22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ණය ප්‍රශස්තකරණ යෝජනා මුදල් කාරක සභාවේදී බහුතරයෙන් අනුමතයි

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා වන යෝජනා ක්‍රියාත්මක කිරීමට ඊයේ (30) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී බහුතර කැමැත්තෙන් අනුමත වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව අනුමැතිය ලැබුණේ ඊයේ දෙවැනි දිනටත් පැවති සාකච්ඡාවෙන් අනතුරුවය. මේ පිළිබඳ පළමු අදියරේදී මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමඟ පෙරේදා (29) සාකච්ඡාවක් පැවැත්විණි. සාකච්ඡාවේ දෙවැනි දිනයේදී මීට අදාළ බැංකු හා අනෙකුත් අරමුදල් හා ආයතන හිමියන්ද සාකච්ඡාවට කැඳවා තිබුණු අතර, මෙලෙස පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබිණි.

මේ අවස්ථාවට මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරකසභාවේ සාමාජික මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් සහභාගි වී සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz