ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ ශ්‍රී සුධර්මා කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් එම නිකායේ අභිනව අධිකරණ සංඝනායක පදවියකට සහ ප්‍රධාන සංඝනායක පදවි තුනක් සදහා පත් කරන ලද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සදහා ශ්‍රී සන්නස් පත්‍ර හා නිල විජිනිපත් පිළි ගැන්වීමේ පුණ්‍ය උත්සවය ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අති පූජ්‍ය මහානායක ත්‍රිකුණාමලය, ගෝමරන්කඩවල, රංගිරි උල්පත මහා විහාරාධිපති, සිරි සද්ධම්මවංස, මහා මහෝපාධ්‍යාය, අහුන්ගල්ලේ සිරි ශීල විශුද්ධි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බලපිටිය, වැලිතර, මහා කප්පින සීමා මාළක මහා විහාරයේදී පසුගියදා පැවැත්විණි.
සබරගමුව හත් පත්තුවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්, රක්වාන, ශ්‍රී උභය තිලකාරාමාධිපති, සද්ධර්ම කිර්ති ශ්‍රී පුජ්‍ය පුස්සැල්ලේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහස්සේට නායක පදවි පිළිබදව නිල විජිනිපත පිළි ගැන්වීම ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ, ආචාර්ය, විජයදාස රාජපක්ෂ මැතිතුමා අතින් සිදු වු අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.
පුණ්‍ය උත්සවයේ පිළිගැනීමේ කථාව සහ නායක පදවි පිළිබදව අක්තපත්‍ර කියවීම ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ මහා ලේඛකාධිකාරී, බලපිටිය, වැලිතර, මහා කප්පින සීමා මාළක මහා විහාරාධිපති, අති පුජ්‍ය, දර්ශනපති, බලපිටියේ සිරි සීවලී නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කළහ.
ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අති පුජ්‍ය අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු නායක ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය, ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විශ්ව විද්‍යාල පාලක සභාවේ සභාපති, දේශමාන්‍ය, ධර්මසිරිද සිල්වා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සම්පත් අතුකෝරළ යන මහත්වරුන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පුණ්‍ය උත්සවය සදහා එක්ව සිටියහ.