22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 75 වන සංවත්සරයට සමගාමීව පාරම්පරික වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් SUNFO ජාත්‍යන්තර තරුණ කණ්ඩායම සංවිධානය කළ තිරසර සංවර්ධනය සදහා අන්තර්ජාතික සහයෝගිතා සමුළුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍

ලෝක  සෞඛ්‍ය සංවිධානයේ 75 වන සංවත්සරයට සමගාමීව පාරම්පරික වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීම අරමුණු කර ගනිමින් SUNFO ජාත්‍යන්තර තරුණ කණ්ඩායම සංවිධානය කළ තිරසර සංවර්ධනය සදහා අන්තර්ජාතික සහයෝගිතා සමුළුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ (23) පැවැත්විණි.

එම සංවිධානය විසින් ලෝක  සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් පරිදි පාරම්පරික වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීම සදහා ඉන්දියාව මුලික කර ගනිමින් G 20 රටවල සන්නාම තානාපතිවරුන් ලෙස තරුණ තරුණියන් 20 දෙනෙකු පත් කිරීම සිදු කළ අතර, එම සන්නාම තානාපතිවරුන්හට සහතික පත් ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍යතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකාව තුළ තුනකට දෙකකට අධික කාලයක් මහජනතාවට සිදු කළ මෙහෙවර උදෙසා ඉන්දියාවේ හයිද්‍රාබාද් මහජන සෞඛ්‍ය කවුන්සිලය විසින් පිරිනමනු ලබන දැක්මක් සහිත මහජන නායකත්වය උදෙසාවු සම්මානය එම මහජන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය වෛද්‍ය D.S. Sagra මහතා විසින් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙත පිළි ගැන්වීය.

එහිදී පැවති උත්සවය අමතමින් අදහස් දැක්වු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළේය.

දශක දෙකකට අධික කාලයක් සාර්ක් සංවිධානයේ කටයුතු අක්‍රීයව පවතින බැවින් දකුණු ආසියානු කලාපයේ සහයෝගිතාවය සංවර්ධනය උදෙසා එම සංවිධානයේ කටයුතු නැවත පණ ගන්වා සක්‍රීය තත්වයට පත් කිරීමට මැදිහත් වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් ඉල්ලා සිටින බවත්, ජාත්‍යන්තරවේදය වැනි විෂයන් පිළිබදව තරුණ තරුණියන්ට මනා අවබෝධයක් ලබා ගැනීමට මේ ආකාරයෙන් සන්නාම තානාපතිවරුන් ලෙස පත් කිරීම ඉතා වැදගත් වන අතර, තානාපති සේවය පිළිබදව තරුණ තරුණියන්ට අත්දැකීම් ලබා ගැනීමට මෙවැනි සන්නාම තානාපතිකම් වැදගත් වන බව ද අධිකරණ අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz