22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කඩ කාමරයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

දොම්පේ පොලිස් වසමේ , ගිරිදර කඩකාමරක් තුල තිබී සැකකටයුතු ලෙස මිය ගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව දොම්පෙ පොලීසිය සඳහන් කරයි.

ඊයේ (14) දහවල් කාලයේ ගිරිදර හන්දිය ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ කාන්තාවක් මියගොස් ඇති බවට දොම්පේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මිය ගොස් සිටි තැනැත්තිය සතුව තිබූ බෑගයක , යතුරු පැදියක රක්ෂණ සහතිකයේ සදහන්ව තිබූ පරිදි අදාළ කාන්තාව වැල්ලවාය පදිංචි ලොකුසූරියගේ කල්‍යාණි නමැති 33 හැවිරිදි කාන්තාවක් බව අනාවරණය වී තිබෙයි.

මියගොස් සිටින කාන්තාව සහ පිරිමියෙකු සමඟ පසුගිය 13 වැනිදා ගිරිදර කඩකාමරය කුලියට ගෙන පදිංචිව සිට ඇති බව අනාවරණය වී තිබේ.

ඊට පසුදින කඩකාමරය පරීක්ෂා කිරීමේ දී අදාළ කාන්තාව මිය ගොස් ඇති බව කඩ කාමර හිමියා දැක තිබෙයි

මේ අනුව ඔහු පොලිසියට දැනුවත් කර ඇත

එමෙන්ම සිද්ධියෙන් පසු කාන්තාව සමග පැමිණි පුද්ගලයා අතුරුදන්වී තිබේ.

සිද්ධිය සම්බන්ධව දොම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මෘතශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz