් උමගින් ඉවත් කරගන්න සිද්ධ වෙනවා.”
එහෙත් අග්‍රමාත්‍යවරයා කලබල නොවී ය.
” මං හිතන්නේ ඒ අවධානමට අපි මුහුණ දුන්නට කමක් නෑ. ” කී අග්‍රාමාත්‍යවරයා  උමග නිරීක්ෂණය කිරීම සඳහා එක් වූයේය. මිනිත්තු 30 කටත් වැඩි කාලයක් අග්‍රමාත්‍යවරයා උමග නිරීක්ෂණයේ යෙදී සිටිඅතර  ආරක්ෂක නිලධාරීන් වරින් වර “අපි දැන් පිටත් උනොත් හොඳයි ” කියමින් අනතුරු ඇඟවීම් කලේය.
අනතුරු ඇඟවීම් කනකට නොගත් අගමැතිවරයා ව්‍යාපෘති නිලධාරීන් ගෙන් තොරතුරු විමසමින් සැහැල්ලුවෙන් සිටියේය.

සත්‍යක් වුනු නඩේෂන් ගේ අනාවැකිය ……..

ඉන්දියාවේ පුවාසි භාරතී සම්මානයෙන් පිදුම්ලැබූ කුමාර් නඩේෂන් මහතා ට උපහාර දැක්වීමේ උත්සවයක්
ඉන්දියා ශ්‍රී ලංකා සමාජය  විසින් සංවිධානය කර තිබුණේ ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.
“ගිය අවුරුද්දේ ජනවාරි වලදී මේ සමාජයට මාව හඳුන්වලා දුන්නේ කුමාර් නඩේසන් මහතා ඉන්දියා  ශ්‍රී ලංකා සමාජය පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.
” අද මට හිතෙනවා නඩේෂන් කියන්නේ අනාවැකි පළ කළ හැකි පුද්ගලයෙක් කියලා. එදා මාව මේ සමාජයට හඳුන්වා දෙන වෙලාවේ ඔබතුමා ඇමති ධූරය ක විතරක් නතර වෙන්නේ නෑ. තව ඉහළට යනවා කියලා  කඩේෂන් අනාවැකිය කුත් කිව්වා.” අගමැතිවරයා  සිනාසෙමින් ” මම එදා ඇමති අද අගමැති” කීය.
අගමැතිවරයා වාඩිගෙන හුන් අසුනට යාබද අසුනට පැමිණි නඩේෂන් මහතා අගමැතිවරයාගේ කනට කර රහසින් යමක් කීය.
” තවත් ඉහළට යනවා කියලා අනාවැකියක් ද දන්නෑ ඔය කියන්නෙ” එදෙස බලා සිටි මාධ්‍යවේදීන් කතා වූයේය.

දෙමස්සිනෝ විරසකය…

සිංහල සාහිත්‍යය පෝෂණය කිරීමට සිය දායකත්වය දැක්වූ පරිපාලන සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ සුනිල් සරත් පෙරේරා විසින් රචිත මතක නිම්නය ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය පසුගියදා (20) ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ හා සුනිල් සරත් පෙරේරා දෙමස්සිනෝ ය. සුනිල් සරත් පෙරේරාගේ නැඟණිය විවාහ වී සිටින්නේ හඩ්සන් සමරසිංහ සමගයි. දෙමස්සිනෝ එතරම් මිත්‍ර නැත. සංස්ථාවේ සභාපතිවරයා ලෙස හඩ්සන් සමරසිංහ කළ කථාවේ කොතැනකවත් සුනිල් සරත් පෙරේරා හෝ මතක නිම්නය පිළිබඳව සඳහන් නොවීය.
” දෙන්නගෙ වලිය තවම ඉවර නෑ වගේ” අතරින් පතර කසුකුසුවක් නැගිනි.

ලංකාවට සතුටක් වූ  කොරියාවේ සන්තුශ්…..
අගමැතිවරයා හා කොරියානු ජනාධිපතිවරයා ගේ දේශපාලන සම්බන්ධතා පිළිබඳ ජේෂ්ඨ ලේකම් ලී ජින් බොක් මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.
එහිදී ලී ජින් බොක් මෙරට සිටින කොරියානු තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හඳුන්වා දුන්නේ  ” මේ අපේ තානාපති සන්තෝශ්” කියමිනි.
“එතුමා අපේ සන්තෝෂයයි. කොරියානු රැකියා අවස්ථා ලබා ගැනීමේදීත්, කොරියන් ආයෝජන  අපේ රටට ලබා ගැනීමටත් එතුමා අපට සහය වෙනවා. එතුමා අපිට සන්තෝෂයක්” යි  තානාපති සන්තෝශ් මහතාට අත දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *