22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අතුරුදහන් වූ පොලිස් නිළධාරියාගේ සිරුර හමුවෙයි

වැටලීමක් අතරතුරදී අතුරුදන්වූ පොලිස් නිලධාරියාගේ සිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ඊයේ (14) උදෑසන කිලිනොච්චිය පොලිස් වසමේ මලයාපුරම් වැව ආශ්‍රිත අයියන්කුලම් ඇළ අසළ නීති විරෝධීි මත්පැන් නිෂ්පාදනය කරන පවට ලද තොරතුරක් අනුව කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් එම ප්‍රදේශයට ගොස් වැටලීමක් සිදු කර ඇත

එම වැටලීමේ දී නීති විරෝදී මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා බැරල් කිහිපයක් සොයාගෙන ඇති අතර තවදුරටත් ඇළ ආශ්‍රිත සෝදිසි කිරීම සඳහා පොලිස් කොස්තාපල් 91499 චතුරංග නැමැති නිළධාරියා ඇළ පැත්තේ සිට අනෙක් පැත්තේ ප්‍රදේශයට පිහිනා ගොස් තිබෙයි.

නමුත් නැවත එම නිළධාරියාගෙන් තොරතුරක් නොලැබුණු නිසා අතුරුදහන්  වූ නිළධාරියා සෙවිම සඳහා යුද හමුදා,නාවික සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත

පසුව අද (15) මලයාලම්පුර ජාලාශයේ පාවෙමින් තිබිය දී නිළධාරියාගේ සිරුර සොයා ගෙන තිබෙයි.

මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පොලිස් කොස්තාපල් චතුරංග නමැති අයෙකි.

ඔහු කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවය කරමින් සිට තිබුණි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය ළඟම ඥාතීන්ට භාරදීමට කටයුතු කරන බව පොලීසිය ප්‍රකාශ කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz