රිට්ස්බරි වෙතින් පාසල් හොකී ක්‍රීඩාව සවිබලගැන්වේ

රිට්ස්බරි ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය, මෙවරත් ‘Ritzbury
-Thomians’ Schools Hockey 7s තරගාවලිය සඳහා පුර්ණ අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී සිටී.
මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හොකී
සංගමය විසිනි.
තරගාවලිය පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය Hockey ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර
දිස්ත්‍රික් මට්ටමින් ඉහළම දක්ෂතා දැක්වූ පාසල් 22 ක සිසුන් 220 කට අධික පිරිසක් එහිදී ඒ. ජේ.
විජේසිංහ අනුස්මරණ අභියෝග කුසලානය සඳහා තරග වදින ලදී.
මෙහි අවසන් තරගය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝෂියස් විද්‍යාලය අතර
පැවති අතර ශුරතාවය දිනා ගැනීමට කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් විය. මෙහිදී කිංග්ස්වුඩ් විද්‍යාලයේ ජනිදු
හර්ෂණ ශුරතාවලියේ හොදම දැල් රකින්නා ලෙස නම් කෙරුනු අතර ඇලෝෂියස් විද්‍යාලයේ කුෂාන්
රත්නසුරිය හොදම ක්‍රීඩකයා ලෙස නම් කරන ලදී.
ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, හොකී ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලබාදෙන
මෙම අනුග්‍රාහකත්වය ඔස්සේ ‘Ritzbury -Thomians’ Schools Hockey 7s තරගාවලිය සාර්ථක
කරගැනීමට දායක වන අතරම, ඉදිරියේදී එය මුළුමහත් ශ්‍රී ලංකාවේම පාසල් සිසු සිසුවියන් අතර
ජනප්‍රියම ක්‍රීඩාවක් බවට පත්වනු ඇතැයි රිස්ට්බරි අපේක්ෂා කරයි.
හොකී ක්‍රීඩාවට අමතරව Super 16 Junior Rugby Carnival, Ritzbury Sir John Tarbert
Athletics Championship, Vidudaya Ritzbury Swimming Championship, Ritzbury Junior
National Squash Championship, Ritzbury Junior National Rugby Carnival සහ SLTA
Tennis Tens All Island School Kids TennisPlay Day වැනි තරගාවලි රාශියකටද රිට්ස්බරි සිය
අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ. රටේ තරුණ පරපුර අතර ක්‍රීඩා කුසලතා නැංවීමේ අරමුණින්
රිස්ට්බරි අඛණ්ඩව මෙම මෙහෙවරට උරදෙමින් සිටී.

ඡායාරූපය: (වමේ සිට) රිට්ස්බරි කාණ්ඩ කළමනාකරු අරුණ ලියනපතිරණ මහතා, සාමාන්‍යාධිකාරී
(අලෙවි) නිලුපුල් ද සිල්වා මහතා සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය හොකී සංගමයේ
සභාපති ලලිත් කරුණාදාස මහතා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *