- රාජ්‍ය සේවකයෙකු ලෙස වරප්‍රසාද ලබනවා සේම තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කළ යුතු වෙනවා.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ බහු කාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු සේවකයින් වශයෙන් බදවා ගෙන අධිකරණ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුහුණුව ලැබු සේවකයින් සදහා කාර්යාල කාර්ය සේවයේ iii වන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්රදානය කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවය සදහා (08) පෙරවරුවේ එක්වෙමිනි.
අධිකරණ අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල හා දිවයින පුරා පිහිටි අධිකරණවල පවතින අත්‍යවශ්‍ය රාජකාරී පුරප්පාඩු සදහා සේවකයින් 257 දෙනෙකු රාජ්‍ය ප්‍රතිපත්ති අනුව බදවා ගෙන ඇත.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේද සදහන් කළේය.
රාජ්‍යමය වශයෙන්, ජාතික වශයෙන්, අධ්‍යාපනික වශයෙන් රට ඉදිරියට ගෙන යනවාද යන්න තීරණය කරනු ලබන ප්‍රධාන අමාත්‍යාංශයක් ලෙස අධිකරණ අමාත්‍යාංශයක් හදුන්වා දිය හැකියි. අධිකරණ අමාත්‍යාංශය තුළ රාජකාරී කටයුතු කිරිමේදී වෙනත් අමාත්‍යාංශවල වගේ රාජකාරී කරන්න බැහැ. අධිකරණවල කටයුතු කිරීමේදී අධිකරණ විනිසුරුවරුන්ගේ සිට පහළම නිලධාරීන් දක්වා ක්‍රියා කරන්නේ කුමන අකාරයට ද යන්න රටම බලා ගෙන ඉන්නවා. අධිකරණ පද්ධතියේ කුමන හෝ නිලධාරීයෙකු සුළු වරදක් කළත් එය ජනතාවට ලොකු වරදක් ලෙස පේනවා.
අධිකරණ අමාත්‍යාංශය රටේ නීති සකස් කරන , නීති ක්‍රියාත්මක කරන, යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය සදහා සෘජුමව මැදිහත් වන ආයතනයක් බව ඔබ වටහා ගත යුතුයි. ඒ නිසා අපි සියලු දෙනා සෙසු අමාත්‍යාංශවලට ආදර්ශයක් වන පරිදි රාජකාරී සිදු කිරීම වැදගත්. කිසිම අවස්ථාවක තමාටවත්, අධිකරණ අමාත්‍යාංශයටවත්, රාජ්‍ය සේවයටත් අගෞරවයක් හානියක් නොවන පරිදි කටයුතු කළ යුතුයි. ඔබ විසින් කිසියම් යම් වරදක් සිදු කලහොත් තමන්ගේ රාජකාරී ජීවිතයට මෙන්ම අධිකරණ අමාත්‍යාංශයටත් සිදු වන්නේ අගෞරවයක් බව වටහා ගත යුතු වෙනවා. රටේ ගරුත්වය ආරක්ෂා කිරීම සදහා අභිමානවත් සේවාවක් අධිකරණ සේවයේ සිටින සියලු දෙනා සිදු කළ යුතුයි.අද රටේ ආර්ථික වශයෙන් ගැටළු පවතින අවස්ථාවකදී වුවත් ඔබ රාජ්‍ය සේවය සදහා බදවා ගෙන තිබෙනවා. ඒ පවතින රාජකාරී අවශ්‍යතාවය අනුව බවට ඔබ වටහා ගත යුතුයි. රාජ්‍ය සේවකයෙකු ලෙස වරප්‍රසාද ලබනවා සේම ඔබට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කිරීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් අධිකරණ පද්ධතිය තුළ කටයුතු කරන සේවකයින් ලෙස ඔබ ජනතාව තුළ විශ්වාසය ඇති වන පරිදි වගකීමෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතු බව අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.
අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය, නීතිඥ අනුරාධ ජයරත්න මහතා ද මෙහිදි අදහස් පළ කළ අතර, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.