Smart Country ජයගමු 2048 එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය

එක්සත් ජාතික පක්ෂ විශේෂ සම්මේලනය “Smart Country ජයගමු 2048” අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනි.

ස්මාර්ට් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ නගමින් රටේ ආර්ථිකය ඉහළට ඔසවා තැබීම තම අරමුණ බව මෙහිදී පැමිණි පිරිස අමතමින් පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ලබන වසරේ ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයද පවත්වා 2025 මුල් කාලයේ දි පළාත් සභා මැතිවරණයද පවත්වන බවද ජනාධිපතිවරයා සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *