22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

බදුල්ලේ ගිලන්රථ අනතුරින් දෙදෙනෙකුට තුවාල

බදුල්ල  බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ දී ඊයේ (28) පස්වරුවේ ගිලන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික  රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .

අනතුරින් තුවාල ලබා ඇත්තේ දියතලාව මූලික රෝහලේ ගිලන් රථ රියදුරෙකු යැයි පොලිසිය කීය.

දියතලාව රෝහලට අයත් මෙම ගිලන් රථය දියතලාව  සිට රෝගීන්  දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර  සදහා බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් එම රෝගීන් දෙදෙනා ආපසු රැගෙන දියතලාව  බලා ධාවනය වෙමින් තිබූ ගිලන් රථය ඉදිරියෙන් බදුල්ල දෙසට ධාවනය වූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

අනතුරින් ගිලන් රථය තුල සිටි රෝගීන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදු නොවූ අතර , ගිලන් රථය තුල සිටි රිය සහයක සහ උපස්ථායකට සුලු තුවාල සිදු වූ බවත් පොලිසිය සදහන් කළේය.

මෙම අනතුරින් ගිලන් රථය ට දැඩි ලෙස අලාභහානි වී විනාශ වී ඇත.

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කලුපහන මහතාගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසිය පරික්ෂණ පවත්වති.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz