22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

“නැකතට පැළයක්” ජාතික රුක් රෝපණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන නවයාලතැන්නේදී

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර  අනුව අද දින (20)  පෙරවරු 6.38 ට යෙදී  තිබුණු පැළ සිටුවීමේ නැකත නිමිත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ ‘නැකතට  පැළයක්’ නමින් ජාතික රුක් රෝපණ ප්‍රධාන වැඩසටහක් සංවිධානය කර තිබූ අතර, එහි මධ්‍යම පළාත් වැඩසටහන නවයාලතැන්න  දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ආදර්ශ ගෙවත්තේ දී  පැවැත්විණි.

නැකත් වේලාවට පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය කොස් පැළයක් රෝපණය කරමින් එම වැඩසටහන ආරම්භ කළ අතර, පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද , පළාත් සභා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ජගත් අධිකාරි යන මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ  සිසුහු  ද පැළ රෝපණයට එක් වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz