22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇමරිකාවේ වෙඩි තැබීමකින් 16 ක් මරුට

අමෙරිකාවේ ලුවිස්ටන්, මේන් ප්‍රාන්තයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 16දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් 50ත් – 60ත් අතර ගණනක් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩිතැබීම සිදුකළ තුවක්කුකරු සොයා පොලිසිය මෙහෙයුම් සිදුකෙරේ.

මේ අතර වෙඩිතැබීම සිදුකළ සැකකරුගේ යැයි පැවසෙන ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කිරීමට ලුවිස්ටන් පොලීසිය කටයුතු කර තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ මේන් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු ප්‍රාන්තයේ නිවැසියන්ගෙන් ඉල්ලා සිටියේ දොරවල් අගුළු දමා නිවෙස්වල රැඳී සිටින ලෙසයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz