හිටපු කැබිනට් අමාත්‍යවරයකු,හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ
ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකුවූ දිවංගත රෙජී රණතුංග මහතාගේ 86 වන ජන්ම දින සැමරුම
මේ මස 22 වන සෙනසුරාදා පෙරවරු 9.00 ට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික
සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් උඩුගම්පොළ
පිහිටි නිවසේදී පැවැත්වේ.
එහිදී අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන්ට පොත්,පාසල් උපකරණ බෙදා දීම සහ තවත්
සැමරුම් උත්සව ගණනාවක්ම සංවිධානය කර තිබේ.
1937 අපේ‍්‍රල් මස 22 වන දින උඩුගම්පලදී උපත ලැබූ රෙජී රණතුංග මහතා මිනුවන්ගොඩ
නාලන්දා විදයාලයෙන්ද මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද, කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයෙන්ද
අධ්‍යාපනය හදාලේය. ඔහු රුමේනියානු ජනරජ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳව
උපාධිධාරියෙකි.
1962 වර්ශයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් රෙජී රණතුංග මහතා
මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1989 වර්ෂයේදීය. 1994 මැතිවරණයෙන් පසු
ප්‍රවාහන, පාරිසරික, වනිතා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ රෙජී රණතුංග
මහතා වරාය සංවර්ධන, පුනරුත්තාපන හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
සිවිල් ගුවන් සේවා, ආහාර හා අලෙවි සංවර්ධන කැබිනට් අමාත්යධූරයන්හිත් කටයුතු කර තිබේ.
ජාතික වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා ලෙසද රණතුංග මහතා කටයුතු කර ඇත.
නන්දනී රණතුංග මහත්මිය සමග විවාහවූ රෙජී රණතුංග මහතා දරුවන් සය දෙනෙකුගේ
පියෙකි. ඔහු වත්මන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක මෙන්ම නාගරික සංවර්ධන හා නිවාස
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍යවරයකු මෙන්ම හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය
අර්ජුන රණතුංග මහතාගේ ආදරණිය පියානන්ද වේ.