ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වේගයෙන්ම වර්ධනය වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අනාගත දැක්ම සහ සැලසුම් ඉදිරිපත් කරයි

ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්
පසුගියදා කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයේදී එහි සමාරම්භක ආයෝජක සමුළුව පවත්වනු
ලැබීය. සොෆ්ලොජික් ලයිෆ්හි ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයන්ට හා කොටස්
හිමියන්ට සමාගමේ මෙහෙයුම්, මූල්‍ය කාර්ය සාධනය, වර්ධන ක‍්‍රමෝපායන් හා අනාගත
සැලසුම් පිළිබඳව එක්ව සාකච්ඡා කිරීම සඳහා මෙය කදිම අවස්ථාවක් විය.


සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා, නියෝජ්‍ය
ප‍්‍රධාන විධායක නිලධාරී ඉන්දු ආටිගල මහතා සහ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන්
විතානගේ මහතා ඇතුළු නායකත්ව කණ්ඩායමේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම
විශේෂ අවස්ථාවේදී ඔවුන් විසින් සමාගම සමඟ දැනට කටයුතු කරන හා ඉදිරියේදී
සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් සමඟ අදහස් බෙදා ගන්නා ලදී.
සොෆ්ට්ලොජික් ලයිෆ් නිරන්තරයෙන් ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ සීමාවන්ගෙන්
ඔබ්බට යමින් සමස්ත ක්ෂේත‍්‍රයට විශිෂ්ට ලෙස සිදු කළ කාර්යභාරය ඉස්මතු කරමින්
අභියෝගාත්මක කාලයන්හිදී සමාගම විසින් වාර්තා කළ ආකර්ෂණීය වර්ධනය පිළිබඳ
මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ලක් විය.


විනිවිදභාවය හා වගවීම වෙනුවෙන් සමාගමක් ලෙස ඇති වගකීම පිළිබඳව ඔවුන්
විශේෂයෙන් සිදු කරන කැපවීම පිළිබඳව අවධානය යොමු කළ සොෆ්ට්ලොජික් ලයිෆ්හි
කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘පසුගිය වසර කිහිපය තුළ ශ‍්‍රී
ලංකාවට මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වුණා. ඒ
නිසාම මෙරට ව්‍යාපාරයන්ට ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ නැවත ඇගයීමට හා නැවත
සිතා බැලීමට සිදු වුණා. සොෆ්ට්ලොජික් ලයිෆ් අපි කවදත් සමාගමක් ලෙස
බලාපොරොත්තු වූයේ මුලූමනින්ම පරිවර්තනීය හා වර්ධනීය අනාගතයක්. ඒ මන්දයත්
එයින් අපට ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ගැටළුකාරී තත්වයන්ගෙන් මිදීමට සමාජයටත්
රුකුලක් වෙමින් වර්ධනයේ මීළඟ අදියර කරා ගමන් කරන්නට අපගේ ව්‍යාපාරික
අපේක්ෂාවන් පිළිබද ආවර්ජනය කිරීම හා ඒ පිළිබඳව මනාව සන්නිවේදනය කිරීම සඳහා තවත් එක් පියවරක් ලෙස මේ වසරේ ප‍්‍රථම ආයෝජක සංසදය පෙන්වා දිය හැකියි. එහිදී අප සමඟ ආයෝජනය කරනු ලබන ප‍්‍රජාවගේ දිගු කාලීන සාර්ථකත්වය වෙනුවෙන් අප සිදු කරන කැපවීම පෙන්වා දෙමින් විවිධ අදහස් පිළිබඳ දැන ගැනීමටත්, ඔවුන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමටත් මේ තුළින් අවකාශ උදා විය’’ යනුවෙන් සදහන් කරන ලදී.
ක්ෂේත‍්‍රයේ වර්ධනයට බාධාවක් වන සාර්වආර්ථික (Macroeconomic) අභියෝග මධ්‍යයේ
වුවද, ක්ෂේත‍්‍රයේ වඩාත් පිළිගත් කර්මාන්ත අභිබවා යමින් අර්බුදකාරී ව්‍යාපාර
පරිසරයක් තුළ පවා අඛණ්ඩ ඉහළ කාර්ය සාධනයක් වාර්තා කිරීමට සොෆ්ට්ලොජික්
ලයිෆ් සමත් විය. සමස්ත ක්ෂේත‍්‍රයට දළ වාරික ආදායමෙහි 14%ක 10 වසරක සංයුක්ත
වාර්ෂික වර්ධනයක් වාර්තා කරන විට සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 මූල්‍ය වර්ෂය තුළ දළ
වාරික ආදායමෙහි 28%ක වර්ධන අනුපාතයක් (CAGR) වාර්තා කිරීමට සමත් වීම
විශේෂත්වයකි. තවද එම සමාලෝචිත කාල සීමාව තුළ පෙර වසරට සාපේක්ෂව
සමාගමේ ආදායමෙහි 15%ක ඉහළ වර්ධනයක් සම`ගින් රුපියල් බිලියන 23ක දළ වාරික
ආදායමක් (GWP) සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් වාර්තා කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක
නිලධාරී ඉන්දු ආටිගල මහතා පවසා සිටියේ ‘‘සුවිශේෂී සන්ධිස්ථාන රැසක් ජය ගැනීමට
සමත්ව සිටින සොෆ්ට්ලොජික් ලයිෆ්හි මෙම ආයෝජක සංසදය තුළින් අපගේ වටිනා
කොටස් හිමියන් සම්බන්ධයෙන් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මනාව පිළිබිඹු වනවා.
අපගේ ශක්තිමත් බෙදා හැරීම් ජාලය සමඟ උපායමාර්ගික දැක්ම හා නිෂ්පාදන
සංවර්ධනය වෙනුවෙන් අප ගනු ලබන නව ප‍්‍රවේශයන් රට පුරා විසිරී සිටින
ගනුදෙනුකරුවන් වෙත ළඟා වෙමින් ඔවුන් වෙත සේවාවන් සපයාදීමට සුවිසල්
අවස්ථාවක් නිර්මාණය කර තිබෙනවා. මෙරට දෙවන විශාලතම ජීවිත රක්ෂණ සමාගම
ලෙස ඉදිරියට පැමිණෙමින් දුෂ්කර වාතාවරණයන් තුළින් ශක්තිමත් වීමට අපට හැකි
වුණා. ඒ සාර්ථකත්වය වෙනුවෙන් අපගේ කාණ්ඩායම මෙන්ම අප සමඟ නිරන්තරයෙන්
කටයුතු කරන පාරිභෝගිකයින් විසින් සිදු කරන ලද විශිෂ්ට කාර්යය භාරය හේතු වූ
බව මෙහිදී සඳහන් කළ යුතුයි. ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් වඩා හොඳ සේවාවක් ඉටු
කිරීම ස`දහා දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපි කැපවී
කටයුතු කරනවා’’ යනුවෙනි.

සමාගම හානි පූරණ සඳහා වෙන්කළ ප‍්‍රතිපාදන ලබා දීමෙන් පසු 25% ක සැලකිය යුතු
ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතයක් (Return on Equity) සහ කොටසකට රුපියල් 7.15ක
ඉපැයීමක් 2022 වර්ෂය සඳහා වාර්තා කර ඇත. එමෙන්ම 2022 වර්ෂය සඳහා
පුනරාවර්තන කොටසක් මත ඉපැයීම (Recurring Earning Per Share) අගය රු. 5.61 සිට
රු.12.85 දක්වා වර්ධනය වීමද කැපී පෙනෙන කරුණකි.
මෙහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ
මහතා ‘‘අපගේ පළමු ආයෝජක සමුලූව සාර්ථක ආකාරයෙන් අවසන් කිරීමට ලැබීම
පිළිබඳව ඉතාමත් සතුටුයි. ආයෝජකයන් සම`ග සම්බන්ධ වීමට මෙම සංසදය අපට
අගනා අවස්ථාවක් ලබා දුන් අතර අපගේ ව්‍යාපාරය පිළිබඳ නිවැරදි, විස්තීරණ හා
සංෂිප්ත දැක්මක් පාර්ශවකරුවන් වෙතද ලබා දීමට අගනා අවස්ථාවක් බව සඳහන් කළ
හැකිය. ලාභදායීත්වය, පිරිවැය කළමනාකරණය හා අවදානම් හඳුනාගැනීම කෙරෙහි
අපගේ අවධානය යොමු වී ඇති බැවින් සියලූ ආකාරයේ සාර්වආර්ථික (Macroeconomic)
අභියෝගයන්ට විශිෂ්ට ලෙස මුහුණ දීමේ හැකියාව අපට ලැබී ඇත. අප හැමවිටම
තිරසාර වර්ධන අවස්ථා හඹා යමින් අපගේ කොටස් හිමියන් වෙත දිගුකාලීන වටිනාකම්
එක් කිරීමට නිරන්තරයෙන් කැපවී කටයුතු කරනවා’’ යනුවෙන් පැවසීය.
ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතීන් ඉදිරියට ගෙන යන ප‍්‍රමුඛයකු ලෙස කටයුතු කරන
සොෆ්ට්ලොජික් ලයිෆ් සිය වෙළෙඳපොල කොටස අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් කොටස්
හිමියන් වෙත දිගුකාලීන වටිනාකම් ලබා දීමට කැපවී කටයුතු කරනුයේ
ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා ද ප‍්‍රමුඛත්වයක් ලබා දෙමිනි. ශක්තිමත්
නායකත්ව කණ්ඩායමකින් මෙන්ම තිරසාර වර්ධනයකට අවැසි සුපැහැදිලි උපාය
මාර්ගයකින් සන්නද්ධ සොෆ්ට්ලොජික් ලයිෆ් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ට හා වර්ධනීය ජීවිත
රක්ෂණ වෙළෙඳපොල විසින් ඉදිරිපත් කරන ලද අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීම
වෙනුවෙන් මනාව සූදානමින් සිටියි.

සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සී යනු සොෆ්ට්ලොජික් කැපිටල් පී එල් සීහි
අනුබද්ධිත ආයතනයක් වන අතර එය සෞඛ්‍ය,වෙළෙ`ද, තොරතුරු හා සන්නිවේදන
තාක්ෂණ, හෝටල්, රථ වාහන හා මූල්‍ය සේවා යන අංශයන් සම්බන්ධයෙන් උනන්දුවක්
දක්වන ශ‍්‍රී ලංකාවේ වඩාත් විවිධාංගීකරණය වූ සහ සීඝ‍්‍රයෙන් වර්ධනය වන
සමාගමක් ලෙස පිළිගනු ලබයි. සමාගම සතු සැළකිය යුතු පාර්ශවකරුවන් අතර
ගෝලීය ආයෝජකයින් වන Leapfrog Investments විසින් ඩොලර් බිලියන 2කට වඩා
කළමනාකරණය කරන අතර ලෝකයේ වඩාත් පිළිගත් ආයෝජන සංවිධාන ඇතුළත්
ආයෝජක පදනමක් ඊට අයත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *