22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හෙළ කලාකෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ ප්‍රතිභාපූර්ණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය සංවේගයට කරුණකි.  

සිනමාව, වේදිකාව, රූපවාහිනිය දිග්විජය කරමින් පරිනත සටහන් තැබූ ඔහු දැයට එක්කළ සංස්කෘතික දායාදයන් බොහෝය. පරිසර, ඉතිහාස, මාධ්‍ය ගවේෂණයේ නවමු ඉසව් සොයාගොස් ඒවා ජනතාවට සමීප කරමින් ජන මනස අවදි කොට සකල කලාවන්හී සාරයන් උකහා සමාජගත කළ හර පද්ධතීන් ඉතා වටී.  

විසල් පරාසයක අණසක පැතිර වූ ඔහු මතු පරපුරට අතු පොතක් බදු විය. ඔහුගේ අභාවය, හෙළ කලාවේ සෑම කුළකයකටම පිරිමැසිය නොහැකි පාඩුවක් හා පිරවිය නොහැකි රික්තයක් වනු ඇත.

ජැක්සන් ඇන්තනී මහතාගේ වියෝවෙන් ශෝකයට පත්, ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ, දූදරුවන් ඇතුළු ඥාති හිතමිත්‍රාදීන්, සහෝදර කලා ශිල්පීන් හා සහසම්බන්ධිත සැමට සංවේගය පළකරමි.

පිරිපුන් කලාවේදීයාණෙනි, ඔබට මොක් සුව පතමු. !

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz