ජාතික රණවිරු දින සැමරුමට සමගාමී මධ්‍යම පළාත් රණවිරු දින සැමරුම මයිලපිටිය රණවිරු ස්මාරක පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) පැවැත්විය මෙම පළාත් රණවිරු උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු අධිකාරිය මෙහෙයවීමෙන් පවත්වන ලදී.
එහිදී නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ රණවිරුවන්ට පුෂ්පෝපාහාර දක්වමින් ගෞරවය පුද කිරීම මෙහිදී සිදු වූ අතර, සර්ව ආගමික වතාවත් වලට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහා ප්‍රකාශ කර සිටියේ පුරා දශක තුනක කාලයක් රට තුල ඇවිලී තිබූ යුද ගිනි නිවා දමා, ජාති, කුල ආගම් පසෙකලා සියලු දෙනාගේ සිත් සතන් වලට නිදහස උදාකර දෙමින් බියෙන් සැකයෙන් තොරව ජීවත්වීමට අවස්ථාව උදාකර දුන් විරුවන් වෙනුවෙන් කෘතගුණ දැක්වීම දිනයකට සීමා නොකළ යුතු බවත්, රණවිරු පවුල් ලෙස ලබන කීර්තිය ලබන්නට වෙනත් කිසිවකුට හෝ නොහැකි වන බවත් ය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ද ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලීසිය, රණවිරු අධිකාරිය ඇතුලු ආයතන රැසක නියෝජනයෙන් ද මෙම වැඩසටහන පැවැත්විය.